ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard (eBay කුප්පි #2)



පසුගිය ලිපියෙන් පටන් ගත්ත eBay කුප්පි මාලාවට ලැබෙන ප්‍රතිචාර ගැන නම් බොහොම සතුටුයි. ඒ ප්‍රතිචාර එකතු කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ ලිපියෙ ප්‍රතිචාර‍යකින් ලෝහිත කියලා අපේ සොයුරෙක් කියලා තිබ්බා ඔහු eBay වෙතින් ගෙන්වපු කිලෝ 4.5ක් පමණ බර mini air compressor එකකුත් කිසි අවුලක් නැතුව තැපැල් කාර්යාලයට ආවා කියලා. ඒ පිළිබඳ තැපැල් කාර්යාලයෙන් ඔහුව දැනුවත් කළාම ඔහු තැපැල් කාර්යාලයට ගිහින් ඒ භාණ්ඩය නිදහස් කරගෙන තියෙනවා විනාඩි 5ක් වගේ ඇතුලත. ඉතිං මේකත් අපි හැමෝන්ටම සුභ ආරංචියක් වේවි. මමත් ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ eBay එකෙන් ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වන්න. ඒත් දැන් ඒ ගැනත් බයවෙන්න දෙයක් නෑ වගේ. අපිත් එක්ක ඔහුගෙ අත්දැකීම බෙදාගෙන අපිව දැනුවත් කරවපු ඒ සොයුරටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ eBay ගැන මූලික තොරතුරු ටිකක්. එදා අපි eBay කුප්පි #1 නැවැත්තුවෙ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යන දේ ගැන පුංචි ඉඟයකුත් දීලා. ඒ තමයි ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි VISA කාඩ්පත වන සම්පත් Webcard ගැන තොරතුරු සහ එය PayPal වෙත link කිරීම පිළිබඳ තොරතුරු අරං එන්න පොරොන්දු වෙලා තමයි එදා කුප්පිය නැවැත්තුවෙ. ඉතිං ඔන්න අද ඒ පොරොන්දුව බොහෝ දුරට ඉෂ්ට කරන්නයි යන්නෙ.

මං එදා කිව්වනෙ අපිට eBay ගණුදෙනු කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා. eBay ගිණුමක්, PayPal ගිණුමක් සහ අන්තර්ජාලීය ගණුදෙනු කළ හැකි කාඩ්පතක්. ඉතිං මං හිතනවා දැන් හැමෝම eBay සහ PayPal ගිණුම් හදාගෙන ඇති කියලා. (ඒ සම්බන්ධව කුමක් හෝ ගැටළුවක් තියෙනවනම් අහන්න පසුබට වෙන්න එපා.) අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.
දන්නවනෙ අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් Webcard.


මේ තියෙන්නෙ මගේ සම්පත් Webcard එක


මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු. [මේවට තමයි කියන්නෙ නිති අසන පැණ (FAQ) කියලා. ]


සම්පත් Webcard කියන්නෙ මොකක්ද?
  • සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.

        මෙය ලබාගන්න පුළුවන් කාටද?
        • අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)

        කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?
        • රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.

         කාඩ්පත ලබාගැනීමට සම්පත් බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍යද?
        • අත්‍යවශ්‍ය නෑ

        කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?
        • සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.

        අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?
        • සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
        • සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)

        ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?
        • ක්‍රම දෙකකින් පුළුවන්. ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.

        Top up කළ හැකි අවම මුදල කොපමණද?
        • එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.

        මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?
        • නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්. (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)

        කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?
        • 0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.

        කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?
        • ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)

        කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?
        • කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.

        වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?
        • ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.

        Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?
        • >>(ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)


        අනේ තරහාවෙන්න එපා. අද ලිපිය හිතුවට වඩා දිග වැඩි උනා. Webcard එක PayPal එකට link කරන විදිය screen shots ටිකක් එකකම ටිකක් සවිස්තරාත්මකව කියන්න ඕනෙ. ඉතිං ඒක ඊළඟ ලිපියෙන්ම කියන්නම්. කොහොමත් දැන් webcard එකට apply කරාම ඕක එන්න අඩුමගානෙ සතියක්වත් යනවනෙ. ඊට කලින් මං link කරන විදිය ගැන ලිපිය පළ කරන්නම්. එහෙනම් ඔන්න සඳුදා උදෙන්ම ළඟම තියෙන සම්පත් බැංකුවට දුවලා ගිහින් Webcard form එකක් ඉල්ලගෙන පුරවලා සල්ලිත් එක්ක බාරදෙන්න.

        එහෙනම් ඔන්න අදට eBay කුප්පිය අවසානයි. අද සාකච්ඡා කරපු දේවල් ගැන මුකුත් ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න. ලිපිය ප්‍රයෝජනවත් උනානම්...... දන්නවනෙ ඉතිං කරන්න ඕන දේ?

        එහෙනම් ඔබට ජයවේවා!




        .


        111 යි ප්‍රතිචාර

        සහන් සටහන් said...

        එකේ ඉදන් කියවලම comment දාන්නයි හිටියේ.... ඒත් ඔන්න නියමයි කියලා දැම්මා

        Anonymous said...

        නියමයි ඔය කාඩ් ඩොමෙන් ගන්නත් පුලුවන්ද ? නියම ලිපියක් ඔබට ස්තුති මම නදුන්

        මල්$han said...

        එළ එළ ජය වේවා....!!

        ධනික | Dhanika said...

        @සහන්
        ආ එළ එළ... ස්තූතියි!‍‍

        @admin http://www.AnuradhapuraZone.tk‍
        මං හිතන්නෙ ඔබ අහලා තියෙන්නෙ "ඔය කාඩ් වලින් ඩොමේන් ගන්නත් පුළුවන්ද?" කියලා වෙන්නැති.
        පුළුවන් පුළුවන්. අන්තර්ජාලීය මුදල් ගණුදෙනු ඕනෙම එකක් මේ කාඩ්පත මගින් කරගන්න පුළුවන්.
        ස්තූතියි ප්‍රතිචාරෙට!‍

        @$han said...
        ස්තූතියි මල්ලි, ජයවේවා!

        Madhawa Habarakada said...

        හොඳ ලිපියක්. මමත් මේ ලිපි පෙළ මුල සිට අවසානය දක්වාම කියවාවි. එලට ලියනව. සුභ පැතුම්.

        Madhawa Habarakada said...

        ආ, තව පොඩි ප්‍රශ්නයක්. මේ කාඩ් පතින් සාමාන්‍ය credit card ගනු දෙනු කරන්න පුළුවන්ද? ඒ කියන්නෙ කඩේකින් බඩු ගන්නව වගේ දේවල්. නැත්තම් අන්තර්ජාල මිලදී ගැනීම් විතරද කරන්න පුළුවන්?

        Kanishka said...

        ඔක්කොම හරි :D සල්ලි තමා නැත්තෙ :D වැදගත් ලිපියක්.. ස්තුතියි කියල දුන්නට :)

        Thilina said...

        එළ එළ.., ‍පැහැදිලිව ලියලා තියෙනවා :)

        ධනික | Dhanika said...

        @Madhawa Habarakada
        ස්තූතියි! මේ කාඩ්පතින් සාමාන්‍ය credit/debit card ගණුදෙනු කරන්න බෑ. මෙමගින් කළ හැක්කෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු පමණයි. (ඔබේ ප්‍රශ්නයත් දාලා මං ලිපිය යාවත්කාලීන කළා)

        @Kanishka | කණියා
        හි හි... ඒකනම් ඇත්ත. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා අරගන්න... :D ස්තුතියි ප්‍රතිචාරෙට!

        @Thilina
        ස්තූතියි මචෝ...!

        දොඩන් said...

        සල්ලි තමයි නැත්තෙ...හිකිස්

        Anonymous said...

        Hmmmm..
        Man danna vidihata lankawe onama bank ekaka Credit Card holder kenekta internet payments karanna puluwan(VISA, MASTERCARD, AMEX),,
        But lankawe kisima bank ekaka Debit Card eken A wade karanna baa,, pitaratawal wala nam Debit card walinuth internet payments karanna puluwan...

        Anonymous said...

        maru maru wade digatama karanna,,,,

        ප්‍රියන්ත කරුණාරත්න said...

        මට උවමනාම වෙලා තිබුන තොරතුරු ටිකක් ලැබුනා..
        ගොඩක් ස්තුතියි..

        ධනික | Dhanika said...

        @දොඩන්
        රු.2600ක්/2700ක් ගියාට එයින් 2500කින්ම බඩුගන්න පුළුවන්නෙ. ඉතිං සල්ලි ටිකක් එකතු කරලාහරි ගන්න එක පාඩු නෑ. :)

        @pathum
        නෑ මචං මං මේ webcard එක ගනිද්දි ඒ ගැන ගොඩක් හොයලා බැලුවා. මට දැනගන්න ලැබිච්ච තොරතුරු අනුව නම් ඒවායින් අන්තර්ජාතික ගණුදෙනු කරන්න පුළුවන් උනාට, අන්තර්ජාලීය ගණුදෙනු කරන්න බෑ. බලමු... මේ ගැන දන්න තව කවුරුත් ඉන්නවද කියලා... (@හැමෝටම: මේ ගැන තව දන්න කව්රුත් ඉන්නවනම් ඔබේ අදහස් අප සමග බෙදා ගන්න) සුභපැතුමට ස්තූතියි මචෝ!

        @ප්‍රියන්ත කරුණාරත්න
        ඔබේ ප්‍රතිචාරෙටත් සතූතියි!

        Thameera said...

        මාත් ළඟදි ඇප්ලයි කළා. ඒ ගොල්ලො 2700ක් ගන්නෙ නැහැ නේද? ගතපු තැන කට්ටිය කිව්ව විදියට 2500න්ම තමයි 200 කපා ගන්නෙ.

        budhajeewa said...

        ස්තුතියි. ඊළඟ එකත් ටාර් ගාල ලියමු.

        ඔක්කොමත් හරි, කණිය කීව වගේ සල්ලි තමා නැත්තෙ! :D

        SAD® said...

        මමත් හිතන්නෙ ධනික, බැංකු කිහිපයක් හැරෙන්න හුඟක් Credit කාඩ්පත් වලින් අන්තර්ජාතික ගනුදෙනු කල හැකියි. සමහර කාඩ්පත් ඒ සඳහා අනුමත කර ගත යුතුයි.

        මම හුඟක් විභාග ගාස්තු, සාමාජික ගාස්තු සහ සඟරා සඳහා Credit කාඩ්පත් භාවිතා කර තියෙනවා. PayPal සඳහාත් පුළුවන්.

        නමුත් බොහොමයක් බැංකු පිටරටදී (එම රට තුළදී) කරන ගනුදෙනු සාමාන්‍යයෙන් අවහිර කරලයි තියෙන්නෙ. මේ වංචනික ගනුදෙනු නැවැත්වීමට. හුඟක් චීනය, මලයාසියාව, තායිලන්තය වැනි රටවල් මෙම වංචනික කටයුතු සඳහා ප්‍රසිද්ධයි. නමුත් පිටරට යාමට පෙර මේ සඳහාද අවසර ලබාගත හැකියි.

        ආරක්ෂාව අතින් සහ පහසුව අතින් නම් මෙම Web කාඩ්පත ඉතා අගනෙයි.

        සමන්ත

        පැතා said...

        එල ලිපිය දන්නෙනැති ගොඩක් කරුනු දැනගත්තා

        Anonymous said...

        Naa ban,, onema credit card 1k puluwan(Bronze,Silver,Gold,Platinum),,

        Paypal ekata link karama eelanga monthly statement eke PayPal Verification code eka print wela enawa,, WebCard wage card center 1n ahannath puluwan athi,,,

        uditha said...

        thank u

        Thameera said...

        බුධාජීවට නම් සල්ලිවලටත් වඩා වයස තමා මං හිතන්නෙ පුරස්නෙ :D

        Unknown said...

        maxaa,no word for comment your work machan..

        Dileepa Pathirana said...

        patta patta..මාත් වැඩේට බහින්න ඕනෙ!!!!

        උකුස්සා said...

        ධනික සහෝ..... බලාගෙන හිටිය ලිපිය දැම්මට ගොඩාක් ස්තුතියි... අපිනම් දිගටම ධනිකගේ සිතුවිලි එක්ක ඉනනවා

        ධනික | Dhanika said...

        @තමීර | Thameera
        නෑ අයියෙ, මගෙන් නම් 2700ක් ගත්තා. එයින් 2500කින් ගණුදෙනු කරන්න පුළුවන්.

        @Supun Budhajeewa
        එළ මලයො.. හැබැයි ටාර් ගාලා ලියන්න නම් බැරිවෙයි.. :‍D
        මොකද මේ සතියෙ පොඩි trip එකක් යනවා දවස් 3ක. ඉතිං ඒ ගිහින් ඇවිත් තමයි ලියන්න වෙන්නෙ. (පුළුවන් උනොත් යන්න කලින් ලියන්න බලන්නම්)

        ධනික | Dhanika said...

        @SAD®
        මගේ මේ සිංහල බ්ලොගයට ඇවිත් සිංහලෙන් ප්‍රතිචාරයක් එක් කරීම ගැන ඔබට බොහොම ස්තූතියි sir! ඔබ වගේ වියතෙකුගේ අත්දැකීම් සහ දැනුම නිහතමානීව අප සමඟ බෙදා ගැනීම ගැනත් ඔබට බොහොම ස්තූතියි!
        ඔබ සඳහන් කළ කරුණුත් එක් කරලා මං ලිපිය යාවත්කාලීන කරන්නම්. ස්තුතියි!

        ධනික | Dhanika said...

        @පැතා
        ස්තූතියි මචෝ!

        @pathum
        ස්තූතියි මචං අදහස් බෙදාගත්තට! මං මේ කරුණුත් ඇතුලත් කරලා ලිපිය යාවත්කාලීන කරන්නම්!‍‍

        @uditha
        Welcome මචෝ!

        @තමීර | Thameera‍
        අනේ පව් අයියෙ... ඒ පොඩි එකාව ඔහොම නාවන්න එපා... හික්! :D

        @pasan
        Thanks a lot මචෝ..!

        @Dileepa Pathirana
        එළ එළ බැහැපං බැහැපං... ස්තූතියි මචෝ ප්‍රතිචාරෙට!
        (ඔය අපේ CS උන් ටික ඉන්නවානේද..? කට්ටියම ගජරාමෙට කියවනවා මං ලියන ඒවා... හැබැයි එකෙක්වත් කමෙන්ට්ස් දාන්නෑ තියෙන කම්මැලිකමට... X| $#@$#&% බැච් එකේ 100න් උඹවත් අඩුගානෙ කමෙන්ට් එකකක් දාපු එක ගැන ස්තූතියි!)

        @උකුස්සා
        එළ එළ සහෝ.. ඔහොම කියන එකත් මට ලොකු හයියක්! :)

        ආගන්තුකයා said...

        Aththenma Bohoma sthuthi Me thorathuru Dunnata. Me wenakan mama me gana kisima thorathurak danan hitiye ne. anika matath paypal account eka verfy kara ganna vidiyak nethuwa hitiye. mama me blog eka book mark kara gathth. kohoma unath sahodaraya oya karanne hoda sewayak. magen suba pethum !!

        Kanishka Hennayake said...

        මේ ලිපි ටික නම් ගොඩක් වටිනවා. කමෙන්ට්ස් ටිකත් එකතු වුනාම තවත් එල. ධනිකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලිපි ලියනවාට. අනිත් ලිපි ටිකත් ලියනකම් අපි හෑමෝ ම බලගෙන ඉන්නේ.
        මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. අපි සම්පත් වෙබ් කාඩ් එක හරහා අන්තර්ජාලයේ ගණුදෙනු කරා ම, යම් කිසි මුදලක් කොමිස් හෝ ටැක්ස් ආකාරට බැංකුවට හෝ වෙනයම් අයකුට යනවාද යන්නයි? මොකද මම කළ ගණුදෙනුවකදි නියමිත මුදලට වඩා වැඩි මුදලක් කැපිලා කියලා මට තෙ‍්රුනේ බැලන්ස් එක කාඩ් සෙන්ටර් කෝල් කරලා ඇහුවාම.
        ඒ වගේ ම අපිට අපි කරපු ගණුදෙනු ගැන SMS,කෝල් එකකින් ‍හෝ සම්පත්නෙට් හරහා දැන ගන්න පුලුවන් නේද? මේ ගැනත් පොඩ්ඩක් ලියමුද? මොකද හෑමෝ ම කැමති වෙයි ගණුදෙනු කොහොමද වුනේ කියලා දැන ගන්න.

        Unknown said...

        Thanks again keep-up the good work.

        Unknown said...

        @කணிshක Hennayake
        Normally no tax or commission. However the payment is mainly depend on the exchange rate it's not actually the exchange rate at the date you pay, it will be the posting date rate. In my experience it will take 1-2 days to post the payment to your account for some banks.

        Clearly as soon as a transaction happen there will be amount deducted almost close to the final value but will not be the final value and it will be slightly vary. normally this figure is higher since most of the time SLR is depreciating.

        Unknown said...

        By the way there is some percentage paypal charge to collect the international payments for ebay sellers.

        ධනික | Dhanika said...

        @___Buddhi___
        බොහොම ස්තූතියි සහෝදරයා!
        මං මේ ලියන දේවල් වලින් කවුරු කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවනම් ඒක තමයි මට තියෙන එකම සතුට. කාඩ්පත PayPal තුළ verify කරගන්න විදිය ඊළඟ ලිපියෙදි ලියන්නම්. :)

        @කணிshක Hennayake
        බොහොම ස්තූතියි මචෝ..! ඔව් ඔව් මේ මං ලියන ලිපියක් සම්පූර්ණ වෙන්නෙ ඒකට ලැබෙන කමෙන්ටත් එකතු උනාම තමයි. මේ ලැබුණු කමෙන්ට මගින් මමත් නොදැන හිටපු සමහර දෑ දැනගත්තා. දැනුම බෙදාගැනීම කොතරම් අපූරුද නේද? :)

        බැංකුව කොමිස් හෝ බදු අයකරගැනීමක් කරන්නෑ මචං. අවුරුදු 2 සඳහාම බැංකුව මගින් අපෙන් අයකරගන්න එකම මුදල අර රු.100ක හෝ 200ක කාඩ්පත් ගාස්තුව පමණයි. හැබැයි අර කාඩ්පත verify කරගැනීමෙදි PayPal මගින් කපාගන්න මුදල අපිට නැවත refund කරන්න සතියක් විතර යනවා. ඔබ ශේෂය විමසුවෙ ඒ refund එක ලැබෙන්න කලින්ද දන්නෑ.
        ශේෂය විමසීම දැනට කරන්න පුළුවන් card center ඇමතීමෙන් පමණයි මචං. මං මේ දේවල් ගැන ඊළඟ ලිපියෙදි ලියන්නම්කො. :)

        @lohitha
        Thanks a lot for your comment machan!
        And thanks again for sharing what you know about these things with us. Hope you will keep in touch with this blog. :)

        uditha said...

        Web card එකේ application එකේ තියනවනෙ Designation,Annual Income ගැන අහල ඒවත් පුරවන්නම ඕනද?

        Isuru Udana said...

        ඉතා වටිනා ලිපියක්. web card එක ගැන කිව්වට ස්තූතියි.

        ධනික | Dhanika said...

        @uditha
        ඒවා පුරවන්න ඕනෙම නෑ. මේක pre-paid card එකක් නිසා ඒවා එච්චර බලන්නෑ. නිකමට වගේ තමයි අහලා තියෙන්නෙ.

        @Isuru Udana
        බොහොම ස්තූතියි අයියෙ!

        උකුස්සා said...

        ධනිකයෝ.... ඉතුරු ලිපිය කවදදෝ..... ඉක්මනටම දනවදෝ...........

        LishWish said...

        මගේ කලින් කාර්ඩ් එකක් තිබිලා සල්ලි නොදැමීම හේතුවෙන් ඒක අක්‍රීය වෙලා තියෙන්නේ. මෙහෙම උනත් ආපහු සල්ලි දැමීමෙන් ආපහු සක්‍රීය කරගන්න පුලුවන් නේද?

        උඹට පිං සිද්ධ වෙනවා මේ කරන උදව්වල හැටියට

        ධනික | Dhanika said...

        @උකුස්සා
        හෆොයි... මේ උකුස්සත් එක්ක බෑ නොවැ..! :/
        ඔන්න ඔන්න වද කරපු හින්දා ඉක්මණටම ලිව්වා... බලාගන්නකො.. :D

        @LishWish
        අවංකවම මං ඒ ගැන හරියටම දන්නෑ මචං. නමුත් කාඩ්පත අක්‍රීය උනේ සල්ලි නැති නිසා නම් නැවතත් සල්ලි දාලා සක්‍රීය කරගන්න පුළුවන් වෙයි. කොයි එකටත් මේ ගැන සම්පත් card center අමතලා අහගත්තා නම් හොඳයි. (0112300604)

        Pulasthi Wickramasinghe said...

        thanks macho ela godak usefull una

        Unknown said...

        එළ එළ ජය වේවා....!!

        Unknown said...

        macho oka iwara karala
        net2 phone,skype wage dewal genath poddak kiyala denawa nam loku usdauwaka internet cafe wala ochchara aduwata call dena eka gena matanam tiyenne adu denimak

        K_ZONE said...

        ධනික අයියාගේ සිතුවිලි තමයි සිතුවිලි !
        ඔයා ගොඩ ගිහින් අපිවත් ගොඩ දාන්න දෙන ට්‍රයිඑකට බොහෝම පින් සිද්ධ වෙනවා.

        ධනික | Dhanika said...

        @pulasthiblog
        එළ මචං.. ප්‍රතිචාරෙට ස්තූතියි!

        @Ruwan
        අහ්! ඔබටත් එසේම වේවා! ;)

        @සිංහලබ්ලොග්
        හ්ම්... බලමුකො ඉස්සරහට ඒවා ගැනත් ලියන්න... හැබැයි සහෝ techකතා වගේ ගූග්ල් සමූහෙකින් ඔබට ඔය දැනගන්න ඕන දේවල් ඇහුවනම් ඉක්මණින් ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන් වෙයි... :)

        @K_ZONE
        හෙ.. හේ... ස්තූතියි මල්ලි ප්‍රතිචාරෙට! අනේ ඉතිං මං මේ ලියන දෙවල් වලින් ඔයාලා පොඩ්ඩ පොඩ්ඩ හරි ගොඩ යනවනම් මටත් කොච්චර සතුටුද? ඇත්තමයි මාර ආත්ම තෘප්තියක් ලබනවා මං ඔයාලගෙ මේ ප්‍රතිචාර වලින්! :D :D

        කුප්ප වැඩ said...

        මාර ඉන්ටරස්ටින් ඊ-බේ ලිපි පෙළ නම්. කවුරු හරි දන්නවනම් කියනවද පේපැල් අකවුන්ට් එකට Payoneer Master Card එක ඇඩ් කරන්න පුළුවන්ද කියලා.

        Ruwan Peiris said...

        aiye, habai application eke adhayam wartha illa thiyenawa neda?{please attach a proof of income}ekata mokaddha karanna one??

        ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

        ඔන්න මේකත් කියෙව්වා, ඊලඟ එකත් කියවනවා :ඩී

        udara said...

        ela ela.....
        mata thawa igena ganta godak dewal thiyanawa.mata denaganta one iternet walin data-entry karala money hoyanne kohomada kiyala? mata ekath kiyala dennako.

        ibm said...

        jayawewa dhanuka saho!!!

        Anonymous said...

        ඇත්තෙන්ම සෑහෙන්න පුයෝජනවත්... ජය වේවා !

        කමල් said...

        වැඩේ හොදයි...මමත් බොහෝ විට මේක බලනවා....ලොකු දැනුමක් අපි කාටත් ලැබෙනවා..ජය වේවා.

        Buwa said...

        මචං නියමයි මම www.lankasky.com/blog සයිට් එනකත්

        Kasun Hasanka said...

        මෙ කියන්න යන්නෙ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් ගැන,කාඩ් එකට ඉල්ලුම් පත්‍රය දාල ලියුම ගෙඩරට එනකම් ඉන්න ඔන නැ, දවස් 10 න් බංකුවට ගිහින් කඩ් 1 ගන්න පුලුවන් මොකද කඩ්1 බැංකු ශාකවට ආවත් ලියුම ගෙදරට එන්න තව දවස් 4ක් යනව ! වෙබ් කඩ් 1ට ඉල්ලුම් පත්‍රයක් දැම්මහම ඔයාලට සතියකින් කොල් 1ක් එනව බැංකුවෙන් ඔයලගෙ විස්තර අහල,අන්න එ අංකයට කතා කරල පුලුවන් කඩ් 1 හරියටම බැංකුවට අවද කියල බංකුවෙන් එවන ලියුම එන්න කලින් දැන ගන්න.
        මට වෙබ් කඩ් 1 ගන්න ගියෙ දවස් 10 යි !

        Shyamin Ayesh Fernando said...

        me mata kawru hari kiyanawada .tk domain ekak register kara ganne kohomada kiyala eka free needa. tharaha nathuwa danna kenek wisthara kiyala email ekak ewanawada
        e mail address eka shyaminf@live.com

        dumindume said...

        මගේ කාඩ් එක පේපෑල් එක්ක අවුලක් නැතුව කනෙක්ට් කරගත්තා. PayPal එකෙන් කාර්ඩ් එක verified කරා. ඒත් ඒ ගමන තව අවුලක්....

        http://img818.imageshack.us/img818/8488/clip4a.jpg

        mail me: dumindume@gmail.com

        ධනික | Dhanika said...

        @Money
        ස්තූතයි! සාමාන්‍යයෙන් Visa, Master Card හා American Express Card Paypal වෙත link කරන්න පුළුවන්.

        @Ruwan Peiris
        ඒකට මුකුත් ඕනෙ නෑ මල්ලි. මේක පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා අත්‍යවශ්‍ය නෑ.

        @ඉශාන් තිළිණ
        එළ.. එළ.. කියෝලම වැඩේට බහින්නකො... :)

        @udara
        ස්තූතියි ප්‍රතිචාරෙට! Google සෙවුමක් කළා නම් ඔබට දැනගන්න ඕන දේ පිළිබඳ ඕනතරම් තොරතුරු ලැබේවි.

        @ibm, Buddhi's | බ්ලොග්, කමල්, AMS Ranjan
        හැමෝන්ටම බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට!

        @K2H
        ඔබ ලිපිය හරියට කියවලා වගේ. මේ ටික දැක්කෙ නැද්ද?

        කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?
        * කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.


        @dumindume
        ඔබ ඔය ගැන කලබල විය යුතු නෑ. Unverified ලෙස සඳහන් වී තිබුනත්, ඔබ ඔබේ වෙබ්කාඩ් එක නිසිලෙස Paypal වෙත link කළා නම් ඔබට දැන් ඔබේ Paypal ගිණුමෙන් ඕනෑම ගෙවීමක් කරන්න පුළුවන්. (මං මේ පිළිබඳ 4 වෙනි ලිපියෙ සඳහනකුත් කරලා ඇති, බලන්න)

        පන්සල් හංදිය said...

        කියන්න වදන් නැහැ ඔයාගේ ලිපි ගැන නම් ඒ තරම් කොලිටි.

        ධනික | Dhanika said...

        @CALHARA
        බොහොම ස්තූතියි! ඔය වගේ ප්‍රතිචාර දැක්කම මටත් මාර සතුටක් දැනෙන්නෙ... :)

        කෝලා said...

        බලන එකාට තේරෙන භාසාවෙන් ලියපු හොඳ ලිපියක්.....eBay ගැන මෙලෝක දෙයක් දෙයක් දන්නෙ නැතුව හිටපු මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා....

        තව එකක් තියෙනවා මේ......... payoneer Card එකත් සම්පත් බැංකුවෙ Card එක විදියටම පාවිච්චි කරන්න පුළුවන්ද ?

        desh said...

        බොහොම ස්තූතියි!

        Amal Madawa said...

        Dhanika, Alert Pay walata online job kara salli gennwa ganna puluwanda?

        ewa ape athata ganna puluwannada...?

        Unknown said...

        Godak watinawa nodanna dewal godak dena gaththa.
        bohoma sthuthi.....

        NFX said...

        visa card valin meka thiyena items ganna vidiaya kiyanna barida.dapu post tika num niyamai.obata suba anagathayak

        Dinal Samaranayake said...

        අයියා, අපිට කියන්නකො බලන්න HNB International Debit Card එක ගැන විස්තර ටිකක්. මම අයියගෙ blog එකේ බලුව හැබැයි හම්බුනේ නැ. එහෙම එකක් තියෙනවානම් link එක දාන්නකො බලන්න.
        Thanks.
        Dinal.

        Lahiru Lakshan said...

        ස්තූතියි මචන් කියලා වැඩක් නහැ පට්ට මන් ඔය ගැන හොය හොය හිටියෙ.

        Unknown said...

        Ela Ela !

        Nicely done, For the first time i knew about this, Webcard. Itself and ur guidance made e-bay transaction possible.

        Amila Sampath Senakumara said...

        niyamai mama next mondayma web card ekata apply karanawa.

        gayan said...

        aiye free shipin kiyana ewwata amathara kiyak wath
        gewanna one nadda.........
        thawa ekak mata 18 pirenna masa 8 withara thiyanawa.......web card ekak ganna bariweida?

        gayan said...

        aiye free shipin kiyana ewwata amathara kiyak wath
        gewanna one nadda.........
        thawa ekak mata 18 pirenna masa 8 withara thiyanawa.......web card ekak ganna bariweida?

        Janith Weerasinghe said...

        dollar ekak keeyak venavada macho me card ekedi?

        Teena said...

        මේක නම් ඇත්තටම වටින වැඩක්. මාත් මේ හොය හොය හිටියේ පේපෑල් අකවුන්ට් එකක් හදන හැටි. සිංහලෙන් බොහොම පැහැදිලිව මෙහෙම කියලා දෙන එක නම් ඇත්තටම වටිනවා.. ස්තූතියි සහෝදරයා.

        මල්සර said...

        1. මෙක අපේ අම්මගේ නමින් ගත්තොත් මට 18 සම්පුර්න උනාම මගේ නමට හරවගන්න පුලුවන්ද..?? ඒකට සල්ලි ඔනෙද..??

        2. HNB BANK එකෙන් දෙන කාඩ් එක ගෑනත් දෑනුවත් කරන්න...

        lasantha said...

        paypal ekata card eka link kala, podi aulak tiyenawa paypal eke balance eka pennanne $1.95 ne.eka harida?

        බිම්සර said...

        අයියා මගේ වයස අවුරුදු 16යි. මට ebay එකෙන් i-pod අඩුවට සෙට් උනා. මට ඒක ගන්න paypal එකට සල්ලි දාගන්න විදියක් නැද්ද. තාත්තා කැමති නෑ card එක දෙන්න. තාත්තට ෂුවර් නෑ ebay

        Erandi said...

        මට උවමනාම වෙලා තිබුන තොරතුරු ටිකක් ලැබුනා..
        ස්තුතියි....Mallio...

        Sajee85 said...

        Me lipiya godak prayojanawath. Dhanikata godak thanx. Mama sampath card eka ganda giyama ekata mage namata thiyena billing proof illuwa (Light Bill, Water bill, Bank Statement) Mama rent gedaraka inna nisa mata ewa na. Itin full upset. Mama nikan HNB card eka gana hoyala baluwa. Eka maru. Normala Savings Account ekak open karama International Debit card ekak denawa. Eken Visa tiyena onema thanakin badu gandath puluwan wagema online payment karannath puluwan. Habai online pay karanna nan online pay karana welawata withark card center call karala online active karanna one. Eka safety option ekak.
        Itin mama eka aran pay pal link karala confirm karala ebay eken pay karala badut gatta. HNB card ekenut Pay pal code eka call karala ahaganna puluwan. Podi awlakata tiyenne api link karala dawas 3 kata witara passe thamai eka ahaganda puluwan.
        Mama karapu ebay payment eka successful. Badut ship kara kiyala indicate karanawa. Enda nam thawa kal thiyenawa. Mama kokatath Dhanika kiwa widiyata test karandat ekka podi ganak gewala Battery ekak orde kare. Eka awama tawa wistara liyannam.
        Monawa unath Dhanikata Bohoma Pin. Me wage deyak gana api hamowama pahadiliwa danuwath karala eyage danuma api ekka bedagaththata.
        Thanxxxxx DHANIKA JAYA WEWA

        Unknown said...

        ගින්දර මචං....!

        madhushanka said...

        මචන් අපේ paypal ගිනුමේ මුදල් වෑඩි කර ගන්නෙ කොහොමද? ඒකට අපිට සම්පත් වෙබ් කාඩ් එකට සල්ලි එකතු කරන්න ඔනෙද?
        eg:-
        මට රුපියල් 40000 වටින බඩුවක් ගන්න කොට කොහොමට මගෙ ebay account එකට ගානක් add කරගන්නෙ

        M.Kandasami said...

        එල ලිපිය ,Thanx

        spooky said...

        සම්පත් වෙබ් කාර්ඩ් Alertpay Account

        එකට ලින්ක් කළහැකිද?
        Pay pal money lankawata gennanna puluwanda . Thanx me blog eka haduwata

        බුවාරික්ස් said...

        මචං වෙබ් කාඩ් එක පේ පෑල් එකටයි ඇලර්ට් පේ එකටයි එකපාර ලින්ක් කරන්න පුලුවන්ද?
        පෝස්ට් එක දාල කොයි කාලෙද, තවමත් කොමෙන්ට් කර කර වද දෙනවට සොරි වෙන්න ඕන:)

        Eminem-Aftermath said...

        Thanks brother elakiri

        සමනලයා said...

        supiri

        asanka roshan said...

        නියමයි

        Naly's space said...

        ධනික අයියට පින් සිද්ධවෙන්න මාත් ගත්ත වෙබ් කඩ් එකක් ! :D

        RZX-09 said...

        ekenma maxxa.....

        ASA said...

        mama me gana hoya hoya itiye machan.elakiri machan.mama thama gaththe na web card ekak,mama lagadima ganda inne eth details danne nathuwa ganda bayai.thanks machan.

        D.S.Asaranga

        Rakee said...

        First of all great work malaya, i found really interesting stuff in ur blog
        & i'll tell u what those are really valuable. Being a crusader i am proud of u & u are a proud for our school on the way u hv came so far & what u hv achieved so far. Also i wish u a bright future & would like to give u a small advice, Never ever forget how u started & never ever hunt for money,
        By the way i am Rakshitha Rukmal( 2005 A/L Bio)I wonder that u know me by name but quite sure u may know few of my classmates Himal nalaka, Nipun Kularathne.

        I also need few clarifications regarding that sampath bank webcard,
        Can we use the whole money of the card for a payment or is there a minimum balance which we should maintain during we paying for something?
        If we use the whole balance of the card within which time period that we should refund?
        How long that we can keep the card without using? is there an expiration date?

        Ishan iluka said...

        maru maru class ekakata giya wage ha ha

        asurumuni said...

        hodai tanz

        Namal said...

        වැඩෙ ගොඩක් හොදයි .............. මගේ උනුසුම් සුභ පැතුම්....

        OVITIGALA said...

        යාලුවනේ, මට කියන්න මෙන්න මේ කොටසේ තේරුම මොකක්ද කියලා
        $10 back on 1st purchase & 6 months to pay
        Subject to credit approval.

        ganidupchat said...

        elazzz..මරු ලිපිය..

        Radon said...

        nsb shopin card ekath me wagema link karanna puluwanda?

        Radon said...

        nsb shopping card ekath me wagema link karanna puluwanda?

        GAYAN said...

        අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
        අපි sampath web card එකට දාපු සල්ලි අපහු පාරක් ගන්න පුලුවන්ද?

        GAYAN said...

        අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
        අපි sampath web card එකට දාපු සල්ලි අපහු පාරක් ගන්න පුලුවන්ද?

        Unknown said...

        බොහෝම ස්තූතියි අයියේ ලිපියට ....
        මට කාලය ගියාටනම් අව්ලක් නෑ... Web Card එකේ Application එක download කරගන්න පුලුවන් link එකක් දෙන්නකෝ..... ඔයා දාපු එක Not Found කියනවා....
        --බොහෝම ස්තූතියි--

        Unknown said...

        බොහෝම ස්තූතියි අයියේ ලිපියට ....
        මට කාලය ගියාටනම් අව්ලක් නෑ... Web Card එකේ Application එක download කරගන්න පුලුවන් link එකක් දෙන්නකෝ..... ඔයා දාපු එක Not Found කියනවා....
        --බොහෝම ස්තූතියි--

        Unknown said...

        අයියා.. මමත් ගත්තා.. Web Card එකක්.... මේක කියවලා ගෝඩක් දැනගතා..
        පොඩි අවුලක් තියෙනවා... ebay එකෙන් order කලා.. $ 5.60 විතර item එකක්....
        $ 1 = Rs. 133/= නේ... ඒත් මගේ.. Sampath Vishwa account එකේ... ඒකට අදාලව පෙන්නන්නෙ.. Rs. 200 ගානක් ගියා කියලයි... හරිනම් 800 ගානක් කියලා පෙන්නන්න ඕනෙනෙ.... ඒ.. මොකද...
        අනික කොහොමත් අපි ebay එකට pay කරන්නේ full payment එක නේද...

        Anonymous said...

        වටිනා ලිපියක් මම දන්නැති බොහෝ දේ දැන ගත්තා ප%යොජනයක් ලබා ගන්නමි ස්තුතියි

        Unknown said...

        machan ayye matath sampathweb card 1 ona.bt meke thiyena link 1 click karata mata application ganna baha.mata aka ganna link 1 ganna puluwan link 1 denawada.a gana detail akka.mage mail akata awanna
        kasun.66.skt@gmail.com puluwan tharam ekmanata awanna bro

        Unknown said...

        sasa

        Unknown said...

        awanna bro ekmanata

        Unknown said...

        maru lipiya aiya godak watinawa thank's

        Unknown said...

        maru lipiya aiya godak watinawa thank's

        Unknown said...

        niyamai ayiya

        දික්පිටියා said...

        Thanks macho.. I got them. Thanks a lot...

        saduni said...

        visky visky

        yasa said...

        supiri wadak

        chame vashee said...

        macho!,mamath hetama account ekak open karanawa,matath godak dewal tiyenawa internet haraha ganna,anyway,thanks in advance

        Post a Comment

        පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
        දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
        [භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

        Related Posts with Thumbnails