eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු! (eBay කුප්පි #4)

eBay ගැන සිංහලෙන් දැනගන්න

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො.


ප්‍රධානම කාරණේ තමයි මේ හතරවෙනි ලිපිය 1, 2, 3 ලිපි වගේ හදිස්සියෙ ලියන්න අවශ්‍යයි කියලා මට හිතුන්නෑ. ඒ මොකද අපේ ජීවිතේ අපි දැනුම ලබාගන්න විධි 2ක් තියෙනවනෙ. එකක් තමයි දැනට පවතින දැනුම් ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගැනීම. අනෙක තමයි තමන් විසින්ම අත්හදා බලලා අත්දැකීම් තුළින් දැනුම ලබාගැනීම. ඔය කියන දෙවිධියෙන් eBay කියන්නෙ මොකද්ද?, සම්පත් webcard කියන්නෙ මොකද්ද, ඒක ලබාගන්නෙ කොහොමද? සහ Paypal වෙතට එම webcard පත link කරන්නෙ කොහොමද? කියන කාරණා මම දැක්කෙ පළවෙනි ගණයට වැටෙන දේවල් විධියට. මොකද මුදල් සම්බන්ධ දෑ වලදි අත්දැකීමෙන් දැනුම ලබාගන්න ගිහිං අමාරුවෙ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. (හැබැයි ඉතිං මං මේවා ඉගෙනගත්තෙ නම් 2 වෙනි විදියට තමයි) නමුත් අද මං මේ කියන්න යන eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් තෝරාගැනීම කියන දේ මම දැක්කෙ තමන්ම අත්හදා බලලා අත්දැකීමෙන් ඉගෙනගන්න ඕන දෙයක් විදියට. ඉතිං එහෙම තමන්ටම අත්හදා බලලා ඉගෙනගන්න යම් කාලයක් දෙන්න ඕන නිසා තමයි ඕනෑවටම මේ ලිපිය ටිකක් ප්‍රමාද කළේ. ඊට අමතරව ඉතිං මට ටිකක් වැඩ වැඩි වීමත් ප්‍රමාදයට හේතුවක් උනා කියලත් අවංකව කියන්න ඕනෙ.

අද ලිපිය පටන් ගන්න කලින් කරන්න පුංචි ස්තූතිකිරීම් ටිකකුත් තියෙනවා. පසුගිය Techකතා 52 වෙනි වැඩසටහනෙදි eBay සහ PayPal සම්බන්ධව අසා තිබූ පැණයකට පිළිතුරු ලෙස මගේ eBay ලිපි මාලාව පිළිබඳ සඳහනක් කළ සහ Techකතා අඩවියෙ තුළ මගේ eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 යන ලිපියට සබැඳියක් (link එකක්) පළ කල Techකතා වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමට මගේ අවංක ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම cPlus නම් තොරතුරු තාක්ෂණ සඟාරාවෙ මගේ ඉහත ලිපියම මුද්‍රිත ලිපියක් ලෙස පළ කිරීම ගැන එම සඟරාවෙ ප්‍රධාන කර්තෘ දසුන් සමීර සොයුරාටත් මගේ ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම මෙම ලිපි මාලාවෙ කලින් ලිපි 3 සඳහාම විශාල ලෙස ප්‍රතිචාර එක් කළ පාඨක ඔබ සියළු දෙනාටත් ප්‍රතිචාර තුළදී ඔබ අසා තිබූ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මා හා හවුල් උනු lohitha යන සොයුරාටත් මගේ ස්තූතිය එලෙසින්ම හිමි වෙනවා.

හ්ම්......! සර් කෙනෙක් පංතියකට ආවත් මුලින්ම පාඩම පටන් ගන්නෑනෙ... මුලින් ඔය අනං මනං ටිකක් දොඩවනවනෙ... ඔන්න ඉතිං මගෙත් අනං මනං දෙඩවිල්ල ඉවරයි. දැන් අපි කුප්පිය පටන් ගමු.

සම්පත් webcard පතක් අරගෙන PayPal වෙත link කරලා, දැනටම වැඩේ පටන් අරං තියෙන අය මේ වන විටත් අත්දැකීමෙන්ම ඉගෙනගෙන ඇති අද කතාකරන්න යන දේවල් බොහෝමයක්. නමුත් ලිපි මාලාවෙ සම්පූර්ණත්වය සඳහා පිළිවෙළින් එකේ ඉඳං කියන්නම්. ඒ අතර ඔබ නොදන්නා දෑත් ඇති. ඒ නිසා ලිපිය මුළුමනින්ම කියවන්න.


eBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
  • eBay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකි සෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියම භාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදි එකින් එක ‍සලකා බලමු.


ප්‍රධාන සෙවුම් තීරුව

  • ඔබට අවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්න පුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.

All items, Auctions only සහ Buy it Now only යන ටැබ

  • Buy it Now only - මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.
  • Auctions only - මං මුල්ම ලිපියෙ සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් පොළක් වගේ කියලා. ඉතිං සාමාන්‍ය පොළකින් ඔබට කෙළින්ම ගොස් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වගේම වෙන්දේසියට තබා ඇති භාණ්ඩ වලට ලංසු තබා දිනීමෙනුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්නෙ. ඉතිං මේ eBay සයිබර් පොළෙත් ඔය වගේ වෙන්දේසි කරන භාණ්ඩ තිබෙනවා. මේ Auctions only ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇති භාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා රැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසි කිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි.
  • All items - මෙම ටැබට තේරූ විට Buy it Now only යටතේ ඇති භාණ්ඩ හා Auctions only යටතේ ඇති භාණ්ඩ යන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now only භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක් නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා.

[Auctions (වෙන්දේසි) ගැන සහ ඒවාට ලංසු තැබීම (bid කිරීම) ගැන මං වෙනම ලිපියක් ලියන්නම්. මොකද ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙක් ඔබ සැම විටම භාණ්ඩයක් තේරීමෙදි Buy it Now only කියන ටැබය තෝරා සෙවීම කරන්න.]


සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
  • eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිං ඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.


මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
  • Price + Shipping: lowest first - අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමට අමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේ මිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතු මිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළ ගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළ ගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක) මෙයයි.
  • Time: ending soonest - මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසී අවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ. වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළ ගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.

    අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න
    • Time: newly listed - අලු‍තෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Price + Shipping: highest first - භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Price: highest first - භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Distance first: අපේ රටේ සිට භාණ්ඩයේ විකුණුම්කරුගේ රටට ඇති දුර අඩුම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Best Match - ඔබේ සෙවුමකට හරියටම ගැල‍පිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
    • Category - කාණ්ඩය අනුව භාණ්ඩ පෙළ ගසයි.

    මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්න ඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය. ඉතිං ඔබ සෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතක කරන්න එපා. (ඔය ආකාරය තේරූ විට ඔබෙන් අහයි ඔබේ රට. එයට Sri Lanka (LKA) යන්න ලබා දෙන්න.)


    Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර

    ඔබට පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක් වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.

    Categories - ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.

    Brand - ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

    Condition - ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.

    Price - ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

    Buying formats - ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.

    Show only - ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...

    Location - ඔබ තෝරන්නේ කුමන ස්ථානයක සිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ යම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොව පුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)


    සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?
    • අපි ගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියන ආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළ ගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.

    උදා: සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුල Portable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුව ලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබට දිස්වෙන්නෙ මොනවද කියලා.

    • Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B
    • Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
    • Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
    • Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
    • Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
    • Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
    • PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
    • Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
    • EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
    • Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk

    ‍මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයි මේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුම කළේ "Portable hard disk" කියලා. බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුම සිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩා සෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගත නොහැකි උනේ.

    මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරී ප්‍රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වල නමුත් "-" ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්...)

    • අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම: Portable hard disk -case

    ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරී භාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්‍රතිඵල ලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම "-" ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.

    • මේ විදියට: portable hard disk -case -box -battery -bracket

    අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වන ප්‍රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.

    ~

    ඉතිං මං හිතනවා අද සාකාච්ඡා කෙරුණු කරුණු ටික හොඳටම ඇති කියලා. මුලින් හිතාගෙන හිටියෙ අද ලිපියෙන් භාණ්ඩ තෝරන විදියයි, හොඳ seller කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්න විදියයි, PayPal හරහා ගෙවීම සිදුකරන විදියයි ඔක්කොම කියන්න. ඒත් එක දෙයක් ගැන කියන්න ගියාම කියන්න ගොඩක් දේවල් හිතට එනවා. ඒකයි ලිපිය දිග වැඩි වෙන්නෙ. මං මුලදිම කිව්වත් වගේ අද කියපු සමහර දේවල් නම් ගොඩක් අය දැනටමත් අත්හදා බැලීම තුළින් ලබා ගත් අත්දැකීම තුළින් දැනගෙන ඉන්න ඇති. නමුත් මං මේ හැමදෙයක්ම පිළිවෙළට කියන්නෙ ලිපි පෙළටම අලුත් ආධුනිකයන්ගෙත් ප්‍රයෝජනය තකා.

    ඉතිං මේ ලිපියත් ඔබට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රශ්න තියෙනවනම් ඕනම දෙයක් අහන්න. කලින් ලිපි වල අහපු හැම ප්‍රශ්නයකටම මං හිතන්නෙ මං මගේ දැනුමෙ හැටියට පිළිතුරු දුන්නා. (දන්නැත්නම් දන්නෑ කියලත් කිව්වා..)

    එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි. ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔබ තෝරාගත් භාණ්ඩයට PayPal හරහා මුදල්‍ ගෙවන ආකාරය සහ වෙන්දේසි (Auctions) සඳහා ලංසු තබා (bid කර) භාණ්ඩ දිනාගන්නා ආකාරය. ඒ ලිපිය ලියන කල් මඟ බලාගෙන ඉන්න. ඉක්මණටම ලියන්නම්!

    ඔබට ජය!!!

    73 යි ප්‍රතිචාර

    CBTBlogger said...

    පොඩ්ඩක් කල්ගිය එක තමා ප්‍රශ්නේ,නමුත් එල ලිපිපෙලක්

    ධනික | Dhanika said...

    @Lasindu Nadishan Tharuka
    ස්තූතියි සහෝ! කල් යැවුවෙ ඇයි කියලා කිව්වනෙ... :D

    uditha said...

    වටිනා ලිපියක් ස්තූතියි

    H_boy said...

    මම නම් ඔන්න ධනික ඉන්න බැරි හදිස්සියට කලින්ම වැඩ පටන් ගත්තා සහෝදරයා මට උදව්ත් කලානේ :ඩී :ඩී
    දැන් ඉතින් ඒවා ගෙදරට එනකම් මග බල බල ඉන්නේ දන්නැද්ද ඉතින් හා හා පුරා කියලා පලවෙනි පාරනේ :) :)
    කොහොම උනත් මේ ලිපියෙ අකුරක් නෑරම කියෙව්වා.....
    ස්තූතියි සහෝ ඔබ​ට සදා ජය !!!

    Madhawa Habarakada said...

    ලිපිය වැදගත් ගොඩාක්. නමුත් අර - keyword වැඩේ නම් මට හරි ගියේ නෑ, එතකොට අන්තිමට ඉතුරු උනෙත් මට අදාලත්වයක් නැති ඒව ටිකක්මයි. ඒක මම හොයපු භාණ්ඩයේ වැරැද්දක් වෙන්න ඕනෙ. :)

    Kasun Nadeeshana said...

    ධනික මට E-bay එකෙන් HSDPA modem එකක් ගන්න ඕන වෙලා තියෙනවා. නමුත් සර්ච් කලත් හොයා ගන්න බෑ. මේ ගෙන විස්තර දැන් ගන්න මට ඔයාගේ gtalk හරි Sype ID එක හරි දෙන්න පුළුවන් ලොකු උදව්වක්‍.

    ධනික | Dhanika said...

    @uditha
    ස්තූතියි සහෝ..!

    @Hirantha
    අන්න එහෙම තමයි මචෝ ඉන්න ඕනා.. හැන්දෙන් පොවනකල් බලං ඉන්නැතුව තමන්ම කරලා බලලා දැනුම වැඩි කරගන්නවනම් නියමයි!
    හෙ.. හේ.. මමත් ඔහොම තමයි pay කරපු මුල්ම item එක ගෙදරට එනකල් මඟ බලං හිටියෙ.. හැමදාම පියුම් මහත්තයා ආවම දුවගෙන යනවා ඇවිල්ලද බලන්න... :D :D
    බයවෙන්නෙපා.. ඉක්මණටම ගෙදට්ට එයි. එහෙනම් ජයවේවා! ස්තූතියි!!

    ධනික | Dhanika said...

    @Madhawa Habarakada
    ස්තූතියි අයියෙ! ඒ keyword වැඩේ අයියෙ ටිකක් කරලා කරලාම අල්ලගන්න ඕනා. ඔය විදියට මට නම් කිසිම item එකක් හොයාගන්න බැරි වෙලා නෑ. අයියා හොයපු item එක කිව්වොත් මට හොයලා බලලා කියතැහැකි. :)

    @Kasun Nadeeshana
    eBay එකේ search කරලා තමන්ට ඕන item එක හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. කල් යද්දි අල්ලගන්න පුළුවන්වෙයි.
    ලිපියෙ තියෙන විදියට කරලා බැලුවොත් HSDPA modem එකක් ලෙහෙසියෙන්ම හොයාගන්න පුළුවන්. මෙන්න මං ඔබ වෙනුවෙන් ඒ සෙවීම කළා.
    මෙතන බලන්න

    බුද්ධික said...

    අයියා සෙලාන් ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන් කියන්නෙ ඇත්තද?

    http://www.elakiri.com/forum/showthread.php?t=661234

    ධනික | Dhanika said...

    @බුද්ධික
    මල්ලි Seylan Debit Card එකේ official page එකේ නම් මේ ගැන මුකුත් සඳහන් වෙන්නෑ. මෙතන බලන්නකො. හැබැයි card එකේ නම් ගහලා තියෙනවානේ Electronic use only කියලා?
    මං මේ ගැන ටිකක් හොයලා බලලා හරියටම කියන්නම්.

    Rajeew said...

    ela ela ... ikmanata anith lipith danna. api balan innawa. mamath mage first item eka enakam thama balan innawa. e atherema, digital camera ekak gennanawada nadda kiyalath hitha hitha innawa.

    mokada Dhanika kiyanne, Digital Camera ekak ($100 ka withara) gennuwoth gedaratama eida, tax wadinne nathuwa ??

    බුද්ධික said...

    අයියා මම customs.gov.lk එකේ බලද්දී digi cam එකකට 85.66%ක් tax කියලා තිබ්බා,අපරාදේ මට සැරයක් HD camcoder එකක් සෙට් උනා $74 කට,ඒත් tax නේ

    Rajeew said...

    @ බුද්ධික

    එ උනාට සමහර අය කියලා තියෙනවා එයාලා කැමරා ගෙදරටම ගෙන්න ගත්තා කියලා. තැග්ගක් විදියට එව්වොත් එහෙම එනවද දන්නෙ නැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ..

    Karvin Mendis said...

    දනික අයියේ, මාත් පොඩි භාන්ඩයක් order කලා අදට සතියයි හරියටම. මාත් මේ මග බලාගෙන ඉන්නෙ.....

    ebay ලිපි වලට ගොඩක් ස්තුතියි.

    ධනික | Dhanika said...

    @Rajeew
    බොහොම හොඳයි! ඉවසිල්ලෙන් ඉන්න. ඇණවුම් කරපු භාණ්ඩෙ සුරක්ෂිතව ගෙදරටම එයි.

    Digital Camera එකක් $100 කට විතර නිත්‍යානුකූල විදියට ගෙන්නුවොත් නම් බොහෝ දුරට tax වදින්න පුළුවන්. Sellerව contact කරලා item එක gift එකක් විදියට එවන්නයි, තැපැල් කවරෙ ඇත්ත මිලට වඩා අඩු මිලක් සඳහන් කරනනයි එකඟ කරගත්තොත් සමහර විට tax නොගෙවා ගෙදට්ටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. නමුත් එය නීත්‍යානුකූල නෑ. වඩා හොඳයි ගෙවන්න තියෙන බදු මුදලකුත් ගෙවලා නීත්‍යානුකූල ලෙස ගෙන්වනවා නම්. :)

    @බුද්ධික
    නීත්‍යානුකූල විදියට ගෙන්වනවා නම් බදු වදිනවා මල්ලි. හැබැයි බදු වැදුනත් ලංකාවෙ ගන්න තියෙන ගානට වඩා නම් අඩුවට ගන්න පුළුවන් වෙයි. Rajeewට දීපු පිළිතුර මල්ලිත් කියවලා බැලුවා නම් හොඳයි. :)

    ධනික | Dhanika said...

    @හැමෝටම
    මගේ නම් උපදෙස eBay ගණුදෙනු පටන් ගත්තු ගමන් ඔය තරම් ලොකු ලොකු මිල ගණන් වල භාණ්ඩ මිලදී ගන්න යන්න එපා. මිල ගණන් අඩු භාණ්ඩ ටිකක් ගෙන්නවලා eBay ගණුදෙනු සිදුවන හැටි ගැන අත්දැකීමෙන්ම හොඳ අවබෝධයක් ලබාගන්න. ඊට පස්සෙ පුළුවන් ඔය වගේ ලොකු ලොකු ඒවා ගන්න. :)

    ධනික | Dhanika said...

    @කාවින් තරන්ග මෙන්ඩිස් | Karvin Mendis
    මල්ලිගෙ ප්‍රතිචාරෙටත් ස්තූතියි මල්ලි!

    බය නැතුව ඉන්න. සමහට භාණ්ඩ එන්න සාමාන්‍යයෙන් සතියකට වඩා කල් යනවා. ඔයා ඇණවුම් කරපු භාණ්ඩෙ ඉක්මණටම ගෙදරට එයි. ජයවේවා! :)

    janaka said...

    ගොඩාක් වටින ලිපි පෙලක් ඉතිරි කොටස් ටිකක් ඉක්මනට ලියන්න කියවන්න මග බලගෙන ඉන්නෙ

    ධනික | Dhanika said...

    @janaka
    ස්තූතියි! ඊළඟ ලිපිය ඉක්මණටම ලියන්නම්... :)

    Unknown said...

    @ධනික
    Hay it's glad do see you again with your informative blog series. This would be the most detailed blog series available for the sri lankan ebuyers. Wish you all the best...!!!

    @Rajeew and @ධනික
    Please don't think, just because of the seller marked an item as a 'Gift' or 'Commercial Sample' it will not be subjected to tax. The tax officer at the General Post office or any other cargo facility has authority to tax for an item. Because of strict coustom regulation in US, UK etc... the sellers in those countries are reluctunt to mark an item as gift. But you can ask a seller to mark less value. Don't ask them to mark very less value. If the custom officer suspect the item is undervalued, they can specifiy value and tax accordingly. Sometime it would be disadvantages.

    However buyers should not be discouraged, sometime the post office release item without any tax (execpt for me).

    @කාවින් තරන්ග මෙන්ඩිස්
    As dhanika said it normally takes more than a week. From Hong Kong less than 2 weeks, I always get 7-8 days if no special holidays; From US also 1 - 2 weeks. From UK 2 - 3 weeks. However there may be delay from items comming from Europian Countries due to 'Mt. Etna Volcanic Eruption'.

    In my experiece any item should be reached to you within 30 days after shipping. If you haven't recieved item within 3 weeks contact the seller. Most of the time they will ask you to wait one more week. Even after 4 weeks you didn't recive an item it's better to create a 'Non recived item' case on ebay. ebay will intervene and will resolve the issue. Seller will asked to send a replacement item or make a Refund. Please remember that you cannot create 'Non recieved item' case after 45 day of purchase. Also don't try to create a 'non recieved item case' if you actually recieved an item. Since most valued items comes with tracking no. and/or insurance it can be easily traked whether the item is delivered to the given address.

    ධනික | Dhanika said...

    @lohitha
    Thanks brother! And I'm also glad to see your contribution again towards these post series. Thank you very much for joining with me for this social service.

    Even though I started this post series with my little knowledge, I still don't have much experiences like you. So it's a great stengnth to me as well as to my readers to have a guidance of an experienced person like you.

    Hope you will keep in touch with us! :)

    Meth Visula said...

    lipi pelata sthuuthi. math audio converter ekak gaththa. 3 wks withaea giya.
    jaya wewa

    H_boy said...

    ආපේ ධනික සහෝදරයෘගේ ඊබේ කුප්පිය ඔලූවට ගහලා වැඩ පටන් ගත්ත මගේ ඊබේ පතිඵල ඔන්න දවස් 2-3 කට කලින් ගෙදරටම ආවා.. මාරම සන්තෝසයි ඉතින්.. මේක එනකල් නින්දක් නැතුවයි හිටියේ...
    මේකේ සෑහෙන ගෙෘරවයක් මම අපේ ධනික සහෝට දෙන්න කැමතියි.. :ඩී :ඩී :ඩී මොකද මේ කාලේ ​මේ වගේ දෙයක් ගැන නොදන්න කෙනෙක්ට කියලා දෙන අය සෑහෙන අඩුයි.. ධනික ඒ අතින් නිහතමානි නියම කොල්ලෙක්...
    ඉතින් කට්ටිය දැන් බය නැතිව වැඩට බහින්න...
    ධනික ඈතූලු සැමට ජයෙන් ජය වේවා !!!

    Karvin Mendis said...

    එල කිරි!! මම eBaY එකෙන් ඔඩර් කරපු iPHONE එක yesterday ගෙදරටම අවා.. Dhanika අයියට ගොඩ්ඩාක් thanks වෙන්න ඔන. දවස් 17 විතර ගියා. bt phone එකනම් maXa එලකිරි වගෙ වැඩ!!! very HaPpy

    ධනික | Dhanika said...

    @METH GAMAGE
    ආ.. එළ එළ.. දැන් එහෙනං කුප්පියෙ ප්‍රතිඵල ලැබෙන කාලේ නේ..? :D

    @Hirantha
    බොහොම ස්තූතියි මේ කුප්පි මාලාවෙන් ලැබුණු ප්‍රතිඵල ගැන නැවතත් මෙතනටම ඇවිල්ලා කියන්න කෘතඥ වුනාට...!
    අම්මෝ මට දීලා තියෙන ගෞරවේ වැඩිද මංදා.. :P [හැබැයි මේ ප්‍රතිචාර කියවද්දි නම් මාර සතුටුයි]‍
    ඇත්තටම මං මේ වරුවක් දෙකක් වැය කරලා ලියන දේවල් වලින් ඔයාලා වගේ අය ප්‍රතිඵල ලබන කොට මටත් මාර සතුටුයි මචෝ! ජයවේවා! :)

    @කාවින් තරන්ග මෙන්ඩිස් | Karvin Mendis
    ෂහ්! iPhone එකක් ගත්තද? මරුනෙ... වැඩේ නැගලා යනවා එහෙනම්... කීයක් විතර ගීයාද හැබෑට iPhone එකට?
    [අපිට ඉතිං කොයින්ද බූල් බල්ලො.. :P :P]
    ඔයාලගෙ මේ ප්‍රතිචාර කියවද්දි හරියට මං iPhone එකක් ගත්තා වගේ මටත් සතුටුයි මල්ලි.. එහෙනං ජයෙන් ජය! ප්‍රතිචාරෙට ස්තූතියි!

    ♠GaŋGster♠™ said...

    හොද ලිපි පෙලක්...ස්තුතියි මචන්... :)

    ධනික | Dhanika said...

    @♠GaŋGster♠™
    ඔබේ ප්‍රතිචාරෙටත් ස්තූතියි මචං! :)

    gtX said...

    සම්පත් වෙබ් card එකෙන් එක පාර pay කරන්න පුලුවන් උපරිම වටිනකම $22 ක් වගේ ගානක් නේද?
    එතකොට අපිට $100 ක බඩුවක් ගන්න විදියක් නැද්ද?
    මේක මට ලොකු problem එකක්....
    කරුනා කරල මට මේකට පිලිතුරක් දෙන්න පුලුවන්ද ?

    ධනික | Dhanika said...

    @esaj
    මේ ගැන මං සම්පත් card center වෙතින් විමසීමක් කළා. එහෙම උපරිම වටිනාකමක් නෑ. ඔබේ කාඩ්පතේ තියෙන මුළු ශේෂයෙන්ම ඔබට ගෙවීම් කරන්න පුළුවන්. $100 ක භාණ්ඩයක් ගන්නනම් ඔබට කරන්න තියෙන්නේ ඔබේ Webcard අංකයට ඒ හා සමාන මුදලක් තැම්පත් කරන එක. එවිට ඔබට ඒ වටිනාකම ඇති භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්.

    ($22 කතාව නම් සත්‍ය නොවන බව අත්දැකීමෙන්ම මං දන්නවා. මේ ලඟදිත් මං $59 ක් වටිනා භාණ්ඩයකට webcard පතෙන් ගෙවීමක් කළා. මගේ මිතුරෙක් $150කටත් අධික ගෙවීමක් පවා කර තිබුනා. මෙවැනි අසත්‍ය කතා වලට රැවටෙන්න එපා.)

    gtX said...

    බොහොම ස්තුති මචන් මෙච්චර ඉක්මනටම මට මේකට උත්තර දිපු එකට... අත්තටම ඔයා මෙතන දාල තියෙන දේවල් ගොඩක් වටිනව.. ඉදිරියටත් මෙහෙම දෙවල් අපිට කියල දෙය් කියල බලාපොරොත්තු වෙනව.... එල කිරි වැඩක්... ජය වේවා !!!

    Manushan said...

    බොහොම පින් අය්යෙ ඔයගෙ උදව්වෙන් මාත් මේ ලගදි පොඩි බඩු දෙකක් ගෙදරට ගෙන්න ගත්තා
    _ _
    මනුශාන්
    http://blog.manushan.net/

    ධනික | Dhanika said...

    @esaj
    ස්තූතියි මචං ප්‍රතිචාරෙට! මං ලියන දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම් මටත් ගොඩක් සතුටුයි! ජයවේවා! :)

    @Manushan
    ස්තූතියි මල්ලි! මටත් හරි සන්තෝසයි! :)

    yahoo_ guide said...

    niyamai..thanx kolla. :D

    Unknown said...

    ස්තුති ධනුක මමත් ඔයා නිසා ebay එකෙන් h free එකක් ගෙන්න ගත්තා නැවතත් ස්තුති. එත් බ්ලොග් එක අලුත් කරන්නෙ නැත්තෙ මොකද? මම හැමදාමත් ලොග් වෙලා බලනවා අලුත් මොකුත් තියෙනවද කියලා එත් මොකුත් නැ.....
    අලුත් ලිපි ගැන මාවත් දැනනුවත් කරන්න....
    kelumwijewardena@gmail.com

    ධනික | Dhanika said...

    @dimuthu
    ස්තූතියි මචං ප්‍රතිචාරෙට!

    @සිංහලබ්ලොග්
    බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරෙට! මේ දවස් වල පොඩි exams වගයක් තියෙන නිසා බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගන්න ටිකක් අපහසුයි. ඉඩක් ලැබුනු හැටියෙ ඊළඟ ලිපිය ලියන්නම්. ‍අලුත් ලිපි ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් ඔය දකුණු පැත්තෙ තියන "නව ලිපි ගැන දැනුවත් වන්න" කියන විජට්ටුවට ඔබේ email ලිපිනය දෙන්න. එතකොට නව ලිපියක් පළ වූ සැනින් ඔබට ක්ෂණිකව ඒ පිළිබඳ දැනුම්දීමක් ලැබේවි. :)

    ප.ලි. මම ධනුක නොමයි, ධනික හොඳේ... ;)

    සහන් උඩපොල said...

    ඇත්තටම නියම වටිනා ලිපි පෙලක් ඔබ විසින් අපට ඉදිරි පත් කරන්නේ.......මමත් eBaY එකෙන් ගනු දෙනු කරන්න ආසාවෙන් හිටියේ ඒත් බයකූත් තිබුනා.....දැන් කිසිම පූශ්නයක් නෑ.. ඔබට සුභ අනාගතයක්........අනෙක් ලිපි පෙළ දෙනකමි මග බලා සිටිමි.

    Tharindu Electronic's said...

    ලිපි පෙල මමත් කියෙවුවා ඒකට බොහෝම ස්තුතියි මට ලොකු පුෂ්නයක් තියනවා මම හිතන්නේ ඒක මේ හැමෝටම ඇති ‍ඊබේ ගැන තියන වැදගත්ම පුෂ්නයක් වෙයි අපි ගන්න දෙයක් එවුවෙ නැතිනමි ‍හෝ ඒ‍ වෙනුවට කැඩිච්ච එකක් ආවොත් අපිට මොකක්ද කරන්න පුලුවන් අපේ සල්ලි අපරාදෙ වෙයි ද

    ධනික | Dhanika said...

    @සහන් උඩපොල
    ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි!

    @Tharindu Electronic's
    ඔබ ඇසූ මේ පැණයට පිළිතුරක් වශයෙන් මං මේ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලිව්වා. කරුණාකර එම ලිපිය කියවන්න.
    http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html

    Manjula Peiris said...

    buy it now කියලා තියෙන Items වලත් time left එකක් තියෙන්නෙ ඇයි සහෝදරයා
    ඒ time එකට පස්සෙද අපිට items ලැබෙන්නෙ ?

    ධනික | Dhanika said...

    @Manjula Peiris
    අපොයි නෑ. අපි යම් භාණ්ඩයකට PayPal වෙතින් මුදල් ගෙවලා දිනක් දෙකක් ඇතුලත seller අපිට භාණ්ඩය එවනවා.

    Buy it Now items වලත් time left කියලා එකක් තියෙන්නෙ මේකයි. eBay අඩවියෙ තිබෙන භාණ්ඩ සදාකල්ම eBay අඩවිය තුළ ප්‍රදර්ශණය වෙන්නෙ නෑනෙ. යම් seller කෙනෙක් තමන් ලඟ විකිණීමට තිබෙන භාණ්ඩයක් ගැන eBay අඩවියෙ පළ කරන්නෙ යම් කිසි නිශ්චිත කාලයකට. ඒ කාලයෙන් පස්සෙ ඒ භාණ්ඩය eBay අඩවිය තුළ ප්‍රදර්ශණය වෙන්නෙ නෑ. එනම් එම භාණ්ඩය අපට ඒ sellerලෙන් මිලදී ගන්න පුළුවන් වෙන්නෙ ඒ time left කියා දක්වා ඇති කාලය ඇතුලත පමණයි.

    Unknown said...

    dankia,
    oya kalutara kiyala mama danawa.,mama beruwala..oyata wadda mama 1year elder,oyawa hodata mama danawa.....etin mama tama e-bay akata purudu na....mama ta podak kiyala danawa da hoda seller kanak hoyagana a item aka gana hati.(godak seller la inawa)....tawa pluwan nam ,www.newegg.com gana th podak hoyala kiyana

    Anonymous said...

    mama mukut ma dena gena hitiye ne ebay gena but me letter 1 mata godak wedagat una oya me karana de digatama karagena yanna mama wish karanawa....thanz......
    Nimesh

    Anonymous said...

    mata admin 1 poddak live kata karanna berida aka mata loky help 1 k admin(dhanika)

    සල්ලි හොයමු said...

    Dhanika>>>>>>>Obata jaya wewa....Danuma dannathi kattiyata dena kattiya Lankawe adiu wisheshayenma Computer danuma... Godaak salli yanawa... ithin obata Suba Anaagathayak pathanawa.... Pin sidda wenawa...

    Unknown said...

    Ela ela macho... godak isthuuthi...

    Dulan said...

    ගොඩක් ප්‍රයෝජනවත් විස්තරයක්.

    Unknown said...

    Jaya wewa.................
    kiyala wedak ne.. mama aluten aapu kenek.. meka mata godaak watinawa...
    samawenna one.. mata sinhala typing behe....
    danna widihata type kale...

    tawath me wage dewal daanna.... apita godaak watina dewal..
    Nomilema me wage service ekak dena oyata ... ayeth godaak sthuthi....
    Good luck...!!

    im dinusha

    praween said...

    eBay gena me kiyala dunna tikata oyata Godak Thanks Danika,,,,

    1, tawama mage sampath web card eka nam awe ne. Apu gaman monawa hari Bay karala oyata mama kiyannam.

    2.Mechchra kal api Internet log wela karee FB < Skype chat karapu ekaie 4to,Video,Mp3 Download karapu eka witaraie..
    e dewal walata wediya deyak Internet eken karanna puluwan kiyala danna sinhalen apita kiyala dunnata Oyata godak THANKS, පිං.

    3.mama podi adahasak dennada? mata hari asaie Internet Money gena dena ganna. oyata puluwannam E genath Apita Kuppiyak Denna.

    THX..
    Praween Dhananjaya

    බුද්ධික said...

    man meka kiyanne aluth ayage baya nathi wenna,

    mage yaluwek me lagadi laksha 2.5ka baduwek gatta ebay eken,kisima aulk nathuwa awa UPS eken ship kare,custom ekata gihin tax gewalanm ganna una,eth eka echhra karadayk newe.tax kiyala loku ganak wadinneth na,tax gewwata passeth e baduwa lakawen gannwata wada laksha 7k withra labai,

    dan kattiyata ithn bayak nathuwa ebay eken honda badu adu ganata ganna puluwan kiyala therenwnae :D

    praween said...

    Dear danika,,

    Mata adath Podi prashnayak.

    mama ebay walin USB Extension Cable Ekak gena Search karaa.
    ME tiyenne eke Link eka,

    NSI USB 2.0 A Male to Female M/F Extension Cable 25FT

    mehema Scarch karahama ena hema Scarching Result ekak esserahenma Shipping not specified kiyala enawa, Shipping not specified KIYANNE MOKAKDA?

    E wagema Time left Kiyanne mokakkda?

    Buy It Now $4.85 Time left:3d 18h 33m
    Shipping not specified ?????????????????????????????????





    (mama Extension Cable eka genama hoyanne mage room ekata 3G Signal ne.
    lap ekath uthsagena eliyata wella tamaie me බ්ලොග් Kiyawanne.
    Etin Dongal eka eliyen tiyala net log wenna tamaie me USB Extension Cable ekak ganna hadanne.
    UNITIYE tiyena ewa tika dawasakin weda karanne netuwa yanawa)




    Thanks,,,

    Praween Dhananjaya
    praween072@gmail.com

    Seedra Obeysekara said...

    thanx mamath godak daval dana gaththa meka keyavala

    Best TO Best Ptc Site said...

    එළ එළ

    ධනික | Dhanika said...

    @isuru
    අහ්! ඇත්තද... එහෙනම් මාත් ඔයාව දන්නවා ඇති සමහර විට.
    හොඳ seller කෙනෙක්ව හොයන්න පුළුවන් එකම විදිය sellerගෙ ‍feedback බලන එක තමයි. හැම seller කෙනෙක්ගෙම නම ඉස්සරහින් තියෙනවා % ගානක්. ඒ තියෙන්නෙ එයාගෙ positive feedback ප්‍රතිශතය. ඒක 100%ට කිට්ටු නම් ගොඩක්විට seller ගැන විශ්වාසය තියන්න පුළුවන්. අර ඔයා සඳහන් කළ අනිත් අඩවිය ගැන නම් මම දන්නෙ නෑ.

    @HASARELI
    බොහොම ස්තූතියි!

    @Asanka
    ස්තූතියි! අනිත් කෙනෙක්ගෙ හොඳ දෙයක් ගැන අවංකව කතා කරන ඔබ වගේ අය අද කාලෙ ඉන්නෙත් බොහොම ටිකයි. ඔබටත් ජය!

    @sajeewa
    ඔයාගෙ ප්‍රතිචාරෙටත් බොහොම ස්තූතියි මචෝ!

    @Dulan
    ස්තූතියි!

    @dinusha sankalpa
    බොහොම ස්තූතියි! අයියෝ අවුලක් නෑ. ඕන විදියකට ටයිප් කරලා හිතට දැනෙන දේ කියලා යන එකම ලොකු දෙයක්! :)

    @praween
    බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට!
    Online money කියන්නෙ මගේ මතයට අනුව නම් ප්‍රෝඩාවක් විතරයි. වෙහෙස මහන්සි වෙන්නැතුව කිසිම විදියකින් මේ ලෝකෙ මුදල් උපයන්න බෑ (ලොතරැයි වලින් ඇර). ඔබට හැකියාවන් දක්ෂතාවයන් තියෙනවනම් අන්තර්ජාලය හරහා Feelancee Jobs කරලා සල්ලි හොයන්න නම් පුළුවන්. එහෙම නැතුව කිසිම විදියකින් නිකං ඉඳලා සල්ලි හොයන්න බෑ.

    @බුද්ධික
    බොහොම ස්තූතියි අපේ මේ ලංකාවෙ මිනිස්‍සුන්ගෙ බොරු බය නැති කරන්න උදව් උනාට. ඇත්තටම අපි මේවට බය වෙලා ඉන්න තාක්කල් අපිට මේවයින් කිසි ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ.

    @praween
    "Shipping not specified" කියන්නෙ භාණ්ඩය ප්‍රවාහනය කරන විදිය දක්වලා නෑ කියන එක. ඔහොම සඳහන් වෙලා තියෙන භාණ්ඩ බොහෝ විට ලංකාවට ගෙන්වගන්න බෑ. භාණ්යක් තෝරද්දි ඔවුන් ලංකාවට ප්‍රවාහනය කරනවද නැද්ද කියන එක මුලින්ම හොයලා බලන්න."Time left" කියන්නෙ මේකයි. යම් seller කෙනෙක් eBay අඩවියට ඔවුන් විකුණන භාණ්ඩය පිළිබඳ තොරතුරු ඇතුලත් කරන්නෙ යම් කිසි කාලයකට. ඒ කාලය තුළ විතරයි අපිට ඔවුන්ගෙ ඒ භාණ්ඩය ගන්න පුළුවන්. "Time left" කියලා තියෙන්නෙ අන්න ඒ භාණ්ඩය ගන්න අපිට තව කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියන එක.

    @seedra
    ස්තූතියි ඒ ගැන කියලා යන්න කෘතඥ වුනාට! :)

    @CRICKET
    ස්තූතියි!

    Panangala said...

    ayye..
    mama gps tracker ekek order kala.. $ 17 vithara una. custerm eke nathara unoth nokada karanne.. $ 17 nisa athaharala dannada? upadesak denna..
    thanks

    Amal Madawa said...

    Dhanika,
    EBay account 1k hadana kota web card 1ke wisthara illuwa.mama ewa dunna.eka prashnayak wenna needa?

    ධනංජය මධුශංඛ said...

    ධනික, මට තිබෙන ප්‍රශ්ණය තමයි බොහෝ භාන්ඩ ලංකාවට shipping කරන්නේ නැති බවක් ප්‍රකාෂ කිරීම. මේවා ගෙන්වා ගැනීමට ක්‍රමයක් තිබේද?
    - ධනංජය

    Unknown said...

    එළ එළ........!!!!!!

    Lasith Rangana said...

    aththenma danika aiye api oyage lipi walin ebay gena hoda danumak awa.oyata thanx.aiye oyata thawa me wage lipi liyanna shakthiya dairya wasanawa lebewa. man oyage lipi serama kiyewwa.aiye webcard eken ebay site eke ewa withaida ganna puluwan?. .b.s buy

    බුවාරික්ස් said...

    keyword වැඩේ නම් නියමයි.

    Gayan Anuradha said...

    බොහොම හොද ලිපියක් මමත් ebay එකෙන් items වගයක් ගෙනාව කිසි ප්‍රස්නයක් උනේ නැහැ

    බොහොමත්ම ස්තුති ලබාදුන් තොරතුරු වලට
    හොද දේවල් ලබාදෙන්න
    ඔබට ජය

    Madushani said...

    thank u dhanika bro,
    math me lipi tika kiyawala iye watch ekak purchase kala eth hitata tikak bayai. oyata wahema oyage me letters tika kiyawanna kiyapu saliya brother oyatath godak thank you

    Anonymous said...

    බොහොම ස්තූතියි!

    ŤĥÄȑIñĎū Ӎ ҞűḶäŤћȔȠĢȁ said...

    aiya ebay eka free shipping theyana ekak order karala lankawata awata passe apen post charge hari wana monawata hari money illnawada??? ($1.00 - $ 20.00) wage watena awata...

    Ishan iluka said...

    ela ela kiyala thamai kiyanna thiyenne ahanna prashnayak na lipi tika hodata liyala thiyena nisa

    entertainment and educational said...

    niyamai aiya mama ada tama palawani wathawata me site akata awe.mata oyage contact number akak danawada plz mata prashna godaaaaaai.
    my email: maneeshhm@gmail.com

    entertainment and educational said...

    aiya me site akanam niyamai.mata prashna godaaaai mata oyage contact number akak danawada plz

    maneeshhm@gmail.com

    sarathgold said...

    niyamai ada

    ravi said...

    godak watinawa machan..

    sagara said...

    godaak hoda kenek nodaanna aapeta loku hayyak.........

    Unknown said...

    ko ithuru එක දාන් නැද්ද ඉකමනට ඕනේ

    Unknown said...

    May 8, 2010 1:27 PM Appe ඉසරලම කොමෙන්ටුව දාපු දිනේ කල් වැඩි නේද 5 දාන්න ඔන්න ඔහේ

    Unknown said...

    pattai machoo

    imantha said...

    godak thz mata me lipiya godak watinava

    Post a Comment

    පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
    දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
    [භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

    Related Posts with Thumbnails