Type කිරීමේදී පහසුවෙන් සිංහල සහ English අතර මාරුවෙන්න....


පසුගිය දවස් වල මේ බ්ලොගවකාශෙ සැරිසරද්දි මං ඇතැම් තැන් වල දැක්කා බ්ලොග් කර්තෘ වරුන්ගෙන් පාඨකයන් ඉල්ලලා තියෙනවා හැකිනම් ඔය කමෙන්ට් කරද්දි එන Word Verification එක ඉවත් කරන්න කියලා. ඊට හේතුව ලෙස සඳහන් කරලා තිබ්බෙ සිංහල බ්ලොගවකාශෙ ඉඳිද්දි නිතරම සිංහලෙන් යතුරු කරන අතරෙ ඔය Word Verification එකට විතරක් English වලට මාරු වෙන්න සිදුවීම. අපේ මේ සිංහල බ්ලොග් වලට නම් Word Verification දාන ඒක අත්‍යාවශ්‍ය නැති දෙයක් හැටියටයි මාත් දකින්නෙ. මොකද ඕක දාන්නෙ කමෙන්ට් කරන්නෙ මනුශ්‍යයෙක්ද කියන එක තහවුරු කරගන්නනෙ. අපේ මේ සිංහල බ්ලොග් වලට ඉතිං ඕක නොතිබුණා කියලා මහලොකු ගැටළුවක් වෙන එකක් නෑ.

කොහොම නමුත් ඉතිං බ්ලොග් කර්තෘ වරයගෙ කැමැත්ත ඒක නම් අපිට ඒ දේ කරන්න සිදුවෙනවනෙ. ඒ වෙලාවලදි විතරක් නෙමෙයි අපි සිංහලෙන් බ්ලොග් ලිපියක් ලියද්දි උනත් අපිට යම් යම් අවස්ථා වලදි English වලින් යතුරු කරන්න වුවමනා වෙනවා. යතුරුකරණයෙදි සිංහල සහ වෙනත් භාෂා අතර මාරු විය හැකි පහසු ක්‍රමයක් තියෙනව නම් අපේ කාල වේලාව ගොඩක් ඉතුරු කරගත හැකිවේවි කියලා හිතලයි මේ ලිපිය ලියන්න හිතුණෙ. බොහෝ විට මේ දේවල් ගොඩ දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. නොදන්න අයත් ඇති කියලා උපකල්පනය කරලයි මේ ලියන්නෙ.

සිංහල යතුරුකරණය ගත්තොත් අපි සාමාන්‍යයෙන් යතුරු කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවනෙ. සම්මත සිංහල යතුරු පුවරුව (විජේසේකර) භාවිතයෙන් සහ ශබ්දානුකූල (phonetic) යතුරු පුවරුව භාවිතයෙන් යතුරුලියනය කියලා. ඉතිං මුලින්ම කියන්න යන්නෙ සම්මත විජේසේකර යතුරු පුවරුව භාවිත කරන්නන්ට සිංහල හා වෙනත් භාෂා අතර මාරු වෙන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන. Phonetic භාවිත කරන්නන්ට පහසු ක්‍රමයක් ඊළඟට කියන්නම්. (ඒ ගොල්ලො ලිපියෙ මැද හරියෙ ඉඳං කියවන්නකෝ...)

සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කරන්නන්ට යතුරුලිවීමෙදි භාෂා අතර පහසුවෙන් මාරු විය හැකි ක්‍රමයක් අපිට Windows මගින්ම සපයලා දීලා තියෙනවා. ඒ තමයි Alt+Shift යන යතුරුපුවරු කෙටිමග (Keyboard Shortcut එක). ඊට අමතරව එක් එක් භාෂාවට යතුරුපුවරු කෙටිමග බැගින් තනා ගැනීමටද පහසුකම් සලසලා තියෙනවා. දැනට ඔබ භාෂා අතර මාරු වෙන්නෙ Language bar එකෙන් අදාල භාෂාව තෝරගෙන නම් එහිදී ඔබට යතුරු කර කර ඉන්න ගමන් මූසිකයටත් අත යවන්න වෙනවා. ඒ නිසා ඒ ක්‍රමයේ කාර්යක්‍ෂමතාව අඩුයි. නමුත් කෙටිමං තනාගත්තහම අපිට යතුරුපුවරුවෙන්ම ඒ වැඩෙත් කරගන්න පුළුවන්. එය අපිට වාසියක්. කෙටිමං තනාගන්නෙ මෙහෙමයි.

Language Bar එක ඔබේ desktop එක මත හෝ task bar එක මත දිස් වෙයි නම් ඒ මත right click කරන්න.

(Language Bar එක දිස් නොවේ නම්: Control P
anel -> Regional & Language Options -> Languages -> Details -> Settings -> Language Bar -> Show the Language Bar on the desktop යන්නෙන් දිස් කරවා ගන්න)


Right click කළ
විට ලැබෙන මෙනුවෙන් Settings තෝරන්න.






පහත කවුළුව දිස් වූ පසු 'Key Settings' යන්න ක්ලික් කරන්න.





දැන් කෙටිමග යෙදිය යුතු භාෂාව තෝරලා 'Change Key Sequence' යන්න ක්ලික් කරන්න.





'Enable Key Sequence' යන්න ටික් කරලා ඔබට කැමති කෙටිමගක් යොදාගන්න.




මේ ආකාරයට සිංහල, English සහ ඔබ යතුරුකරණය සඳහා භාවිතා කරන තවත් භාෂා තිබේ නම් ඒ සැම එකකටම අනන්‍ය වූ යතුරුපුවරු කෙටිමගක් යොදාගන්න පුළුවන්. මාරු කරන්න පහසු ආකාරයට කෙටිමං යොදාගතහොත් යතුරුකරණයෙදි ඔබට එය වඩාත් පහසු වේවි. උදාහරණයක් හැටියට English සඳහා Ctrl+Shift+0 , සිංහල සඳහා Ctrl+Shift+9 සහ දෙමළ සඳහා Ctrl+Shift+8 යන කෙටිමං යොදන්න. හිතන්න දැන් ඔබට කොහේ හරි සිංහලෙන් යතුරුකරන්න වුවමනා උනා කියලා. කරන්න තියෙන්නෙ Ctrl+Shift+9 ඔබලා යතුරුකරන එක විතරයි. ඔහොම සිංහලෙන් යතුරුකර කර ඉද්දි English වලින් වචනයක් ලියන්න වුවමනා උනා කියලා හිතන්න. දැන් දන්නවනෙ? කරන්න තියෙන්නෙ Ctrl+Shift+0 ඔබලා යතුරුකරන එක විතරයි. ගොඩක් පහසුයි නේද? (ඔබ යතුරුකරණය කරන්නෙ සිංහල සහ English වලින් විතර නම්, එක් එක් භාෂාවට කෙටිමග බැගින් යොදා ගැනීමට වඩා භාෂා අතර මාරු වීමට Windows මගින්ම සපයා ඇති Alt+Shift යන කෙටිමග භාවිත කිරීම වඩා පහසු වේවි.)


ඊළඟට අපේ ශබ්දානුකූල (phonetic) යතුරුපුවරුව භාවිතා කරන අයට. ශබ්දානුකූල යතුරුපුවරුව භාවිතා කරන හුඟ දෙනෙක් ඒ සඳහා භාවිත කරනවා ඇත්තෙ එසැණින් පරිවර්තකය. මම සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ නම් විජේසේකර යතුරුපුවරුව. නමුත් ඉතිං ඇඩ්මින් බලය
නැති තැන් වල (කැම්පස් එකේ ලැබ් වල එහෙම..) අපේ පහන් අයියගෙ Sinhala enabled portable Firefox එක භාවිතා කරද්දි සිංහලෙන් යතුරුකරන්න නම් ඉතිං එසැණින් පරිවර්තකය හැර වෙන විකල්පයක් නෑ. ඒ වෙලාවට නම් එසැණින් පරිවර්තකය දෙයියෙක් වගේ.

නමුත් ඇඩ්මින් බලය ඇති තැන් වලදි ශබ්දානු
කූල යතුරුපුවරුව භාවිතා කරන අය එසැණින් පරිවර්තකය භාවිතා කරනව නම් ඔවුන්ට අපහසුතා දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි එසැණින් පරිවර්තකය භාවිතා කරද්දි හැමතිස්සෙම අපිට යතුරුකළ යුතු දෙය එසැණින් පරිවර්තකය තුළ යතුරුකර, එතැනින් අපිට අවශ්‍ය තැනට පිටපත් කරගැනීමට සිදුවෙනවා. අපිට යතුරුකිරීමට අවශ්‍ය තැන ඍජුවම යතුරුකිරීමේ හැකියාවක් නෑ. අනෙක් අපහසුතාවය තමයි එසැණින් පරිවර්තකය තුළ යතුරුකළ හැක්කේ සිංහලෙන් පමණයි. අපි යතුරුකරන ඡේදයක English වලින් යතුරුකිරීමට අවශ්‍ය වචන ඇත්නම් අපට සිදුවෙනවා එය එසැණින් පරිවර්තකයෙන් අපට අවශ්‍ය තැනට පිටපත් කිරීමෙන් අනතුරුව එම English වචන යතුරු කරන්න. මෙය ටිකක් කරදරකාරී සහ අත්වැරදීම් සිදුවිය හැකි වැඩක්. (මෙම කාරණා දෙකම එසැණින් පර්වර්තකයේ දුර්වලතා නම් නෙමෙයි, එය භාවිතා කිරීමේදි අපිට මුහුණදෙන්න වෙන අපහසුතා පමණයි.)

ඔය ගැටළු දෙකම මගහරවා ගනිමින් ශබ්දානුකූල යතුරුකරණයේ යෙදෙන්න මම අනුමත කරන්නෙ නම් අපේ විශ්ව කුමාර අයියගෙ Micro Singlish නම් මෘදුකාංගය. මෙයත් විජේසේකර IME එක වගේම පසුබිමේ run වෙන පුංචි මෘදුකාංගයක්. මෙය ස්ථාපනය කළ පසු මෙහි අයිකනය system tray එකෙහි දැකගන්න පුළුවන්.




මෙහි භාෂා අතර මාරු වීම [toggle වීම] සඳහා Ctrl+Alt+s යන යතුරුපුවරු කෙටිමග අපිට පෙරනිමියෙන්ම සපයා දීලා තිබෙනවා. මෙම මෘදුකාංගයෙ තිබෙන විශේෂත්වය මේකයි. මෙය system tray එකේ run වෙන ඕනෑම වෙලාවක අපිට ඕනැම තැනකදි Ctrl+Alt+s යන කෙටිමග එබුවහොත් ඉන්පසු අපි යතුරුකරන දේ ලියැවෙන්නෙ ශබ්දානුකූලව සිංහලෙන්. උදාහරණයක් හැටියට අපි Ctrl+Alt+s ඔබලා 'mama yanavaa' යන අකුරු යතුරුකළොත් ඔබට තිරයේ පෙනේවි 'මම යනවා' ලෙස ලියැවෙනවා. ‍නැවතත් English වලින් යතුරු කිරීමට අවැසි නම් ඔබට තිබෙන්නෙ නැවතත් Ctrl+Alt+s යන කෙටිමග එබීම පමණයි. ඉතා පහසුයි නේද?


ඒ වගේම මෙම මෘදුකාංගයෙ තවත් විශේෂත්වයක් වන්නෙ අපි බ්ලොගවකාශයෙ නිතරම භාවිතා කරන Unicode සිංහල වලට අමතරව අ‍පි සාමාන්‍යයෙන් භාවිතා කරන Legacy සිංහලත් (word වලින් සිංහල ලිපියක් යතුරුකිරීමේදී අපි සිංහල font එකක් දාගෙන යතුරුකරන්නෙ.. අන්න ඒ සිංහලත්..) ශබ්දානුකූලව යතුරුකළ හැකි වීම. ඒ සඳහා කරන්න තියෙන්නෙ system tray එක මත දිස් වන Micro Singlish අයිකනය මත ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් Encryption -> Legacy Sinhala තේරීම පමණයි.


තවත් පහසුකමක් නම් අපි Windows වලට පිවිසෙන සැම විටම මෙය ක්‍රියාත්මක කර කර සිටිය යුතු නෑ. ඉහත මෙනුවෙන් Settings -> Start with Windows යන්න තේරුවා නම් Windows වලට පිවිසෙන සැම විටම මෙය ඉබේම ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙන්නෙ සිංහලෙන් යතුරුකළ යුතු තැන් වලදි Ctrl+Alt+s ඔබලා යතුරුකිරීම පමණයි.


Micro Singlish මෘදුකාංගය මෙන්න මෙතනින් කෙළින්ම ඔබට භාගත කරගන්න පුළුවන්. මේ මෘදුකාංගය මං අනුමත කරන්න ලොකුම හේතුව තමයි, මෙය භාවිත කරීමෙන් අපට අර එසැණින් පරිවර්තකය භාවිත කිරීමේදී මුහුණදෙන්නට සිදුවුණ අපහසුතා දෙකෙන්ම මිදෙන්නට හැකිවීම. යතුරුපුවරු කෙටිමග හරහා සිංහල තෝරාගෙන
අපට අවශ්‍ය ඕනෑම තැනක ඍජුවම සිංහලෙන් ලිවීමේ හැකියාව මෙමගින් ලැබෙනවා වගේම English වචන යතුරුකළ යුතු විට යතුරුපුවරු කෙටිමග හරහාම එසැණින් English වලට මාරු වී එම වචන යතුරුකිරීමේ පහසුකම සැලසෙනවා.


ඉතිං ඔන්න සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිතා කරන්නන්ට වගේම ශබ්දානුකූල යතුරුපුවරුව භාවිත කරන්නන්ටත් අසාධාරණයක් නොකර දෙපිරිසටම එක ලෙස භාෂා අතර මාරු විය හැකි ක්‍රම දෙකක් යෝජනා කළා. ඉදිරියෙදි ඔබේ යතුරුකරණය වේගවත් සහ කාර්යක්‍ෂම වීමට මෙම ක්‍රම පිටුවහලක් වේ යැයි සිතනවා.



(ක්‍ෂණික ඉල්ලීමකින් Micro Singlish හි තිර සටහන් කීපයක් ලබා දුන් විශ්ව කුමාර සොයුරාට විශේෂ ස්තුතිය!)

20 යි ප්‍රතිචාර

Indranama said...

මෙච්චර කරදර වෙන්න ඕනෙද මේකට?
by default ලෙස Sinhala Kit එකේ Alt + Shift වලින් භාෂා මාරු වෙනවා.
මෙතැනදී වෙන කරදරය තමා දෙමල භාෂාවත් මතු වීම.
ඒකට කරන්න තියෙන්නෙ Language options වලදි දෙමල භාෂාව ඉවත් කරන එක.
දැන් Alt + Shift වලින් භාෂා දෙක අතර මාරු වෙන්න පුලුවන්.

Madhawa Habarakada said...

මේ කිව්ව දේව්ල් ටික නම් දහසක් වටිනව. මම දැන් මයික්‍රො සිංග්ලිෂ් බෑව, දැන් ස්ථාපනය කරනව. දාල බලමු. ගිනි නරියට ඇඩෝනයක් එනව, ඒක ඇතුලෙ සිංහලෙන් යතුරු කරන්න පුලුවන්, මම ඒක දැම්ම ඒත් වැඩ කරන්නෙ නෑ, ඇයිද දන්නෙ නෑ.

ධනික | Dhanika said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
නෑ මචං උඹ ලිපිය සම්පූර්ණයෙන් කියවලා නෑ මගෙ හිතේ. ලිපිය ගොඩක් දිග් වෙලා තියෙන්නෙ විජේසේකර සහ phonetic භාවිතා කරන දෙගොල්ලන්ටම ක්‍රම යෝජනා කරල තියෙන හින්දා. ඉතිං උඹ ඔය කිව්ව එකම නේන්නං මාත් කියලා තියෙන්නෙ ලිපියෙ. වෙනසකට තියෙන්නෙ මං කියලා තියෙන්නෙ භාෂා කීපයක් (දෙමළ සහ තවත් භාෂා) භාවිතා කරන කෙනෙක්ට උනත් පොදු විදියක්. :)

@H. Madhawa Ranga
බොහොම ස්තුතියි අයියෙ! මමත් ඔය ගිනි නරියගෙ ඇඩෝනෙ පාවිච්චි කරලා තියෙනවා. සමහර විට FF3.5 වලට වැඩ නැද්ද දන්නෑ. ඒකත් හොඳයි මේ වැඩේට. නමුත් පාවිච්චි කරන්න පුළුවන් ගිනිනරියාට කැමති අයට විතරයිනෙ...! :D

GNS said...

අපි නම් විජේසේකර... ඒක නිසා Alt+Shift..

Phonetic අයට නම් හොඳයි මේක.. හැබැයි Phonetic පාවිච්චි කරන එක මම නම් එච්චර අනුමත කරන්නෙ නෑ... :)

ධනික | Dhanika said...

@ගයන්ත
විජේසේකර එක පුළුවන් නම් ගොඩක් හොඳයි.. මාත් විජේසේකර තමයි....
ඒත් ඉතිං ගොඩක් අයට, විශේෂයෙන්ම සිංහල යතුරුකරණයට නවකයන්ට විජේසේකරේ හුරුවෙනකල් phonetic එකවත් තියෙන එක හොඳයි නොවැ... :)

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හැමෝ‍ටම පොඩි කාලෙ ඉදල විජේසේකර පුරුදු කලානම්......{shift+alt} එච්චරයි :D

ධනික | Dhanika said...

@ushan
ඇත්ත...! ඒත් ඉතිං මේ බ්ලොගවකාශෙ උනත් තවමත් phonetic භාවිතා කරන අය කොච්චර නම් ඉන්නවා ඇත්ද? මම නම් හිතන්නෙ සිංහලෙන් type නොකරම ඉන්නවට වඩා phonetic යොදාගෙනවත් සිංහලෙන් type කරන්න යොමුවීම හොඳයි. :)

Kanishka said...

මම නම් ඉතින් මතක ඇති කාලෙක ඉදන් Alt+Shift තමයි... :D මේ දැනුත් පාවිච්චි උනා... :D

ශාකුන්තල | Shaakunthala said...

SCIM (Linux) වල පෙරනිමියෙන් තියෙන්නෙ Ctrl + Space. ජාලබෝංචි (Netbeans) වගේ එකක වැඩ කරන්න ගියාම තමා ඒක එපා වෙන්නෙ. :(

ධනික | Dhanika said...

@Kanishka
හ්ම්... විජේසේකර පුළුවන් නම් ඉතිං එච්චරයිනෙ... :D

@ශාකුන්තල
ස්තුතියි දැනුවත් කළාට... අපි ඉතිං Linux ගැන තාම වැඩිය දන්නෑ නෙව! ඇයි ජාලබෝංචි වල වැඩකරද්දි එපා වෙනවා කිව්වෙ?

ශාකුන්තල | Shaakunthala said...

Netbeans IDE එකේ autocomplete menu එක ගන්නෙත් Ctrl + Space වලින්. වැඩ දෙකකට එකම යතුරු සංයෝජනය පාවිච්චි වෙනකොට වැඩ අවුල් වෙනවා. ඒකයි කීවේ. :)

ධනික | Dhanika said...

@ශාකුන්තල
එහෙමද? ඔව්නේ වැඩ දෙකකට එකම කෙටිමගක් තිබ්බම චා තමයි. ස්තූතියි දැනුවත් කිරීමට! ඉස්සරහට අපිටත් ඔව්වා ප්‍රයෝජනවත් වෙයි මයෙහිතේ.... :D

ධනික | Dhanika said...

මේ දැන් මං ට්විටරෙන් මේක දැක්කෙ. 'සිංග්‍රීසි' කියලා මෘදුකාංගයක් ගැන. එසැණින් පරිවර්තකය වගේම හැබැයි බාගෙන ස්ථාපයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් එකක්. ශබ්දානුකුලව සිංහල යතුරුකරන අතරෙ ඉංග්‍රීසි වචනත් යතුරු කරන්න මේකෙ පහසුකමක් සපයලා දීලා තියෙනවා.

Narada said...

මාත් මේ ක්‍රමයමයි භාවිතා කරන්නේ, ඒත් මේ Word Verification ඒක හනිසා ඇති වෙන කරදරය එහෙමමයි. විශේෂයෙන්ම Password Managers මේක රහස්පද යොදන තීරයක් කියලා හදුනා ගත් වාර එහෙමටයි ( Roboform වැනි).

ධනික | Dhanika said...

@-බිன்ku-
මේ ක්‍රමේ කිව්වෙ මොන ක්‍රමේද දන්නෑ? විජේසේකරද phonetic ද? Word Verification එකෙන් වෙන කරදරෙන් මිදෙන්න පුළුවන් ඔය ලිපියෙ කියලා තියෙන විදියට කළොත්නං. :)

Suranga said...

සිංග්‍රීසි මෘදුකාංගය නං හොඳයි වගේ. english ලියන්නත් පුළුවන් නෙ

Suranga said...

customise කරන්න බැරි එක තමයි, "සිංග්‍රීසි" එක්ක තියන අවුල. UoC එකේ එසැනින් පරිවර්තකය බාගෙන, javascript array එක වෙනස් කරං, අපිට ඕන විදියට customise කරං තමයි මං දැනට පාවිච්චි කරන්නෙ. උදාහරනයක් විදියට, ae වෙනුවට A යොදන ඒක මට ලේසියි.

("නැහැ, බැහැ" නිතරම ලියන නිසා)

Shameera(ශමීර ) said...

මේක නම් සිරා ලිපිය. එත් මම Micro English instal කරා එත් එක හරියට වැඩ කරේ නැ මගේ තියෙන්නේ windows 7 . තවත් blog එකක තිබිලා මට මෙක හම්බුනා rsinglish මෙක සිරාවට වැඩ. පහලින් තියෙනව ලින්ක් එක
http://www.madurax86.com/rsinglish/
http://madurax86.comuv.com/readme/readme.html

මම නම් දැන් use කරනේ මෙක අපිට පුලුවන් අපිට කැමති shortcut key එකක් මෙකට assign කරන්න. by default මෙකෙ එන්නෙ SCROLL LOCK තමයි shortcut key එක එත් මගෙ laptop එකෙ නම් එහෙම key එකක් නැ :)......මෙකත් try කරල බලන්නකෝ කට්ට්ය

SHARADA said...

අය්යේ Google Adsence ගන්න විදියත් කියලා දෙන්නකෝ මම ගන්න හැදුවත් ඒක reject කළා
please help me and US
i m SHARADA

Anonymous said...

MicroSinglish now hosted at:
http://kaputa.lk/content/view/743

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails