SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි...

ආයුබෝවන්! ඉතිං ඔන්න පුංචි සුභ ආරංචියක් කියන්නයි යන්නෙ. SETTdeco ~ එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය පිළිබඳ මෙවර 2011 ජූනි මස විජය පරිගණක සඟරාවෙ 17 වෙනි පිටුවෙ අලුත් වෙබ් සේවා පිටුවෙ පළ වෙලා තියෙනවා. ඉතිං මේක අපි කාටත් සතුටුදායක ආරංචියක් නේද? ඔන්න බලාගන්නකො විජය පරිගණක සඟරාවෙ පළ වෙලා තියෙන විස්තරය.



අපේ විකේතකය ගැන වැඩිදුර විස්තර පළ වෙලා නැතත් මෙය පළ කරලා තියෙන ආකාරය බලලා අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද දන්නවද එහෙම කියන්නෙ? අලුත් වෙබ් සේවා යටතේ පළ වෙලා තියෙන අනෙක් වෙබ් සේවා 2 පොඩ්ඩක් බලන්නකො. එකක් mspot නමින් හඳුන්වන mSpot, Inc. නම් ඇමරිකානු ආයතනයක් මඟින් සපයනු ලබන සේවාවක්. අනෙක් එක cooliris නමින් හඳුන්වන Cooliris, Inc. නම් ඇමරිකානු ආයතනයක් මඟින් සපයනු ලබන සේවාවක්. ඉතිං ඔය ඇමරිකානු ආයතන දෙක මඟින් ලබාදෙන වෙබ් සේවා දෙකත් එක්ක, ඒ හා සමානම පිටු ඉඩක තමයි අපේ මේ විකේතකය ගැන පළ කරලා තියෙන්නෙ. හුදෙක් නොමිල සේවාවන්ම පමණක් භාවිතා කරලා, නොමිලේම සේවය සපයන අපේ මේ පුංචි ලාංකීක නිර්මාණයට මේ වගේ තැනක් ලැබීම ගැන අන්තර්ජාලය තුළ සිංහල ප්‍රවර්ධනයට දායක වන අපි හැමෝන්ටම ගොඩක් සතුටු වෙන්න පුළුවන්.

ඉතිං ඔය සතුට බෙදා ගන්න ගමන්ම තව පුංචි නිවේදනයකුත් තියෙනවා කරන්න. මෙච්චර දවසක් 'SETT යුනිකේත විකේතකය' යන දීර්ඝ නාමයෙන් පැවති අපේ විකේතකයට ඔන්න දැන් පුංචි අලුත් නමක් එක් කරලා තියෙනවා. ඒ තමයි 'SETTdeco' (සෙට්ඩිකෝ) කියන නම. මේ අලුත් නම පබැ‍ඳෙන්නෙ අපේ මේ විකේතකයටම අනන්‍ය නිළ ලාංඡනයක් නිර්මාණය වීමත් සමඟයි. ඔය පහළින් තියෙන්නෙ SETTdeco යුනිකේත විකේතකයේ නව නිළ ලාංඡනය.



SETTdeco වෙබ් සේවාව සපයන අපේ වෙබ් අඩවියෙ වගේම ඔබේ අඩවියට හෝ බ්ලොගයට ඔබ ඇතුලත් කරගෙන ඇති SETTdeco විජෙට්ටුවෙ මින් ඉදිරියට මෙම නම සමඟ නිළ ලාංඡනය භාවිතා වේවි.

තව අපූරු පුංචි සිද්ධියකුත් තියෙනවා කියන්න. දන්නවද? අපේ මේ යුනිකේත විකේතකය දැන් වෙබ් සයිට් ප්‍රමෝට් කරගන්නත් යොදා ගන්නවා වගේ... හික්ස්! බලන්නකො පහළ screenshot එක.



ඉතිං ඔන්න ඕවා තමයි SETTdeco ගැන අලුත් ආරංචි. SETTdeco වෙබ් සේවාව මේ වන විට සිංහල/දෙමළ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි 672 කට සාඩම්බරයෙන් තම සේවාව නොමිලේ සපයන බවත් අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනෙ.



.

29 යි ප්‍රතිචාර

Deeps said...

ආඩම්බරයි මේ වගේ වැඩ කරන්න පුළුවන් දක්ෂයෝ සිටීම ගැන..ඒ වගේම සතුටුයි ඔවුන් මිතුරන් වීම..

ජය වේවා අයියේ..දිගටම කරගෙන යන්න...මගේ බ්ලොග් එකට නම් තාම එකතු කරගන්න බැරි වුනා මේක..තාම මගේ බ්ලොග් ටෙම්ප්ලේට් ටෙස්ටින්..ඉස්සරහට එකතු කරන්න හිතන් ඉන්නේ..

hare :-) said...

ධනික ඉතිං පුංචි සන්දියෙ ඉඳන් අර හැදෙන ගහේ සීන් එකේ හිටපු කොල්ලනේ... ඉදිරියටත් ලොකු ලොකු වැඩ කරන්න සුභ පැතුම්! සෙට් වලින් ප්‍රමෝට් කරගන්න එකත් හොඳයි. කිටද ඉතිං ආඩම්බර!

රොකියා | Udara said...

සුභ පතනවා ! ඉදිරියේදීත් මේවගේ වැඩ කිඩ බලාපොරොත්තු වෙනවා

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

නියමයි අයියේ.. ඇත්තටම ආඩම්බරයි.. සුභ පතනව අයියට ඉදිරියෙත් මේ වගේ වැඩ සාර්ථකව කරන්න ලැබෙන්න කියල.. :)

ධනික | Dhanika said...

@deeps
ගොඩක් කාලෙකට පස්සෙ නංගිව මේ පැත්තෙ දැක්කෙ. බොහොම ස්තූතියි නංගි!
හොඳයි හොඳයි... බ්ලොග් එක හරියට හදාගත්තම එකතු කරගන්නකො... :)

@hare :-)
හෙ හේ... "හැදෙන ගහේ සීන් එකේ හිටපු කොල්ලෙක්..."? ඒක නම් මාර නිර්වචනෙ. ;)
බොහෙම ස්තූතියි අයියෙ! ආඩම්බර ඉතිං සිංහලට ආදරේ කරන අපි හැමෝන්ටම තමයි!

@රොකියා | Udara
ස්තූතියි සහෝ!

@Yohan Kanishka | යොහාන් කණිෂ්ක
ස්තූතියි මල්ලි!

Anonymous said...

මල්ලියා,අප්පට සිරි......,ඔයාද මේ හපන්කම කලේ?එල කිරි මල්ලී..මගෙන් ආදර සුබ පැතුම්.තව තවත් නිර්මාන ලංකාවට දායක කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මමත් හදවතින්ම ප්‍රාර්තනා කරනවා..(මතකයිනේ මාව?)

CBTBlogger said...

හදවතින්ම සුභ පතනව ධනික අයියේ, මේ SETT යුනිකේත විකේතකය වගේම තව තවත් අලුත් දේවල් හදුන්වා දෙන්න පුලුවන්කම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව :)

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හැමදාම වගේ සුභපැතුම් !!! අළුත් ලෝගෝ එක ලස්සනයි සහෝ...

ප.ලි. - මේ මාසේ විජය පරිගණක සගරාව ගන්න මතක් කලාට බොහොම ස්තුතියි !!!

Unknown said...

සුභ පැතුම්!

C0de BlUe said...

නියමයි අයියා , බොක්කෙන්ම සුභ පැතුම් ...

මම මේ බෑලුවහම හිතුන තවත් එක් අංගහයක් තමයි දාන්න ඕනේ කියලා , දැන් සිංහල නෑ කියලා එනකොට , ඒ සමඟම javascript හරහම OS එකේ version එක අඳුනගෙන අදාල ස්ථාපනය කිරිමට අවශය ගොනුව කෙලින්ම භාගත කරගැනිමට ලින්ක් එක හෝ හෙල්ප් විස්තරයක් එක්ක (*උදා : සිංහල තමන්ගේ පරිගනකයට භාගත කරගෙන ඉන්ස්ටොල් කරන හෑටි විඩියෝ එකක් සමඟ) popup box එකක් හෝ යමක් පැමිනෙනවා නම් ඒක අලුතින් පැමිනනෙ නවකයන්නට පහසුවක් වෙනවා නේද ??? (*මම ගොඩක් දැකපු දෙයක් තමා සමහර අයට fb එකේ සිංහල තම පිසි එකට දමාගැනිමට කියලා දෙන්න යැයි ඇශු විට , භාගත කරගැනිමට ලින්කය දුන්නද , යුනිකොඩ් හරියට තම පරිගනකයේ සිතපිත කරගැනිමට නොහැකිව නැවත් නැවත් එම ප්‍රශ්ණ්යම අහනවා .. )

විජේට්ටුවේ කේතයේ සුලු වෙනසක් සිදු කිරිමෙන් මෙය ලබාගත් හැක ..

එහි වෙනස් කල කේත්ය උදා. ලෙස් ඔබේ අවධානට පිනිස පහත යොමු කර තිබේ ....

http://mysticpaste.com/view/9145

Dragon said...

නියමයි අයියේ. එල තමා!

Gayan99 said...

සුබ පැතුම් ! මේක අපි හැමෝටම සතුටුදායක ආරංචියක්. මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !

Nuwanga said...

නියමයි, තවත් sett දියුණු කරන්න. New symbol is beautiful

namila007 said...

සුබ පැතුම්.මාත් දැක්කා විජය පරිගනකේ මේක දාල තියෙනවා.. ඉදිරියෙත් මේ වගේ නිර්මාන කරන්න ..ජය වේවා

Sabith said...

මරු මරු පොඩි අයියෙ..කාටද ආඩම්බර නෙ? මාත් ලාවට බ්ලොග් එකක් කරනවා..අහගන්න දෙවල් ගොඩයි.ලංකාවට ආවම හම්බවෙමු!ජයවෙවා!

Unknown said...

ජයවේවා ධනික ඔහෝම දිගට මේ වගේ නිර්මාණ කරනන් ශක්තියේ ලැබේවා.මාත් ලගදිම මගේ බ්ලොග් එකට ලගදිම දාන්න ඉන්නේ තාම මගේ බ්ලොග් එකට හරියන ටෙම්ප්ලේට් එකක් හම්බ උනේ නෑ
මමත් දැක්කා පරිගණක සගරාවේත තියනවා

ධනික | Dhanika said...

@චින්තක
හපොයි මොකද මතක නැත්තෙ අයියෙ? හෙ‍‍ හේ... ඔව් ඔව් මං තමයි මේ පුංචි නිර්මාණෙ කළේ. බොහෝම ස්තූථියි සුභ පැතුමට!

@Lasindu Nadishan | Admin - www.Slbloggs.com
ස්තූතියි මල්ලි! තව පුංචි දෙයක් මේ දවස් වල කරගෙන යනවා. ඉස්සරහට ඒ ගැනත් කියන්නම්කො. :)

@චතුරංග පෙරේරා | chathuranga Perera
බොහොම ස්තූතයි සහෝ! ඔයා වගේ වෘත්තීය ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්ගෙන ලෝගෝ එක ලස්සනයි කියලා කියනවනම් ඉතිං මට ඒ ඇති. ස්තූතියි! :D

@Tharaka Weerasekara
ස්තූතියි!

ධනික | Dhanika said...

@C0de BlUe
ස්තූතියි මල්ලි!

අදහසටත් බොහොම ස්තූතියි! SETTdeco විකේතකය එළදක්වපු දවස්වලම ‍කාවින්ද කොටුවෙගෙදර අයියත් ඔය යෝජනාවම කළා.

ඔය අංගය විජට් එකට එකතු කරන එක සුළු දෙයක්, අලුතෙන් code ලියන්න ඕනෙ නෑ, ලියලා තියෙන code එකේ ‍functions ම භාවිතා කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්නා ආකාරය දැක්වෙන හරිහමන් guide එකක් නැතිකම.

SBU එකේ විතරයි ටිකක් හරි හොඳ විස්තරයක් තියෙන්නෙ. ස්තූතියි ඒක ගැන මතක් කළාට. තව මගේ අදහසක් තියෙනවා සිංහල ස්ථාපනය කරගන්නා ආකාරය ගැන සිංහල Video Tutorials ටිකක් හදන්න. ඒ ටික හැදුවට පස්සෙ අදාළ වීඩියෝව එතැනම play වෙන්න හදන්න පුළුවන්. මං හිතන්නෙ ඒක ගොඩක් ප්‍රායෝගික වේවි. මොකද ගොඩක් අයට අර SBU එකේ තියෙනවා වගේ English step by step guide එකක් බලාගෙන උනත් සිංහල ස්ථාපනය කරන්න අපහසු වෙන්න පුළුවන්.

නුදුරු අනාගතයෙ ඒ වැඩිදියුණු කිරීම කරන්නම්.
ස්තූතියි නැවත වරක් අදහස් වලට!

@Dragon
ස්තූතියි මල්ලි!

@Gayan99
ස්තූතියි සහෝ! ඔව් අපි හැමෝටම!

@Nuwanga
ස්තූතියි! ‍ලාංඡනය ලස්සනයි නම් මට ගොඩක් සතුටුයි!

@namila007
ස්තූතියි සහෝ සුභපැතුමට!

@Sabith
අහ්! මලයණ්ඩි, කොහොම ඉතිං? කව්ද දන්නෙ උඹ බ්ලොග් ලියන්නත් පටන් අරං කියලා. ඕන දෙයක් අහන්න, දන්න තරමින් කියලා දෙන්නම්. එළ එළ ලංකාවට ආවම හම්බෙමුකො.

@Lahiru Chandima Senarathna
ස්තූතියි මචෝ! එහෙනම් බ්ලොග් එක හරිය‍ට හදාගත්තම දාගන්නකො. ජයවේවා ඔයා‍ටත්!

හිස් අහස said...

මම දැනුයි දැක්කේ .. සුබ පැතුම් ධනික සහෝදරයා . ඔබ නිසා තමයි අපි දැන් ආසාවෙන් බ්ලොග් ලියන්නේ .

මේවගේ වටිනා නිර්මාණයක් කලාට ස්තූතියි

Gayan Tharaka said...

congratz danika :D

ධනික | Dhanika said...

@හිස් අහස
ස්තූතියි සහෝ! ඔය වගේ අහන්න ලැබෙන එකත් මට සෑහෙන්න සතුටක්. ස්තූතියි ආයෙමත්!

@ගයාන් තාරක
ස්තූතියි!

Anonymous said...

Suba Pathum Ayye! Jaya veva!

චමිත් said...

symbian වල සිංහල හරියට පේන්න මොනවා හරි කරමුද?

ධනික | Dhanika said...

@විසිතුරු
ස්තූතියි මල්ලි!

@චමිත්
මොනවාහරි කරන්නනම් ඕනෙ තමයි මල්ලි... බලමු, තව ඉස්සරහට...

රුවන් සම්පත් වික්‍රමතිලක - Ruwan Sampath Waickramathilaka said...

මගේ උනුසුම් සුබ පැතුම්................
දිගටම මේ වගේ වැඩ කරන්න සක්තිය ධයිර්ය ලැබේව......................
බුදුසරනයි..............................!

mahinda meepe said...

මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !

mahinda meepe said...

මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !

mahinda meepe said...

මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !

mahinda meepe said...

මගේ උනුසුම් සුබ පැතුම්................
මෙවැනි නව නිර්මාණ තවත් කිරීමට හැකිවේවා !

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails