ඔන්න Harmony ත් එක්කම රසවිඳින්න - මං live ගයපු සින්දුවක්!

බ්ලොග් එකකින් ඉතිං එළියට දාන්න පුළුවන් ලේඛණ හැකියා විතරක්ම නෙමෙයිනෙ නේ? ඔන්න පොතක්, පත්තරයක්, සඟරාවක් ගත්තොත්නං ඒවායින් එළියට දාන්න පුළුවන් ලේඛණ හැකියා විතරමයි. ඒත් ඉතිං අපි මොකටද මෙච්චර වැඩ දාන්න පුළුවන් බ්ලොග් එකක් ඇතුලෙත් ලේඛණයට විතරක් කොටු වෙන්නෙ. ඉතිං ඔය හින්දා ඔන්න ආයෙමත් කාලෙකට පස්සෙ මං හිතුවා මං ගයපු, මං මාර ආස විදියට ගයපු සින්දුවක් බ්ලොග් එකේ පළ කරන්න.



(මං කලින් පළ සින්දු මෙතනින්, මෙතනින් සහ මෙතනින් නරඹන්න පුළුවන්)


සිංදුව අහන ගමන්ම මේ ටිකත් කියවන්නකො. මුලින්ම කියන්න ඕනා වීඩියෝ එක නං එච්චර quality නෑ. අනික වීඩියෝ කරලා තියෙන්නෙ අනික් පැත්තට. ඔය හරි පැත්තට හරවලා තමයි පළ කරලා තියෙන්නෙ. එක තැන ඉඳං ගත්තු වීඩියෝ එකක්. ඒ නිසා ඒ ගැන වැඩිය තකන්නෙපා හො‍ඳේ. Audio එකත් එච්චරම තමයි. එක පාරක් විතර රසවිඳින්න පුළුවන් තත්‍ත්වෙක තමයි තියෙන්නෙ. ගණන් ගන්නෙපා හො‍ඳේ.

මං කිව්වනෙ මේක මං මාර ආසවිදියට ගයපු සින්දුවක් කියලා. එහෙම කිව්වෙ මොකද දන්නවද? මං හරි ආසයි harmonizing වලට. හුටා! මොකද්ද බොලේ මේ harmonizing කියන්නෙ? මේක නං ටිකක් තේරුම් කරලා දෙන්න අමාරුයි. කමක් නෑ බලමුකො තේරුම් කරලා දෙන්න.

මෙහෙමනෙ. සිංදුවක තනුවෙ තියෙන ස්වර ටිකට කියන්නෙ melody එක කියලා. Melody එක ලස්සන කරන්න ඊට වඩා ඉහළ ස්වර වලින් හරි පහල ස්වරයෙන් හරි ගයනවට කියන්නෙ harmonize කරනවා නැත්තං harmony sing කරනවා කියලා. (ඔකේස්ට්‍රානු සංගීතයෙ [Orchestral Music වල] නම් මෙහෙම සිංදුව ලස්සන කරන්න එකම සින්දුව එකවිට එකකට එකක් සමායෝජනය වෙච්ච තනු 4 කින් ගයනවා. ඒකට කියන්නෙ 4 parts sing කරනවා කියලා. ඔය parts 4 තමයි Soprano, Alto, Tenner, Bass කියන්නෙ. [කසුන් කල්හාරගෙ රෝමාන්තික ඔපෙරාව ගීතයෙ තියෙන්නෙ "වෙලී ගයන්න එනු මැන සොප්‍රානො හඬින්" කියලා පද පේළියක්. අන්න ඒ කියන්නෙ ඔය Soprano ගැන තමයි])

ඉතිං මං කිය කිය හිටියෙ harmonizing ගැනනෙ. මටත් පුංචි කාලෙ ඉඳන්ම පොඩි අමුතු හැකියාවක් තියෙනවා ඔය harmony sing කරන්න. අනේ මංදා ඒ කොහොමද කියලා. සාමාන්‍යයෙන් සිංදුවක් අහද්දිත් ඒකෙ harmony එක ඉබේම හිතට එනවා. සමහර විට සහජයෙන්ම ආපු දෙයක් වෙන්නැති. පොඩි කාලෙ ඉඳන්ම පල්ලියෙ ගීතිකා ගයලා ලැබිච්ච පන්නරෙත් හේතුවක් වෙන්නැති.

ඉතිං මේ සිංදුව මං මාර ආස විදියට ගැයුවයි කිව්වෙ මේ සින්දුවෙ තියෙනවා මාර ලස්සනට harmony sing කරන්න පුළුවන් එකම එක පේළියක්. "ඉඟි නළුවට වශී වී........." කියන පේළිය. සාමාන්‍යයෙන් live sing කරද්දි ප්‍රධාන ගායකයටම (vocalistටම) harmony sing කරන්න අවස්ථාවක් හම්බෙන්නෑ. මොකද harmony sing කරන්න නම් melody එකත් යටින් ගැයෙන්නෝනෙ. ඉතිං live ගයද්දි ඒ දෙකම එක විට එක්කෙනෙක්ට ගයන්න බෑනෙ. ඔය දේ Original Song Track එකක් record කරද්දිනම් කරන්නෙ එකම ගායකයම harmony සහ melody දෙකම ගායනා කරලා තාක්‍ෂණයේ බල මහිමයෙන් (Multi track recording ක්‍රමයෙන්) සංයෝජනය (mix) කරන එක. ඉතිං එදා මං මේ සින්දුව ගැයුවෙ ඔය මං කිව්ව පද පේළිය විතරක් මං harmonize කරලා ඒ පේළියෙ melody එක යාළුවෙක්ට ගයන්න දීලා, අනිත් පද පේළි ඔක්කොම මං විතරක් melody ගයලා. වැඩේ හිතුවටත් වඩා සාර්ථක උනා.

ආ කියන්න අමතක උනානෙ කොහෙද මේ සින්දුව කිව්වෙ කියලා. ගිය සතියෙ අපේ කැම්පස් එකේ ජුන්නන්ට (Level1 නංගිලා මල්ලිලට) අපෙන් පොඩි presentation එකක් තිබුණා අපේ Classical Music Society එක ගැන. ඔන්න ඕකෙදි තමයි මේ සින්දුව ගැයුවෙ. සින්දුවට ඉතා දක්‍ෂ ලෙස සංගීතය සපයපු මගේ සගයින් වන රංග, සචිත් සහ පියුම්ටත් සහය ගායනයෙන් දායකවුනු චන්දිමටත් වීඩියෝ කරලා දීපු ජූඩ්ටත් මගේ ස්තූතිය පුද කරන්න ඕනෙ.

එහෙනම් ඉතිං ඔන්න සින්දුව රසවිඳලම අදහස් ලියලා යන්නකෝ. විශේෂයෙන්ම ඔය harmonize කරපු පද පේළියෙ ගුණ අගුණ එහෙම කියලා යන්න අමතක කරන්නෙපා හොඳද?

18 යි ප්‍රතිචාර

rclakmal said...

ela ela sira sira !!!!!! ara mokadda eka sirwata enawa !!!!!! mara gathi !!!!

දුකා said...

නියමයි . . .මචං . . . සොල්ලි වේල ඉල්ල. . . ඒ කිව්ව කියල වැඩන් නෑ. . . උඹට හොඳ හැකියාවක් තියෙනවා . . . තව දියුනු කර ගනින් . . ,.

අහ් තව දෙයක් උබේ බ්ලොග් එකෙ ලියල තිබුනේ "බිඟි නළුවට වශීවී" කියල. . .මම හිතන්නේ ඒක "ඉඟි නළුව "වෙන්න ඕන කියලයි . . .

ඉඟි නළුව කියන්නේ මම හිතන්නේ . . රංගනයෙන් අදහස් ප්‍රකාශ කිරීම . . . වගේ දෙයක් කියලයි . . .

ධනික | Dhanika said...

@rclakmal
ස්තූතියි මචං! ඔය harmony එක හින්දා තමයි ඔය සින්දුව ඔච්චර ලස්සන. :D

@දුකා
බොහොම ස්තුතියි මචං! ආනේ ඔව් මටත් ඔය පද පේළියෙ වචන ටික එච්චර sure නැතුව තිබ්බෙ. මට ඇහිච්ච විදියට මේකෙ දැම්මෙ, වැරදිනම් කව්රුහරි නිවැරදි කරයිනෙ කියලා. උඹට ස්තූතියි ඒක නිවැරදි කළාට. ඔන්න මං වැරැද්ද හැදුවා.
තව ඉස්සරහට තව තව සින්දු කියන්නම්කො.. :D

Ajith said...

නියමයි. හාමනි හඳුන්වා දුන් ලේඛනයත් හොඳයි.

rclakmal said...

dhanika u have no excuses for that mistake "igi naluwata washiwi " :D :D !!!!! cousin danagaththoth heart attack ekak ey .........:D :D

වන්නි said...

දෙවැනි වටයට යන්න සුභ පතනවා...

ධනික | Dhanika said...

@Para
ස්තුතියි ස්තුතියි!

@rclakmal
අඩෝ.. කට කට! එව්වා තාම රහස්.. :D

@කුෂාන් ඇස්. වන්නිආරච්චි
හ හා.. :D ස්තුතියි ලොකු සහෝ! එමෙනම් දෙවෙනි වටේදි මට sms ගහනවනේ....... හික්ස්! :D

Anuradhax3 said...

මේ අයිය ඔයා හිතාගෙන ඉන්නෙ ඔයා ලස්සනට සින්දුව කිව්ව කියලද??
ඔයා එහෙම හිතාගෙන ඉන්නවනම් මට කියන්න තියෙන්නෙ
ඒක අමූලිකම අමූලික ඇත්තක් කියල......
බය උනාද??.........හික්ස්...
සිරාවටම එලකිරි..
ඇත්තටම කිව්වොත් වීඩියෝ එක පෙන්නනෙ නැතිව එකෙක්ට ඕඩියෝ එක අහන්න දුන්නොත්
එයා අනිවාර්යෙන්ම කියයි අමල් පෙරේරා කියල.(80% විතර)...
අයියට හොද හැකියාවක් තියෙනවා.....
ඒක තව තවත් වැඩි දියුනු වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා....
& හාර්මනී ලෙසන් එකට තෑන්ක්ස්!!!

Anonymous said...

එල එල නියමයි ධනික

Kanishka said...

අඩේ මරුනෙ... ෂෙක්, සිංදුව කියන වෙලාවෙ අපිට කිව්ව නම් අපිත් එනවනෙ..

ධනික | Dhanika said...

@Anuradhax3
අම්මෝ බය උනාදත් අහනවා... මගෙ heart beat එකත් double උනා... :D
බොහොම ස්තූතියි මලයො! ඒක නම් මාර කමෙන්ට් එකක්.
මට පේන්නෙ මලයට පේන කියන්නත් හොඳ හැකියාවක් තියෙනවා වගේ... ඔය 80% ක් විතර අමල් පෙරේරා වගේ කිව්ව එකට පොඩි හේතුවකුත් තියෙනවා... (පොතේ හැටියට එහෙම වෙන්න ඕනෙ..) එව්වා පස්සෙ කියන්නම්කෝ.... :D

@දිසා
ස්තුතියි දිසා....!

@Kanishka
ස්තුතියි මලයො... අපරාදෙ මට අමතක උනානෙ කියන්න... :D
අපේ පොඩි උන්ගෙ Freshers' Night එක එනවනෙ... ඒකටත් කොහොමත් සින්දු ටිකක් කියයි මං... එදාට එන්න කියන්නංකො...

Indranama said...

සිරා සිරා මචෝ...
අද තමා මේක අහල බලන්න වෙලාවක් ලැබුනෙ..
ආයෙ පාරක් කියන්නං.. එලකිරිම තමා මචෝ.. :)

ධනික | Dhanika said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
ස්තූතියි මචෝ ගොඩක් ස්තුතියි..!

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

චැක්,මට එදා ඉන්න උනේ නැහැනෙ ඕක අහන්න.අපේ කස්ටියත් කිව්වා ලස්සනට සින්දු කිව්වා කියලා අයියලා කස්ටියක් ඇවිත්.video එක බලන්නත් බැහැනේ :(

ධනික | Dhanika said...

@ඉශාන් තිළිණ
මොකෝ video එක බලන්න බැරි, ටැංකියෙද ඉන්නෙ? :D
එදා එන්න බැරි උන එක ගැන දුක් වෙන්නෙපා... ඕගොලන්ගෙ Freshers' Day එකටත් අපි සිරා වැඩක් දෙන්න ඉන්නෙ... ඔන්න ඒක නම් miss කරගන්න එපා හො‍ඳේ.... :D

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

නෑ නෑ,මම ගෙදරින් බැලුවෙ.මම මොබිටෙල් 3G delight දාලා ආවෙ,ඒකයි.
මම මිස් කලේ නැතෝ.දැක්ක ඔයා "ජූලියා " සින්දුව කියනවා. ඔයාගෙ බාප්ප මර්වින් පෙරේරා කියලා මේ බ්ලොග් එකක්වත් නෑ නේද??

ධනික | Dhanika said...

@ඉශාන් තිළිණ
හෆොයි! වැඩේ කෑවා...! මං මෙච්චරකල් බ්ලොග් එකේ රහසක් විදියට තියාගෙන හිටපු එක මල්ලි එළි කළා නොවැ.... බාප්පා නෙමෙයි මලයො මගේ මහප්පා...
එදා කිව්ව සින්දුවෙ video එකත් ලැබිච්ච හැටියෙ මං දාන්නම්කො බ්ලොග් එකේ... එතකොට අපේ අනෙක් යාළුවන්ටත් ඒ සිංදුව රසවිඳින්න පුළුවන්නෙ.... :D

Unknown said...

great...

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails