ඔන්න මං ආයෙත් සිංදුවක් කිව්වා.. නරඹලා කියන්නකො මං සපිරි තරුව වෙයිද කියලා...

මං ආයෙත් සිංදුවක් කිව්වා කිව්වෙනම් ඇත්තටම. අර සපිරි තරුවේ කතාව නම් බයිටක් හො‍‍ඳේ... :-) මේ සිංදුව මං කිව්වෙ අපේ කැම්පස් එකේ Freshers' Day එකට. (දැන් ටිකක් කල්) දන්නැද්ද ඉතිං Freshers' Day එකේදි ‍ජුන්නංව ටිකක් මඩෝනවනෙ. ඉතිං සිංදුව පටන් ගද්දි නම් පොඩි හූවක් වැදුනා. පස්සෙ කියාගෙන යද්දි නම් කට්ටිය ෆුල් හොල්මං වෙලා සද්දයක් බද්දයක් නැතුව බලාගෙන හිටියා. (පුංචි පම්පෝරියක් හික්..) කොහොමහරි මේ සිංදුවට එදා මට place එකකුත් හම්බුනා. පුළුවන් නම් මේක නරඹලා කියන්නකො බලන්න මට හම්බෙච්ච place එක මොකද්ද කියලා...



සිංදුව බලන ගමං මේ ටිකත් කියවන්නකො. මේ සිංදුව කිව්වෙත් හරි අපූරු විදියකට. එදා Freshers' Day එකට අපේ හැම group එකකින්ම items ඉදිරිපත් කරන්න තිබුණා. අපි ඉතිං අයිස් ගගහා හිටියා මිසක් සිංදුවක් practice ක‍රේ නෑ. ඉඳලා ඉඳලා ඔන්න ඉතිං මේකට ඉස්සරින්දා group එකේ ටික දෙනෙක් බොහොම අමාරුවෙන් සෙට් වෙලා group song එකක්ම කියමු කියලා 'ඈත රන් විමන්' සිංදුව practice කලා. ඒත් ඉතිං නමට විතරයි.

ඉතිං ඔන්න Freshers' Day එක දවසේ කට්ටියත් එක්ක ගිහිල්ලා බලාගෙන ඉන්නවා.. මෙන්න බොලේ අපිට කලින් කියපු groups සිංදු දෙක තුන කියන්න පටං ගත්තනෙ. දැන් ඉතිං මොකද කරන්නෙ අනිත් උන්ට සෙකන්ඩ් වෙන්නත් බෑනෙ. අපේ උන් කිව්වා අපේ group song එකට අමතරව මට ඔය සිංදුවත් කියන්න කියලා. (ඊට කලින් දවසකත් මං අපේ group එකේ උන්ට ඔය සිංදුව කියලා තිබුණා) එහෙම කොහොමද කියන්නෙ එක පාරක්වත් practice නොකර? අනික අපි කියන සිංදු වලට සංගීතය සපයගන්නත් ඕනා අපිමයි. අපේ group එකේ හිටියේ තබ්ලා ගහන්න පුළුවන් එකෙකුයි, කී බෝඩ් ගහන්න පුළුවන් එකෙකුයි විතරයි. උන් දෙන්නා ඔය සිංදුව අහලවත් තිබුන්නෑ.

මොනා කරන්නද ඉතිං group එකේ නම්බුව බේරගන්නත් එපැයි.. හොඳ වෙලාවට මගේ phone එකේ තිබ්බා ඔය සිංදුව super star එකේදි සුරේන්ද්‍ර කියපු එක. මං අරුන් දෙන්නට ඕක අහන්න දුන්නා. ඒත් උන්ට ෂුවර් නෑ. මටත් පොඩ්ඩක් ඔය ගිටාර් එක එහෙම ටිකක් ගහන්න පුළුවන් (පොළේ නෙමෙයි හො‍ඳේ) ඉතිං මට ඔය සිංදුවෙ chords ටික ටිකක් මතක තිබුණා. මං මතක තිබුණ විදියට කොලේක ලියලා කී බෝඩ් ගහන එකාට දුන්නා. ඊ ළඟට තබ්ලා එක? වෙන සිංදු වගේ නෙමෙයි මේ සිංදුව යන්නෙ අමුතුම time එකක (7/8 කියලා) කී බෝඩ් වලවත් ඔය time එකේ beats නෑ.. ඒ හින්දා තබ්ලා එකත් ගහන්නම වෙනවා. අන්තිමේදි කොහොමහරි තබ්ලා මෑන්සුත් සිංදුව අහලා අහලා ෂේප්මන්ට් එකක් දාගෙන වැඩේකරමු කියලා ගේමට බැස්සා.

ඔන්න දැන් අපේ වාරේ ආවා. එක පාරක් වත් practice කරලත් නෑ.. පපුවත් ගැහෙනවා.. හත්තිලව්වට ගහපු කළාබරේ කිව්වාලු කී බෝඩ් ගහපු එකාට interludes (අතරමැදි සංගීත කණ්ඩ) අමතක වෙලා... මොනා කරන්නද ඌ ෂේප් කරන්න නිකං කෝඩ්ස් ටිකක් ගගහා හිටියා.. මාත් ඉතිං ෂේප් කරලම දැම්මා..

කී බොඩ් ගහපු රයන්ටයි තබ්ලා ගහපු යසිතටයි පිං සිද්ද වෙන්න අන්තිමේට කොහොමහරි වැඩේ ගොඩදාගත්තා.. එක පාරක්වත් practice නොකර පට්ටම පට්ට Live sing කරපු සිංදුවට අන්තිමේට අපේ group එකට place එකකුත් හම්බුනා.. ඔන්න ඔහොමයි සිද්ද උනේ.... ෴

(මට මේක phone එකෙන් video කරලා දීපු යසිත්ටත් ස්තූතිවන්ත වෙනවා)

10 යි ප්‍රතිචාර

Anonymous said...

කමක් නැහැ, ගොඩක් භාදක මැද ඡය අරං...!!

Anonymous said...

මාර ආතල් අයියා..... අනේ... තව කියන්නකෝ

Bunny said...

අනිවර්්‍යයෙන්ම සුපිරි තරුව වෙනවාමයි..........

මනුශාන් said...

හිහ් හී එළ එළ
අවුලක් නෑ හොදට කියලා තියෙන්නේ

Sasika Nanayakkara said...

දාන්න තියෙන්නේ සුපර්ස්ටාර් වලට අපිත්ටත් එස්එම්එස් එකක්වත් එවන්න බැරියැ....(ෆොන් එකට රිලොඩ් නම් ඔයාට දාන්න වෙයි.)

Krishan said...

මාරයි අප්පා!!

C4 said...

ගිය පාරට වඩා පොඩ්ඩක් බැහැලා වගේ (තරහා වෙන්න‍ එපා මට හිතුන හැටි)ධනික ඔයාට එක හදාගන්න පුලුවන් උත්සහ කරන්න

ධනික | Dhanika said...

ප්‍රතිචාර දක්වපු හැමෝන්ටම ස්තූතියි!
අපේ group එකට මේකෙදි හම්බුනේ 2nd place එක. මොකද අපි කිව්ව group song එක ටිකක් නාගත්තා. අනික 1st place ගත්ත group එක කිව්වෙ ස්වතන්ත්‍ර නිර්මාණ දෙකක්. ඉතිං ඔවුන්ට 1st place හම්බෙන්න ඕනා පොතේ හැටියට.

@C4
බැහැල නේන්නං, එක පාරක්වත් practice නොකර අච්චර ලොකු සභාවක් ඉස්සරා stage එකක් උඩ පට්ටම පට්ට Live නෙ sing කරේ.. (පපුවත් ගැහි ගැහි) ඉතිං ඔයින් ගියා මදෑ...
තරහා නෑ පොඩ්ඩක්වත් ඕන දෙයක් ලියන්න. විචාර කියන්නෙ හොඳ නරක දෙකමනෙ.. :-)

චාම‍ර වීරසිංහ said...

එලට සිංදුව කියනව එල...............එල...

ධනික | Dhanika said...

@චාම‍ර වීරසිංහ
ස්තූතියි!

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails