SETT Browser for Android වීඩියෝ දර්ශන පෙළ නරඹන්න

ආයුබෝවන්! මීට ටික කලකට කලින් Android දුරකථන සඳහා නිර්මාණය වුනු SETT Browser නම් ජංගම ගවේශකය ගැන ඔබට මතක ඇති. ඒ නිර්මාණ කාර්යය ගැන ප්‍රශංසා කරමින් බොහොදෙනා ප්‍රතිචාර එක්කෙරුවත් හුඟ දෙනෙක් කණගාටු වුනා එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්නවත් නොහැකි වීම ගැන. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි හැමෝගාවම Android දුරකථන නැති නිසා. කොටින්ම කිව්වොත් මං ගාවවත් Android දුරකථනයක් නෑ.
SETT Browser පිළිබඳ විස්තර ඇතුලත් වීඩියෝ දර්ශන පෙළක් හදන්න අවශ්‍යතාවයක් මතු වුනු නිසා ඉතිං ඔන්න මං හිතුවා ඒ හදපු වීඩියෝ දර්ශන පෙළ ඔබ සමඟත් බෙදාගන්න. මොකද අපේ මේ ශ්‍රී ලාංකීක නිර්මාණයන්ගේ රස ඔබ සියලුම දෙනාත් විඳිය යුතුයි. ශ්‍රී ලාංකීක නිර්මාණ ගැන ඔබට ආඩම්බර වෙන්න පුළුවන් එවිටයි.
පළමුවැනි වීඩියෝවෙන් SETT Browser හි මූලික ක්‍රියාකාරීත්වයත්, එනම් එහි සිංහල/දෙමළ පෙන්වීමේ හැකියාවත්, දෙවැනි වීඩියෝවෙන් එහි අනෙකුත් ක්‍රියාකාරීත්වයන් සහ විශේෂාංගත්, තුන්වැනි වීඩියෝවෙන් SETT Browser ගවේශකය බාගත කර ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවත් විස්තර සහිතව දර්ශන ඇතුලත් වෙනවා.
මේ දර්ශන පෙළෙහි හඬ කැවීම ඉංග්‍රීසි බසින් සිදුකිරීම ගැන අමනාම වෙන්න එපා. එසේ කළේ මෙම දර්ශන අපේ දමිළ සොයුරි සොයුරියන්ටත් වැදගත් වන නිසා. ඒ වගේම අපේ මේ ලාංකීක නිර්මාණ පිළිබඳව ලෝකයාද දැනුවත් විය යුතු නිසා.
එහෙනම් ඔන්න වීඩියෝ දර්ශන පෙළ පහතින්. ඔබට ජය!
1. SETT Browser ඇන්ඩ්‍රොයිඩ් ගවේශකයේ සිංහල/දෙමළ පෙළ පෙන්වීමේ හැකියාව
2. SETT Browser ඇන්ඩ්‍රොයිඩ් ගවේශකයේ අමතර හැකියාවන් සහ අනෙකුත් විශේෂාංග
3. SETT Browser ඇන්ඩ්‍රොයිඩ් ගවේශකය බාගත කර ස්ථාපනය කර ගන්නා අයුරු
SETT Browser පිළිබඳව ඉන්දීය වෙබ් අඩවි වල පළ වූ ලිපි:
- http://www.medianama.com/2011/
01/223-sett-browser-for- android-addresses-tamil- sinhala-rendition-issues/ - http://androidos.in/2011/01/
read-tamilsinhala-webpages- with-sett-browser-for-android/ - http://www.androidet.com/sett-
browser-for-android-addresses- tamil-sinhala-rendition- issues/ - http://whichbrowser.org/
uncategorized/sett-browser- for-android-addresses-tamil- sinhala-rendition-issues/
එළකිරි , මේක දැම්ම එක හොඳයි. නැතිනම් අපි පාවිච්චි කරන විදිහ දන්නේ නැහැ . හරි අපූරුවට පැහැදිලිව වැඩේ කරලා තියෙනවා.
@දුමින්ද කවිරංග ගුණවර්ධන
ස්තූතියි මචෝ! මේ මං YouTube වල පළකරපු පළවෙනි Video Reviews ටික. ඉස්සරහට තව මේ වගේ Video Reviews සහ Video Tutorials පටිගත කරන්න අදහසක් තියෙනවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම, එක එක දේවල් ගැන. :)
මමත් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න ඉන්නේ.. එතකොට දාලම බලමු :)
@Yohan Kanishka | යොහාන් කණිෂ්ක
එළ එළ... දාලා බලන්නකො...
(දැන්ම මේක බලන්න හදිස්සි නම් Android Emulator එක දාගෙන බලන්න... :D )
ayye mata podi prashna wagayakata uththara tikak dena ganna ona, ayyata puluwanda , ayyage mail address eka denna,mage mail eka senevirathne89@gmail.com mekata podi mail ekak ewanna, loku udawwak
Sysmbian වලටයි ජාවා වලටයි හදන්න බැරිද අයියෙ?
anroid kh5200 phone ekata me browser1 install wenne sahodaraya... install button1 prass karama me mzg1 enawa,Application not installed ,SETT browser could not be installed on this phone.skype install karannathbe.. phone setting wageneda awul?
Post a Comment