ලොව කුඩාතම වාගේ Flash Pen එකක් හිමිකර ගතිමි! - PNY F7 Flip Attaché












ඔන්න භාණ්ඩෙ. කොහොමද? ප්‍රමාණෙ ගැන හිතාගන්න පුළුවන්නෙ නේ? රු.2ට වඩා ටිකයි දිග, රු.5ට වඩා ටිකයි ඝනකම. ඉතිං දැන් ඔය උඩ පිංතූර දෙක බලපූවාම ඔයාලා බලයි මොකද්ද බොලේ දැන් එතකොට USB port එකට ගහන්නෙ කියලා. කලබල වෙන්න එපා. මේ යට පිංතූරත් බලන්නකො. ආ... ඔය තියෙන්නෙ අපූරුවට USB port එකට ගහලා.











මේක PNY F7 Flip Attaché වර්ගයේ 8GB pen drive එකක්. දිග, පළල, ඝනකම හරියටම කිව්වොත් මෙන්න මෙහෙමයි: 32.22mm x 17.2mm x 2.84mm

ඔය උඩ පළවෙනි රූපෙ පැහැදිලිව පෙනෙන PNY 8GB කියලා ගහලා තියෙන කොටස තමයි ඇත්තටම pen එක වෙන්නෙ. වටේ තියෙන කොටස තියෙන්නෙ USB අග්‍ර වලට ආරක්‍ෂාව සැපයීම සඳහා flip කරලා වහන්න පමණයි. පේනවද ඒ ඇත්තම pen එකේ තරම? USB එකේ අග්‍ර තිබෙන කොටසයි memory chips සහිත පරිපථය තිබෙන කොටසයි දෙකම එක තරම් නේද? මට පේන්නෙ දැන් මේ ක්‍ෂුද්‍ර ප්‍රමාණයේ USB උපකරණ නිෂ්පාකයින්ට ලොකුම ගැටළුවක් වෙලා තියෙන්නෙ මේ USB port එක ලොකු වැඩිකම වගේ. USB port එක මීට වැඩිය පොඩි උනා නම් මීටත් වඩා කුඩා USB උපකරණ ඉදිරියෙදි නිපදවෙයි.

මේ pen එකේ තිබෙන ලොකුම වාසිය තමයි මෙහි ඝනකම ඉතා අඩු නිසා අපිට අපේ පර්ස් එකේ උනත් මේක දාගෙන යන්න පුළුවන් වීම. දන්නවනෙ pen එක සාක්කුවෙ දාගෙන ගියාම වෙන දේ? මගේ කලින් pen එකත් නැතිවුනේ සාක්කුවෙ දාගෙන ගිහින් තැන තැන දාලා. තවත් වාසියක් තමයි මේ pen එක Water Resistant. ඒ කියන්නෙ මේකට වතුර වැදුනට හෝ වතුරෙ ඔබාගෙන හිටියට මුකුත් වෙන්නෑ. ඉතිං පර්ස් එකේ දාගෙන ගිහින් දාඩිය, වතුර වැදුනට, වැස්සට තෙමුනට කිසි අවුලක් නෑ.

ලංකාවෙනම් තාම මේ PNY brand එක නෑ මං හිතන්නෙ. මං මේක ගත්තේ eBay වලින්. හෆොයි! දැන් ඔයාලා හිතනවා ඇති නේද එහෙනං එකත් එකටම ඕක fake pen එකක් වෙන්නැති කියලා? නෑ නෑ මේක නං fake pen එකක් නෙමෙයි.

ඔය ‍fake pen ගැනත් කියන්නෙපැයි. මේ pen එක ගන්න කලින් මං eBay එකෙන් 16GB pen එකක් ගත්තා $13 කට. (රු1500කට වගේ) ගහලා බලපුවාම 15.6GB පෙන්නනවා. ඒත් ඉතිං අපි අහුවෙයි ඕවට. H2testw කියන මෘදුකාගෙන් test කරලා බැලුවම දැනගත්තා ඒක 2GB වගේ pen එකක් බව. කොහොමහරි ඉතිං මං පොඩි සද්දයක් එහෙම දාලා eBay එකෙන් full refund එකක් අරගත්තා $13 කම. ඔය පිංතූරෙ තියෙන්නෙ මං ඒ ගත්ත fake pen එක වගේ එකක්. ගන්නනම් එපා කීයටවත් ඔය වගේ එකක් අඩු ගානට තියෙනවා දැක්කට. අනිවා fake!

ඉතිං ඔය අත්දැකීම හින්දම මේ pen එකත් ආපු ගමන් මං H2testw එකෙන් test කරලා බැලුවා. කිසි අවුලක් නෑ. 8GB ම තියෙනවා. මේ pen එක නම් ආවේ ඔරිමජිනල් සීල් කරපු pack එකේ. ඉතිං ඒක හින්දා සැකයක් තිබ්බෙ නෑ. කෝකටත් කියලා තමයි test කරලා බැලුවෙ.

ඔන්න ඔයාලට බලාගන්නත් එක්ක තියෙනවා ‍අර කලින් කිව්ව fake pen එකෙයි, මේ PNY pen එකෙයි දෙකේම H2testw පරීක්‍ෂණයෙ ප්‍රතිඵල.



PNY pen එකේ දත්ත ලිවීමේ සහ කියවීමේ ‍සැබෑ වේගත් ඔය H2testw එකෙන් අපිට බලාගන්න පුළුවන්. මේ pen එක ගැන තියෙන නිළ වෙබ් අඩිවියෙ (චීන) වේග ගැන සඳහන් වෙන්නෙ Read speed: up to 30MB / sec, Write speed: up to 9MB / sec කියලා. ඒ කියලා තියෙන වේග වලට ආසන්න වශයෙන් සමාන වේග මේ පරීක්‍ෂණයෙන් සැබෑවටමත් ලැබෙනවා. ඉස්තරම් භාණ්ඩයක් නේ?

ඉතිං මේ අරුම පුදුම pen එක ගැන වැඩිදුරටත් දැනගන්න කැමති නම් මෙන්න මේ සබැඳුම් ටික අන්න ඒ අයට.


ඉතිං ඔන්න ඕක තමයි මගේ පුංචි pen එකේ කතාව. ඉදිරියෙදි මං හිතාගෙන ඉන්නවා eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න විදිය, ගෙවීම් කරන්න විදිය, bid කරන විදිය, ගෙන්වපු භාණ්ඩයක් කචල් උනොත් refund එකක් ලබාගන්න විදිය වගේ දේවල් ගැන ලිපි ටිකක් ලියන්න. ඒවා ගැන දැනගන්න කැමති කව්රුත් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. එතකොට ඒ ලිපි ටික ඉක්මණටම ලියන්න පුළුවන්.

එහෙනම් ජයවේවා!


Post a Comment

41 යි ප්‍රතිචාර

Anonymous said...

pen ගෙන්න ගන්න දවස් කීයක් විතර ගියාද මචෝ?

අනික් ලිපි ටිකත් ලියන්න. ඒක ගොඩක් වැදගත් වෙයි කට්ටියට.

ප.ලි.
පර්ස් එකේ තියාගෙනත් නැති වෙයි වගේ නම් හොඳම දේ බෙල්ලෙ එල්ල ගන්න එක තමා. :P

ධනික | Dhanika said...

@roylyfernando
මං දැනට eBay එකෙන් පොඩි පොඩි items 15ක් 20ක් විතර ගෙන්නගෙන තියෙනවා මචෝ.. විශ්වාස කරන්න මේක තමයි ඉක්මණටම ආපු එක.. 7 වෙනිදා pay කලේ, ඊයෙ ආවා. දවස් 8යි ගියෙ.

අනිත් ලිපි ටිකත් ඉක්මණටම ලියන්නම්කො.

සිරාවට! බැරිම වුනොත් එහෙම කරන්නත් පුළුවන්. හික්ස්! :D :D
ස්තූතියි මචෝ ප්‍රතිචාරෙට!

මල්$han said...

ඉක්මනටම ඔය ලිපි ටික ලිව්ව්වොත් හොඳයි..මොකද මාත් ඇතුළුව අපි කිහිප දෙනෙක් ඉන්නවා ඔය ebay වලින් භාණ්ඩ ගෙන්න ගන්න බයේ.කියන්න බෑනේ හොඳ ගැටේකට හවු වුනොත් එහෙම.. :)

Madhawa Habarakada said...

මල්ලී, ඕක පාවිච්චිය පරිස්සමෙන්, කාසි වගේ ලෝහ වර්ග එක්ක එහෙම වැඩිපුර වදින්න තියන්න එපා. මම දැකල තියෙනව ඔය සයිස් එකේ පෙන් අරගෙන ඩේටා කරප්ට් වෙලා කරගන්න දෙයක් නැතුව තමුන්ගෙ වටිනා තොරතුරු නැත්තටම නැති කරගත්තු කට්ටිය. (යුනිටියෙ දවසක් හිටියොත් එහෙම අය අඩුම ගානෙ 2න්නෙක් හොයා ගතහැකි.) ඒ නිසා පරිස්සමෙන්. :)

Nalaka526 said...

Machan e-bay eken items deliver karana widiya poddak kiyanna puluwanda?

හෙළයා said...

නියමයිනේ මචෝ. පිස්සු හැදෙනවා...

isaman said...

ඔ‍ය‍ ත‍ර‍ම්‍ පො‍ඩි‍ එ‍ක‍ක්‍ පා‍වි‍ච්‍චි‍ කර‍න්‍න‍ බ‍ය‍යි‍ ව‍ගේ‍. ඇ‍යි‍ අ‍ප්‍පා‍ ඔ‍ය‍ ත‍ර‍ම්‍ data කො‍හො‍ම‍ද‍ ති‍ය‍න්‍න පු‍ලු‍ව‍න්‍ උ‍නෙ‍ කි‍ය‍ලා‍ හි‍තෙ‍න‍වා‍නෙ‍...

Unknown said...

Thanks for the info bro.

Please write other titles also. Especially e-bay.

sanjeew said...

ebay වලින් ගත්ත භාන්ඩ වල හොද නරක හා හොද සෙලස්ලාගෙ විස්තර දාන්න්න පුලුවන්න්ම් අගෙයි, අපටත් බයක නැතිව ඒ සෙලස්ලාත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් එතකොට

Sasika Nanayakkara said...

නියමයි.
මට මුල්න්ම ඉබේවලින් මොනවා හරි ගෙන්න ගන්න හිතුනේ මලින්තගේ සටහනේ eBay කතා කියවලා.ඊට පස්සේ හැන්ඩ් ෆී එකක්,බුලුටුත් හැන්ඩ් ෆී එකක් වෙබ් කැම් එකක් ගෙන්නුවා.කිසිම අවුලක් නැහැ නියමට වැඩ.
ඉදිරියෙදි eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න විදිය, ගෙවීම් කරන්න විදිය, bid කරන විදිය, ගෙන්වපු භාණ්ඩයක් කචල් උනොත් refund එකක් ලබාගන්න විදිය වගේ දේවල් ගැන ලිපි ටිකක් ලියන්න ඇත්තටම ඒ ගැන දැන ගන්න අසාවෙන් ඉන්නේ.

Kanishka said...

ඕක කැඩෙන්නෙ එහෙම නෑනේද? හයියයිනේ??? මාත් එකක් ගන්න ඕන..

Saranga Rathnayake said...

මම ලඟත් තියනව ඔය තරම් පොඩි එකක්, * කාලෙ * එකෙන් තෑගි ලැබිච්ච එකක්.

rane said...

මමත් කැමති ඔය ebay එකෙන් බඩු ගන්න ඒත් බයයි.මොකද පොඩ්ඩක් හරි ගැස්සුනොත් සල්ලි අපරාදෙනේ. අයියා ebay ගැන ලිපි ටික ඉක්මනට ලියන්න .අපි බලන් ඉන්නවා....

KAS said...

මම නම් ඔය සයිස් එකේම එකක් ගත්තා ලංකාවෙන්. මහනුවර චම්පා ස්ටොර්ස් එකෙන්. ඒක නම් 4gb, හැබැයි රුපියල් 5 කාසියටත් වඩා ඝනකමෙන් අඩුයි. රු 1800 වුනේ.

Anu said...

හරි පුංචි පෙන් ඩ්‍රයිව් පැටියෙක් නෙ. :D

දුකා said...

malliyaa . . .

ebay ගැන ලිපි ටික ඉක්මනට ලියන්න.
ඒක ගොඩක් වැදගත් වෙයි කට්ටියට.

jaya

ධනික | Dhanika said...

හෆ්ෆා... කට්ටිය තරහා වෙන්න එපා. උදෙන් පස්සෙ දැනුයි මට ජාලගත වෙන්න ලැබුණෙ. ප්‍රතිචාර එක් කරපු හැමෝටම ස්තූතියි! ඔන්න එහෙනම් මං මුල ඉඳං පිළිවෙළට පිළිතුරු ලියන්නම්කො. :)

@$han
බයවෙන්න දෙයක් නෑ මලයො සෙල්ලම දැනගෙන සෙල්ලම් කරනවනම්. :D මං ඒ ලිපි ටික ලියන්නම්කො ඉක්මණට.

@Madhawa Habarakada
ඔවදනට ස්තූතියි අයියෙ! ඒත් මං දන්න විදියට නම් මේ වගේ memory modules වල මතකයට හානි වෙන්න පුළුවන් විද්‍යුත් හෝ චුම්භක ක්‍ෂේත්‍රවලට අහුවුණොත් විතරයි. ලෝහ වල ගැටුනා කියලා එහෙම වෙන්න විදියක් නෑ. හැබැයි ඉතිං මේක කාසි වල වද්දගන්නැතුව ඉන්න එක නම් කෝකටත් හොඳයි තමයි. :)

@nalaka526
උඹ ගෙන්නන්නෙ ප්‍රමාණයෙන් කුඩා එකක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. මං ඒ ගැනත් ලියන්නම්කො ඉස්සරහට.

@හෙලයා
ස්තූතියි මචෝ..! හැබැයි ඉතිං උඹ මේවා කියවලා පිස්සු එහෙම හදාගන්න එපා.. :D :D

ධනික | Dhanika said...

@isaman
හි හි.. ඒක නම් ඇත්ත! ඒත් ඉතිං මචෝ මේ ප්‍රමාණයෙම SD cards, Duo Pro cards හිටං තියෙන්නෙ 32GB වගේ... තාක්‍ෂණයේ අරුම තමයි. තව අවුරුදු 10ක් 20ක් යනකොට මොනා මොනා මේ ලෝකෙ වෙලා තියෙයිද මන්දා.. :D

@lohitha
Thanks for the comment bro! Sure, I'll write them soon.

@BEAUTIFUL SRI LANKA
eBay එකේ සහෝ ලෝකෙ වටේ ඉන්න sellersලා ලක්‍ෂ ගාණක් ඉන්නවා. ඉතිං හොඳ අයව නරක අයව නම් කරන්න නං අමාරුයි. දැනට නම් මං ගත්ත items වලින් අර fake pen එක ඇර අනිත් ඔක්කොම items වල කිසි අවුලක් උනේ නෑ. ඉස්සරහට ලියන ලිපි වල මං ඒවා ගැන සවිස්තරාත්මකව ලියන්නම්. :)

@සසික නානායක්කාර
ඔව් අපි ඔය බොරුවට බය උනාට එහෙම මුකුත් අවුලක් නෑ. පුළුවන් ඉක්මණට ඒ ලිපි ටික ලියන්නම්. :)

@Kanishka | කණියා
කැඩෙනවා ඉතිං මිටියකින් එහෙම ගැහුවොත්... හික්ස්! :D :D

Sasika Nanayakkara said...

මචං තව මට දැනගන්න ඔනේ ඉබේ එකේ සෙලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් ඔනේ.දන්නවනම් ඒ ගැනත් දාන්න.

ධනික | Dhanika said...

@Saranga Rathnayake‍
* කාලෙ * එකෙන් කිව්වෙ??

@රන්දීර වීරකෝන්
එළ එළ මල්ලි මං ඉක්මණට ලියන්නම්. හැබැයි ඉතිං ඔහොම බය වෙලා බෑ... :D

@Kaushalya
ඇත්තද? මේ 8GB එක උනේ $21.99 යි. ආසන්නව රු.2500ක් වගේ.

@Anu
ඒක නේන්නම්... :D

@දුකා‍
අම්මෝ... දුකා අයියා... :D කාලෙකට පස්සෙ මගේ බ්ලොග් එක පැත්තෙ... මටත් කාලෙකින් ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනානෙ.... සොරි වෙන්නෝනෙ... :D ඔන්න අද නම් මං අනිවා එනවා... ‍
එළ එළ කට්ටියටම ප්‍රයෝජනයක් වේවා කියලා මං අනිවා ලියන්නම්කො ඔය ලිපි ටික පුළුවන් ඉක්මණට... :D :D

නිශාන්ත said...

ඒ ගැන ලියන එකනම් ගොඩක් වැදගත්.මොකද මාත් මොනව හරි ගන්න හිතුවත් වැඩේ ගැස්සෙයි කියල බයේ ඉන්නෙ...

Rajitha Prabath said...

Friend,
Good work.... Bro.
ඉතුරැ ටිකත් දාමු නේද ඉක්මනටම
ගොඩක් කල් විස්තර හෙවිවා තාම හරියටම ලැබුනෙ නැ.
ගොඩක් ලොකු උදව්වක් වේව් ගොඩක් අයට
සුබ පැතුම් ඉදිරියටම කරගෙන යන්න.

Lahiru said...

Matath Podak e-bay ake vada karana hati gana dan gana one. tikak kiyala dena puluwan nam loku dayak

ධනික | Dhanika said...

@නිශාන්ත
හා හා... බයවෙන්න එපා... :D
මං ඉක්මණට ලියන්නම්කො.

@Rajitha0245
Thanks bro! ඉතුරු ටිකත් පුළුවන් ඉක්මණට ලියන්නම්.

@lahiru
හොඳයි මං කියලා දෙන්නම්කො. :)

Tricks to handle MS PowerPoint presentation Smartly said...

මටත් ebay අත්දැකීම් නැහැ දනික ඉක්මනට ලියන්න පියවරෙන් පියවර නොදන්නා අපි වාග් අයටත් ගැලපෙන්න හැම තරාතිරමකම අය blog කියවනවනේ :) මට නම් ඔයාට call කරලා අහන්න තරම් හිතුණා හික් ...

ඩිල්ශාන් said...

මචෝ මට පොඩ්ඩක් කියලා දෙනවද eBay එකේ මොකක් හරි භාන්ඩයක් ගැන විස්තර දැන ගන්න විදියක්
ඒ කිව්වේ මම faulhaber සමාගමෙන් අලෙවි කරන DC මෝටර දෙකක් මිල දී ගන්න බලාපොරොත්තු වෙනවා. දෙකටම 20,000ක් වගේ යනවා. හැබැයි eBay එකේ දැන් ඒ මෝටර අලෙවි වන්නේ නැහැ. මට ඕන ඒ සම්බන්ධයෙන් eBay sellers ලාගෙන් විමසන්න එම මෝටර ලබා ගත හැකි විදියක් තිබේද යන්න.

Pathum Herath said...

පුදනකොටම කාපි යකා කියල මම ගත්ත මුල්ම MP4 Player එක තාම ලැබුණේ නෑ.. අදට හරියටම මාසයක් වෙනව . වැදගත්ම දේ තමයි මීට සති දෙකකට කලින් මගේ සල්ලි සම්පූර්ණයෙන්ම රිෆන්ඩ් කරල තිබුණා. ගනුදෙනු කරන එක එතරම් බය වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. ඉස්සෙල්ල සෙලර්ගේ ෆීඩ්බැක් කියවල හිටියනම් හරි. ගොඩක් වෙලාවට පොසිටිව් ෆීඩ්බැක් 100%-99% වගේ තියෙන අයගෙන් ගන්න බය වෙන්න ඕනේ නෑ.. දැන් අළුතින් හදුන්වා දීලා තියෙන eBay Buyer Protection නිසා හදිස්සියෙ හරි ඇනවුම් කරපු භාණ්ඩය නිසි පරිදි වෙලාවට ආවේ නැතිනම් එක eBay මැදිහත් වෙලා මුදල් ආපසු ලබා දෙන්න කටයුතු කරනවා.. ඒ නිසා බය වෙන්න ඕනේ නෑ.. හැබැයි ආවට ගියාට ගනුදෙනු කරන්නෙ නැතුව ටිකක් විමසිල්ලෙන් කරන්න ඕනේ.. මම මේ අදත් එකක් ඕඩර් කළා.. ඒකවත් වෙලාවට එයි කියල මේ බලාගෙන ඉන්නෙ.

ධනික | Dhanika said...

@Buddhika Karunanayaka
ඔන්න ඔයා කිව්ව විදයටම ලිව්වා පියවරෙන් පියවර සරළව. කිය‍වන්නකො මගේ eBay කුප්පි #1.

@Dj_Delron
එහෙම ඔක්කොම sellers ලගෙන් පොදුවෙ අහන්න විදයක් නම් නෑ මචෝ.. උඹ ටිකක් key words වෙනස් කරලා එහෙම එක එක විදියට search කරලා බලපං. එහෙමත් හොයලා නැති උනොත් නෑ තමා. :(

@පැතුම්.....
ඔව් ඒක ඇත්ත. හැබැයි eBay Buyer Protection මගින් refunds විදියට අපිට මුදල් එවන්නෑ. ඒ අදාල ගාන සහිත coupon එකක් එවන්නෙ. පසුව කරන ගෙවීම් වලදි අපිට ඒ coupon ඒ භාවිතා කළ හැකි විදියට. මොනා උනත් eBay එකෙන් භාණ්ඩ ගන්න බය වෙන්න ඕනෙනම් නෑ.

Unknown said...

Dhanika... me pen 1 gathe seller ge eBay name 1 kiyanawade.....???මාත් එකක් ගන්න ඕන..

ධනික | Dhanika said...

@dimuthu
Sellerගෙ නම නම් kjcollection. මේ item එකේ eBay item page එකේ link එක මං ලිපියෙ පහලම පළ කළා. ඒක ඔයා දකින්නැතුව ඇති. :)

Unknown said...

ayye 4n akak gennuwoth ebay aken akata tax wadinawada......
http://cgi.ebay.com/SONY-XPERIA-X2-POCKET-PC-PHONE-BLACK-UNLOCKED-/140380424694?cmd=ViewItem&pt=Cell_Phones&hash=item20af5349f6

mey 4n aka gennaganna puluwnda tax nathuwa

Unknown said...

Oyage wadee ela kiri wadakk mama oyata suba patanawa
Mama kamatii dana ganna "refund" & "Bid" karana wediya
Thanks

ධනික | Dhanika said...

@wiki
මල්ලි... ඒක හරියටම කියන්න බෑ... සමහර විට tax වදින්න පුළුවන්...

@Ruwan
බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට! Refund එකක් කියන්නෙ eBay වෙතින් අපට කරන නැවත ගෙවීමක්. අප මුදල් ගෙවපු භාණ්ඩයක් අපිට නොලැබුණොත් හෝ ලැබුණු භාණ්ඩය විස්තර කර තිබූ ලෙස නැත්නම් අපිට ඒ ගැන ඒ sellerට හෝ eBay එකට පැමිණිලි කරන්න පුළුවවන්. එහෙම කළාම බොහෝ විට seller හෝ eBay අපිට ඒ භාණ්ඩයේ මුදල refund කරනවා. Bid කරනවා කියන්නෙ ලංසු තියනවට. eBay වෙතින් භාණ්ඩ ගනිද්දි වෙන්දේසියට ඇති භාණ්ඩ වලට ලංසු තියලා ගන්නත් පුළුවං. මේ දේවල් ගැන ඉදිරි ලිපි පෙළේදි ලියවේවි!

චලිත ගේ සටහන said...

e bay ගැන ගොඩක් දේවල් දැන ගත්තා...

Unknown said...

ධනික අයියා මම ගාන එහම බලන්න එහම කියලා e bay link එකට ගියා එක නැනේ
ඔයාගේ e bay ගැන ලිපි නම් නියමයි

Unknown said...

අඩො කොල්ලො සිරම වැඩක් මචන් මේක... මමත් හොය හොයා ඉදියෙ බන්....
පොතකටත් වඩා හොඩට උබ විස්තර කරලා තියෙනව....
එළම කිරි,,,,, ජය වේවා...!

ANURA said...

very good sana
seller kenak vannae kohomada lipiyak danna.

OVITIGALA said...

බොහොම හොඳයි. දිගටම ලියන්න.

OVITIGALA said...

දැනගන්නයි අහන්නේ. මේ ලැප්ටොප් ගැන මොකද හිතෙන්නේ? මේවා මේ කියන ගානට ගන්න පුළුවන් වෙයිද? http://www.ebay.com/itm/Toshiba-Satellite-C655-15.6%22-Core-i3-500GB-Notebook/150700802338?_trksid=p1468660.m2000036

gemba said...

ade kollo fattaaa......lipi tikanam aye loweth na.
machoo mata kiyanawada refund akak ganne kohomada?akata api monawada karanda oni?kohetada e refund 1ka labenne kiyala.
loku help 1k my brthr.....
wellcome

ravi said...

එළ කිරි, ජය වේවා.....!maxaaaa,,,

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails