සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න විදියක්...


කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආවා සිංහල බ්ලොගවකාශෙට. විභාගෙත් අවසාන වෙලා ටිකක් දිග නිවාඩුවකුත් ලැබුණු නිසා දැන් ඉතිං ආයෙත් සුපුරුදු විදියට බ්ලොග්කරණයෙ යෙදෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතිං ඔන්න අද 2010 වර්ෂයෙ මුලින්ම ලියන ලිපියෙන් මං කියන්න හදන්නෙ නොමිලේ Mobile News Alerts ලබා ගන්න පුළුවන් සරළ විදියක් ගැන.

හැමෝම දන්නවනෙ ඔය අපේ ජංගම දුරකතන සේවාසැපයුම්කරුවන් විසින් එක එක විදියෙ Mobile News Alert සේවා සපයනවා කියලා. අද දෙරණ, news.lk වගේ නොයෙකුත් පුවත් සපයන්නන් ලබාදෙන පුවත් මෙමගින් අපිට ලබාගන්න පුළුවන්නෙ. හැබැයි ඉතිං ඒ විදියට News Alerts ලබාගන්න නම් අපෙන් මාසිකව රු.30ක් වගේ මුදලක් අය කරගන්නවා.

යුද්ධ ජයග්‍රහණයට කලින් නම් මමත් ඔය News Alert සේවාව සක්‍රීය කරගෙන තිබුනෙ රු.30ක් ගියත් කමක් නෑ කියලා. මොකද ඉතිං ඒ දවස් වල එසැණින්ම දැන ගත යුතු පුවත් රාශියක් තිබුණනෙ. ඒත් දැන් නම් ඔය එසැනින්ම දැන ගත යුතු පුවත් කියලා වැඩි උණුසුමක් තියෙන පුවත් වාර්තාවෙනවා අඩුයිනෙ. (ආයෙ සුනාමියක් වගේ ආවොත් ඇරෙන්න ) ඉතිං ඒක හින්දා දැන් නම් ඔය රු.30 ගානෙ ගෙවාගෙන News Alerts ලබාගන්න එකේ නම් ප්‍රයෝජනයක් නොමැති තරම්.

හැබැයි ඉතිං රටක ජීවත්වෙන මිනිස්සු විදියට රටේ තොටේ සිදුවෙන්නෙ මොනාද කියලා අපි කව්රුත් දැනගෙන ඉන්න එපායෑ. ඉතිං ඔය News Alert සේවාවක් අපිට නොමිලේම සපයගන්න පුළුවන් නම් කොච්චර අගෙයිද? අන්න ඒ විදියට නොමිලේම අපිට Mobile Alerts ලබාගන්න පුළුවන් විදියක් තියෙනවා අපේ සුපුරුදු මූණුපොත (facebook) හරහා.

මූණුපොතේ fan pages කියලා ජාතියක් තියෙනවා කියලා හැමෝම දන්නවනෙ. ඉතිං මූණුපොතේ ඉන්න සාමාජිකයන්ගෙ වගේම ඔය ‍fan pages වලත් Status updates වලට sms මගින් subscribe වෙන්න අපිට පුළුවන්. (ඔබේ ජංගම දුරකතනයේ තොරතුරු මූණුපොතට ලබාදී fb alerts සක්‍රීය කර තිබිය යුතුයි.) එහෙම sms මගින් subscribe උනාට පස්සෙ ඒ fan pages වලත් Status updates කෙලින්ම අපේ ජංගම දුරකතනයට එනවා.

ඉතිං ඔන්න ඔය වගේ සමහර fan pages තියෙනවා තමන්ගෙ Status updates විදියට උණුසුම් පුවත් (Breaking News) ලබාදෙන. ඉතිං අන්න ඒ වගේ fan pages වලට sms මගින් subscribe උනානම් අපිට කිසිම වියදමක් නැතිව උණුසුම් පුවත් අපේ ජංගම දුරකතනයටම නොමිලේ ගෙන්වාගන්න පුළුවන්. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේද?

පහත දැක්වෙන්නෙ අන්න ඒ වගේ Status updates හරහා Breaking News ලබාදෙන fan pages කීපයක්...


මේ fan page එක හදලා තියෙන්නෙම ඔන්න ඔය විදියට නොමිලේ Breaking News ලබාදීමේ අරමුණින්. අද දෙරණෙන් පුවත් සපයන ගුණාත්මයෙන්ම මෙමගින් පුවත් සපයනවා. මෙය පවත්වාගෙන යන කෙනා කව්රු උනත් කරගෙන යන වැඩේ නම් අගය කළ යුතුයි.
http://www.facebook.com/pages/Colombo/BREAKING-NEWS/173518439429



මේ ‍fan page එක පවත්වගෙන යන්නෙ Daily Mirror පුවත්පත මගින්. ඔවුන්ගෙ ජාලගත (online) පුවත් පතේ පළවන ලිපි වලට සබැඳුම් (links) ද සහිතව එම පුවත් වල සිරස්තලය අපිට මෙමගින් ලබා දෙනවා. News Alert එක ජංගම දුරකතනයට ආවම ඔබ එම පුවත පිළිබඳ වැඩිදුර දැනගන්න කැමති නම් මේ සබැඳුමෙන්ම ගොස් සම්පූර්ණ පුවතම කියවන්නට ඔබට පුළුවන්.
http://www.facebook.com/pages/Daily-Mirror/129843276524


ඔබට විදෙස් උණුසුම් පුවත් ලබා ගැනීමට අවශ්‍ය මේ fan page එකට subscribe විය හැකියි. ලෝකෙ වටේ වෙන දේවල් ගැන උනන්දුවක් දක්වන අයට මෙය අගෙයි. මේ fan page එක පවත්වාගෙ යන්නෙ Fox News ආයතනය මගින්.
http://www.facebook.com/FoxNews





ඉහතින් දක්වපු රූප මත හෝ සබැඳුම් මත ක්ලික් කරලා ඔය fan page වලට ගොඩවෙන්න ඔබට පුළුවන්. ඒවායේ Status updates වලට එහෙමත් නැත්තං ඒවා මගින් ලබාදෙන Breaking News වලට sms මගින් subscribe වෙන්නෙ මෙන්න මෙහෙමයි. මුලින්ම ඔබ ඔබේ මූණුපොතට ලොග් වෙලා මේ fan pages වලට ගිහින් Become a fan කියන එක ඔබලා මේවායේ fan කෙනෙක් වෙන්න.



ඊට පස්සෙ මේ Profile picture එක යට තියෙන මෙන්න මේ 'Subscribe via SMS' කියන එක ඔබන්න. එච්චරයි!


අපිට ප්‍රයෝජනවත් උණුසුම් පුවත් ලබාගත හැකි fan pages නම් මට හම්බුණේ ඔච්චරයි. මීට අමතරව අපිට ප්‍රයෝජනවත් පුවත් ලබාදෙන තව ‍fan pages එහෙම තියෙනවනම් මාවත් දැනුවත් කරන්න.

ඉතිං ඔන්න අද ඉඳං මේ පුංචි සිම්පල් ප්ලෑන් එකෙන් ඔබට නොමිලේම රටේ තොටේ සහ ලෝකයේ සිදුවන දේ ගැන උණුසුම් පුවත් එසැණින්ම ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගන්න පුළුවන්. ඔබට ජය!


යන්න කලින් ප්‍රතිචාරයක් එක් කරලා යන්න අමතක කරන්නෙපා... :)

Post a Comment

37 යි ප්‍රතිචාර

විජයබාහු said...

එල එල මචෝ... තෑන්ක්ස්ස්.....

Anonymous said...

නියමයි මල්ලි. කොත්ත මල්ලි

ධනික | Dhanika said...

@විජයබාහු
ස්තුතියි ප්‍රතිචාරෙට!

@alaya
ස්තූතියි මචෝ! හෆොයි ඒ කතාව තාම මතකයි නේ.. :D

ත‍රිඳු said...

රොම්බ තෑන්ක්ස්.

Kasun Nadeeshana said...

ඔය ව‍ගේ news බලන්න පුළුවන් ගැජට් එකක් අපේ බ්ලොග් එකට දා ගන්න විදිහ ගෙන ලිපියක් මමත් ලිව්වා www.kasuntec.blogspot.com/2010/01/blog-post_18.html
නමුත් moble එකට දාගන්න ගන්න විදිහ නම් දැනගෙන හිටියේ නෑ ස්තුතියි ඔත්තුවට.

ධනික | Dhanika said...

@තරිඳු
ස්තූතියි සහෝ ප්‍රතිචාරෙට!

@Kasun Nadeeshana
එළ එළ.. දැන් ඉතිං දැනගත්තනෙ.. :D

Ravi said...

machan me servies aka airtel phone walata ganna barida.

ධනික | Dhanika said...

ආ මචං.. මෙන්න මෙහෙම පොඩි අවුලක් තියෙනවා.
Facebook Mobile Alerts දැනට ලබාගැනීමේ හැකියාව තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ Dialog, Mobitel සහ Tigo අංක වලට විතරයි. Airtel සහ Hutch අංක වලට facebook alerts ලබාගන්න පුළුවන්කමක් නෑ. ඉතිං ඔවුන්ට මේ සේවාවත් ලබාගැනීමේ හැකියාවක් නෑ. :(

Anonymous said...

මේකත් එළ වැඩේ...

Hashan said...

fattai

බුද්ධික said...

එළනේ,මම ඉස්සර ඉතින් phone එකට rss feeds තමා ගත්තේ

Isuru Udana said...

නියම idea එකක්.

ධනික | Dhanika said...

@panhida
නැතුව නැතුව... :)

@Hashan
ස්තූතියි!

@බුද්ධික
එළ එළ.. දැන් ඉතිං මොකටද RSS.. නොමිලේම News Alerts ගන්න බැරියෑ... :)

@Isuru Udana
ස්තූතියි අයියෙ!

Anuranga said...

එල එල, අලුත් දෙයක්

ධනික | Dhanika said...

@rock3r
ස්තූතියි!

Machan said...

එලනේ.......

ධනික | Dhanika said...

@මචං‍
එළ නේන්නං මචං... :D

Buddhi said...

එල. එල. කොහෙන්ද බං මෙවා හොයා ගන්නෙ...

ධනික | Dhanika said...

@බුද්ධි
අහ්... ජංජාලෙ රවුම් ගහනකොට අනං මනං කරලා බලලා එහෙං මෙහෙං හොයාගන්න දේවල් තමයි ඉතිං... :D

ක්‍රිශාන් said...

එල එල මචෝ

බිඟූ said...

ela

Pahan said...

ස්තුතියි

ධනික | Dhanika said...

@Krishan, බිඟුවා, පහන්
ප්‍රතිචාර වලට ස්තූතියි!

caesars said...

Niyamai..thanks for the list of news pages..

Rajitha Prabath said...

මේකත් ගොඩක් හොද වැඩක් bro....

ධනික | Dhanika said...

@caesars
Welcome bro! Thanks for your comment!!

@Rajitha0245
ස්තූතියි සහෝ...! :)

Unknown said...

එල එල නියම වැඩක් කරල තියෙන්නෙ! දැන් ඉතින් නොමිලේම තොරතුරු දැනගන්න පුලුවන්.

ධනික | Dhanika said...

@amal485
නැතුව නැතුව... :)

Unknown said...

niyamai machow.... nikamatawath ohoma ekak hethune nane.... nice thought

නාට්‍යකාරයා said...

නියමයි මම ඊයෙ තමයි මෙ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ මම මෙ වෙනකොට ලිපි ගොඩක් කියෙව්වා එකක් වත් අහක දාන්න පුලුන් ලිපියක් නෑ නියම වැඩක් අය්යෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ ලිපි කියවල. බොහොම ස්තුතියි. ඔබට ජය!

yasantha srimal said...

මට තාම හොයාගන්න බෑහෑProfile picture තියෙන 'Subscribe via SMS' please help me

Amal Madawa said...

niyamai.... thank u vry much....

Ranul Hashika Gomas said...

ayye mekanam niyami. mama dawas deka thunakata essella thami oyage blog ekata awe.internet money ganath lipyyak liyanna.

Sandali said...

වැඩිය කියන්න දෙයක් නෑ..

එල බොස් එල...

Thirasara said...

Great. Keep it up.

Gayan Anuradha said...

මරු මචං

Gayan Buddhika said...

thanks bro....

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails