පාප් වහන්සේ සහ ඉඳිකටු හිලෙන් ඔටුවෙකු රිංගවීම - Taboo ට පිළිතුරක්

මම සිංහල කතෝලිකයෙක්මි. නමුදු මම හැදී වැඩුනේ බහුතර බෞද්ධයින් පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාවේ ඇති බෞද්ධ සංස්කෘතිය තුලය. දෙමව්පියන්ට දොහොත් මුදුන් දී වැඳීම, වැඩිහිටියන්ට ගරු කිරීම වැනි කතෝලික සුද්දන්ගේ නැති හොඳ සිරිත් විරිත් සිංහල කතෝලිකයින් වන අපට නිරායාසයෙන්ම උරුම වන්නේ මෙම බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙනි. එම නිසා මම බෞද්ධ ආගමට ඉතා ගෞරව කරමි. මගේ මතය නම් ඕනෑම අයෙකුට තමන් කැමති ආගමක් අදහන්නට අයිතියක් ඇත්තා සේම අන් අය අදහන ආගම් වලට ගරු කිරීමට ද අප බැඳී සිටිය යුතු බවයි. විශ්වවිද්‍යාල සිසුවකු වීම නිසාවෙන් වර්තමානයේ වුවද මම වෙසෙන්නේ බෞද්ධ පරිසරයක බහුතර වූ බෞද්ධ මිතුරු මිතුරියන් ඇසුරු කරමින්ය. කෙටි පණිවුඩයක් යැවූවද, ඉ-ලිපියක් යැවූවද අවසානයේ ඔවුන්ට 'බුදු සරණයි' කීමට මම කිසිදා අමතක නොකරමි. ඔවුන් ඊට පිළිතුරු ලෙස පෙරළා මට 'බුදු සරණයි' කීවද 'ජේසු පිහිටයි' කීවද මට කම් නැත. මන්ද මම මේ ආගම් දෙකටම එක සේ ගෞරව කරන බැවිනි.

මා මෙම ලිපිය ලියන්නට හේතුපාදක වූයේ 'සාමාන්‍යයෙන් නොකියන කතා' නම් බ්ලොග් සටහන ලියන Taboo විසින් පළ කරන ලද ලිපියකි. මෙම ලිපියේදී ඔහු පාප් වහන්සේට 'පෝපා' ලෙස ආමන්ත්‍රණ කර ඇත. මෙලෙස ආමන්ත්‍රණය කිරීම ඔහු සාධාරණීකරණය කරන්නේ මෙලෙසය.

  • "මෙහි ‘පෝපා’ යන යෙදුම භාවිතා කොට ඇත්තේ අවමානයකට නොවේ. කතෝලික ආගම අදහන සුද්දාත් නිකම්ම නිකං Pope කියද්දී අප මේ පුද්ගලයාට ‘පාප් වහන්සේ’ කියා අමතර ගෞරවයක් දීම අවශ්‍යයැයි ලේඛකයා නොසිතයි. වෙන වචනයක් හදා ගන්නා තුරුවත් Pope යෙදුම ඇසුරින් සරල සිංහල වචනයක් ව්‍යුත්පන්න කර ගැනීමට ඔහු අදහස් කළේ එහෙයිනි."

කතෝලික ආගම අදහන්නේ සුද්දා පමණක් නොව මේ රටේ සිටින ශිෂ්ටසම්පන්න සිංහලයන්ද කතෝලික ආගම අදහන බව ඔහු නොදන්නවා නොවිය හැක.

අශ්ශීලාචාර යැයි සැලකෙන සුද්දා තම රටේ පළමු පුද්ගලයාට කියන්නේ නිකම්ම නිකං Mr.President කියාය. නමුත් ශීෂ්ටසම්පන්න සිංහලයා කියන්නේ 'ජනාධිපති තුමා' කියාය. අශ්ශීලාචාර යැයි සැලකෙන සුද්දා බෞද්ධ දර්ශනය ලොවට දේශනා කල ඒ අති උත්තමයන්ට කියන්නේ නිකම්ම නිකං Buddha කියාය. නමුත් ශීෂ්ටසම්පන්න සිංහලයා කියන්නේ 'ගෞතම බුදුන් වහන්සේ' කියාය. අශ්ශීලාචාර යැයි සැලකෙන සුද්දා ඔවුන් අදහන දෙවියන්ගේ පුතණුවන්ට කියන්නේ නිකම්ම නිකං Jesus කියාය. නමුත් ශීෂ්ටසම්පන්න සිංහලයා කියන්නේ 'ජේසුස් වහන්සේ' කියාය. අශ්ශීලාචාර යැයි සැලකෙන සුද්දා තමන් අදහන ආගමේ ජීවමාන නායකයාණන්ට කියන්නේ නිකම්ම නිකං Pope කියාය. නමුත් ශීෂ්ටසම්පන්න සිංහලයා කියන්නේ 'පාප් වහන්සේ' කියාය. ඒ සිංහලයාගේ ශිෂටසම්පන්න බවය, ශීලාචාර බවය. බටහිර අනුකරණයට බැණ වදින ඉහත කතුවරයා විසින් මෙලෙස පාප් වහන්සේට 'පෝපා' කියා ආමන්ත්‍රණය කරීමෙන් කර තිබෙන්නේ ඔහු හෙළා දකින බටහිරකරණයටම ආවැඩීමක් නොවේද? මෙහිදී ඔහු සුද්දාවම අනුගමනය කරමින් සිංහලෙන්ද 'පෝප්' කියා ආමන්ත්‍රණය කලේ නම් ඒත් මට කට පියාගෙන සිටිය හැක. Pope යන්නට 'පෝපා' ලෙස සඳහන් කිරීම හරියට අබිලිං මාමාට 'අබිලියා' කියන්නාක් මෙනි. මෙය කතෝලික ආගමට පමණක් නොව ශිෂ්ටසම්පන්න වූ අපේ සිංහලයන්ටද කරන නිග්‍රයකි.


මා මෙම ලිපිය ලියන්නට පෙළඹුනේ අන් කවරකටත් වඩා ඉහත කතුවරයාගේ නොදැනුවත් කම නිසාවෙන් ලියා තිබුණු පහත වාක්‍ය දැකීමෙනි. මම මෙය නිවැරදි කර ඔහුගේ ලිපියට ප්‍රතිචාරයක් (comment) ලිවූ නමුදු ඔහු විසින් එය මකා දමා තිබුණි. එයින් ඔහුගේ කශේරුකාවට කෙතරම් පණ තිබේදැයි ඔහු විසින්ම හෙළි කරනු ලබයි. ඔහු සඳහන් කර තබුණේ මෙවැනි දෙයකි.

  • ".......බයිබලයේ විස්තර කෙරෙන ඉඳිකටු හිලෙන් ඔටුවකු තල්ලු කිරීමට වෙර දරන මෝඩයන්ට නොවෙනස් වන්නේ එහෙයිනි."

බෞද්ධයෙකු හෝ අන්‍යාගමිකයෙකු හෝ ආගමක් නොඅදහන්නෙකු (ඉහත කතුවරයා මුල් කාලයේ බෞද්ධයෙකු වූ බවද වර්තමානයේ ආගමක් නොඅදහන බවද කියා ඇත) කතෝලික ආගමේ සඳහන් යම් කරුණක් වරදවා වටහාගෙන ඇත්නම් එය නිවැරදි කර නිවැරදි දෙය කියා දීම කතෝලිකයෙකු ලෙස මා සතු යුතුකමක් සහ වගකීමක් ‍යැයි සිතමි.

ඉහත සඳහන් ඉඳිකටු මලෙන් (eye of a needle) ඔටුවකු තල්ලු කිරීමේ කතාවේ පසුබිම මෙයයි.

ජේසුස් වහන්සේගේ කාලයේ ජෙරුසෙලමේ උන් වහන්සේ ජීවත් වූ පෙදෙස් වලට ආසන්නව එක්තරා නගරයක් විය. එම නගරය සතර දෙසින් වට කර විශාල පවුරක් ඉඳි කර තිබුණි. නගරයට ඇතුළු වීම සඳහා පවුරේ තැනින් තැන දොරටු තනා තිබුණි. මෙසේ තිබූ එක්තරා දොරටුවක් උසින් අඩු එකක් විය. මෙම උස අඩු කම නිසාවෙන් ඒ තුලින් යාම තරමක් අපහසු වූ හෙයින් ඒ කාලයේදී මෙම දොරටුව නම් කර තිබුණේ 'ඉඳිකටු මල' ලෙසය. ඔටුවන් පිට බඩු පටවාගත් වෙළෙන්ඳන් මෙම දොරටුවෙන් ඇතුල් වීමේදී, එම දොරෙහි උස අඩු කම නිසා බඩු පටවාගත් ඔටුවන් එම දොරටුවෙන් ඇතුලත් කල නොහැකි විය. ඔටුවන්ව එම දොරටුවන් ඇතුල් කිරීමට නම් උන්ගේ පිටේ තිබූ බඩු සියල්ල ලිහා බිමින් තබා නිකම්ම නිකං ඔටුවාව පමණක් ඇතුල් කල යුතු විය. කතාවේ පසුබිම එයයි. දැන් අපි කතාව කුමක්දැයි බලමු.

ජේසුස් වහන්සේ දේශනා කරමින් සිටියදී එක්තරා ධනවතෙකු උන්වහන්සේ ලඟට පැමිණ "ස්වාමිනී ස්වර්ග රාජ්‍යයට යාමට නම් මා කුමක් කල යුතුද?" යි අසා සිටියේය. එවිට උන්වහන්සේ උපමාවක් කියමින් "ධනවතෙකු ස්වර්ගරාජ්‍යය‍ට ඇතුළු වීම හරියට ඔටුවකු ඉඳිකටු මලෙන් රිංගා යාමක් වැනිය" යැයි කී සේක. එහිදී ජේසුස් වහන්සේ අදහස් කලේ බඩු පටවාගත් ඔටුවකු 'ඉඳිකටු මල' නමැති දොරටුවෙන් ඇතුල් වීමේදී තම පිට පටවාගෙන සිටින බඩු භාණ්ඩ සියල්ල අත්හැරීමට සිදුවන්නාක් මෙන් ධනවතෙකුට ස්වර්ගයට ඇතුළු වීමට නම් තම මිල මුදල් වස්තුව සියල්ල අතහැර ලෞකික ආශාවන්ගෙන් මිදිය යුතු බවයි. යමෙකු නිවන් දැකීමට නම් ඔහු මෙලොව ආශාවන් සියල්ලන්ගෙන් මිදිය යුතු බව ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේත් මේ දෙයමය.

ග්‍රන්ථයක් කියවීමේදී අපට සැමවිටම වචනාර්ථය පමණක් සැලකිය නොහැක. විශේෂයෙන්ම ත්‍රිපිටකය, පන්සිය පනස් ජාතක පොත සහ ශු.බයිබලය වැණි පෞරාණික ග්‍රන්ථ කියැවීමේදී එම කාල වකවානු වල තිබූ සමාජයීය, දේශපාලනික සහ ආර්ථික පසුබිම් කෙරෙහිද අවධානය යොමු කල යුතුය. වචනාර්ථය පමණක් තේරුම් ගැනීමෙන් සිදු වන්නේ අප නොමග යෑම පමණි.

Taboo විසින් ඔහු ලියන මෙම ලිපි පළ කරන 'සාමාන්‍යයෙන් නොකියන කතා' බ්ලොග් සටහනේ විස්තරය ලෙස සඳහන් වන්නේ 'ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි' ලෙසයි. තම ලිපි ලිවීමේදී හරබර වචන හරඹයක නියැලෙන ඔහු කියන්නට හදන්නේ ඔහු සියල්ල දත් බහුස්‍රැතයෙකු බව විය හැක. නමුත් නිවැරදි දෙය හරිහැටි නොදැන ඔහු කරන මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ ඔහුගේම ආත්ම ප්‍රකාශනය අනුකම්පාවිරහිතව නිරුවත් වීම නොවේද?

ආගමක් දහමක් නොඅදහන්නන්ගේ මෙවැනි කතා නිසාවෙන් බෞද්ධ ආගම කෙරෙහි සහ ශිෂ්ටසම්පන්න සිංහල බෞද්ධයන් කෙරෙහි මා තුල ඇති ගෞරවය බිඳකින් හෝ අඩු නොවන බවද අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඔබ සැමට බුදු සරණයි! දෙවි පිහිටයි!



යාවත්කාලීනකරණය:
මෙම ලිපියේ සහ ලිපියට ප්‍රතිචාර දැක්වීමේදී ඇතිවුනු සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස දැනට (09-05-11 ප.ව.8.33) ඉහත Taboo නම් කතුවරයා විසින් ඔහුගේ ලිපියේ සඳහන්ව තිබූ 'පෝපා' යන්න 'පෝප්' ලෙස වෙනස් කර ඇත. දැන් මෙම ලිපිය කියවන කිසිවකු ඔහුගේ ලිපිය කියවුවහොත් දක්නට ලැබෙන්නේ 'පෝප්' යන්නය.

49 යි ප්‍රතිචාර

සරත් ගුණතුංග said...

හිතවත් ධනික මහත්මයා,

ඔබගේ සටහන මම කියැවූයේ සංවේගයෙන්. අපේ රටේ නා නා ආගම් අදහන, නා නා විධ සිරිත් විරිත් ඇති ජනයා ජීවත් වෙනවා. අපි සමගියෙන් ජීවත් විය යුතුයි. අපි එකිනෙකාගේ අදහස් වලට, ආගම් වලට සිරිත් විරිත් වලට ගරු කල යුතුයි. එසේ නොකරන විට මත භේද ඇති වෙනවා, ඒවා දුර දිග යනවා, අවසානයේ කල කෝලාහල ඇති වී භයානක යුද්ධ පවා ඇති වෙනවා. දැනට උතුරට වී ඇති මහා සංහාරය එවන් දෙයක විපාකයක්. 1920 දශකයේදී සිංහල - මුස්ලිම් කෝලාහලයත් ඒ වගේ සිදු වූ නස්පැත්තියක්.

බෞද්ධයෙක් හැටියට මම ඔබෙන් සමාව අයදිනවා. පෝප් තුමා ආගමික නායකයෙක්, එතුමාට නිසි ගෞරවය සෑම පුර වැසියෙක්ම දිය යුතුයි. එතුමාට නිගරු වන අන්දමට කිසිවෙක් කථාකරයි නම් එයින් පෙන්වන්නේ ඒ පුද්ගලයාගේම හිස් බවයි.

තවද, මහත්මයෙක් හැටියට මේ සංසදයටම මේ බව දන්වා මෙහි වැරැද්ද පෙන්වා දීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. කුඩා දෙයක් දුරදිග යෑම ඉන් වලකිනවා.

ඔබට දෙවි පිහිටයි.

෴ .:GiniMakara :.෴ said...

බයිබලයේ සඳහන් එම කථාව මමද කලින් අසා නොමැත්තෙමි.පැහැදිලි කිරීම පිළිබඳව ඔබට තුති.ඔබගේ අගමට පහර ගසා තිබියදිත් බෞද්ධාගමිකයන් ගැන අහිතක් නොසිතීම ඔබගේ ‍ශ්‍රේෂ්ඨත්වය විදහා පාන්නකි.

Anonymous said...

ඔබගේ ලිපිය ගැනනම් මට අදහස් දක්වන්න දෙයක් නෑ. විරුද්ධ වෙන්නත් බැහැ, මොකද ඔබ විශ්වාස කරන දෙය එය නිසා. Mr. President හා ජනාධිපතිතුමා ගැන කතාව පිළිබඳ නම් මට කියන්න තියෙන්නේ ඒක අපේ මිනිස්සු තාම රජ කාලේ ජීවත් වන නිසා කරන දෙයක් කියලා. පාප් වහන්‍සේ සහ ආගම් පිළිබඳ මගේ මතයක් තියෙනවා. එහෙත් එය මෙතනට අදාළ නෑ.

අනිත් එක කියන්‍න තියෙන්නේ සරත් ගුණතුංග මහතාට හා ගිණි මකරාට.
මෙතන ධනික බෞද්ධයන්ට කිසිම චෝදනාවක් එල්ල කරලා නෑ. ඒ වගේම ධනිකට එවැනි දෙයක් කරන්නත් හේතුවක් නැහැ මොකද taboo කියන්නේ ආගමක් අදහන කෙනෙක් නොවන(atheist) නිසා. එම නිසා "ඔබගේ අගමට පහර ගසා තිබියදිත් බෞද්ධාගමිකයන් ගැන අහිතක් නොසිතීම" වැනි වාක්‍යය නිකම් මනස්ගාත විතරයි.

Anonymous said...

ජනාධිපතිට 'ජනාධිපතිතුමා' කීම ශිෂ්ට කමක් නොව වැඩවසම් යුගයේ නිවට කමකි. අප ජීවත් වන්නේ වැඩවසම් යුගයේ නොවන නිසා මේ අනවශ්‍ය ගෞරව මා අතැර දමා ඇත. එය අවමන් කිරීමක් නොවන බව කලින්ම කියා ඇත්තේ එනිසාය. සිංහල කියවන්නට බැරිකම ගැන නම් මට කරන්නට දෙයක් නැත.

සරත් ගුණතුංග නැමැත්තාට මා වෙනුවෙන් කතා කිරීමට බලයක් පවරා නැත.

නිලන්‍ත said...

තමා අදහන ආගමේ සාස්තෘවරයාට යම් අපහාසයක් යමෙකු කල විට ඇතිවන තත්වය මටද වටහාගත හැක. ආගමක් ධර්මයක් නොඅදහනවායැයි කියන පුද්ගලයෙකුගේ සිතුවිලි කෙබඳුදැයි වටහාගැනීමට මෙය ප්‍රමානවත්ය. එබැවින් taboo දැන්වත් යම් ආගමක් මාර්ගයෙන් හික්මීමක් ලබාගන්නේනම් හොඳ බව මගේ අදහසයි.

ධනික | Dhanika said...

@සරත් ගුණතුංග මහතා
ඔබ වැනි වැඩිහිටියෙකු මේ දෙස මෙලෙස බැලීම ඉතා අගය කරමි. මාද සැමවිටම බලාපොරොත්තු වන්නේ සියළු ආගම් සියළු ජාතීන් සහෝදරත්වයෙන් එකට වෙසෙන රටකි.

@ගිනි මකරා
‍යමෙකු නොදැන සිටි දෙයක් පිළිබඳ දැනුවත් කිරීමට ලැබීම පිළිබඳ නිහතමානීව සතුටු වෙමි.

@Chamila
මම මෙයින් බෞද්ධයන්ට චෝදනාවක් එල්ල කර නොමැති වග සත්‍යයක්. නමුත් Mr.President සහ ජනාධිපති තුමා ගැන කතාව කුමක් වුවත් ආගමික නායකයෙකුට 'පෝපා' කියා නිග්‍රහ කිරීම ඔබ අනුමත කරනවාද?

@Taboo
මෙතන ප්‍රශ්නය ඇත්තේ ජනාධිපතිට ජනාධිපති තුමා කීම පිළිබඳ නොව පාප් වහන්සේට 'පෝපා' කියා නිග්‍රහ කිරීම පිළිබඳවය. (ඔබ කියා ඇත්තේ 'පෝප්' කියා නොව අබිලිං මාමාට සමච්චලයට 'අබිලියා' කියන්නාක් මෙන් 'පෝපා' කියාය.) අනෙක් කරුණ නම් ඔටුවකු ඉදිකටු මලෙන් රිංගවීම පිළිබඳව ඔබගේ නොදැනුවත් කම නිසා සිදුකල ප්‍රකාශය නිවැරදි කර මා ඔබගේ ලිපියට සැපයූ ප්‍රතිචාරය ඔබ විසින් මකා දැමීමය. ප්‍රශ්නය තිබෙන තැනට පිළිතුරු නොදී මොනා හෝ කියා ඇඟ බේරාගැනීමද ඔබේ සම්ප්‍රදාය?

Anonymous said...

@නිලන්‍ත,

ආගම් නැමැති මෝහාන්ධකාරයෙන් මගේ මනස පුරවා ගැනීමට කිසිම උවමනාවක් නැත. ඔබ අන්ධ වූ පළියට අනෙකුන්ද ඒ ගොඩටම ඇද ගැනීමට තැත් කිරීම නම් ආත්මාර්ථකාමීකමකටත් වඩා කුහක කමකි.

Anonymous said...

@ධනික,

'පෝපා' යනු Pope යන්න ඍජුව සිංහලට පරිවර්තනය කිරීමක් මිස සමච්චලයට කියන්නක් නොවන බව කළින්ම කියා ඇත. ඔබට සිංහල තේරෙන්නේම නැත්ද?

Pope ට 'පෝපා' නොකියා, වැඩවසම් චාරිත්‍ර අනුව අනවශ්‍ය ගෞරව නොකොට, කිව හැකි කෙටි පදයක් යෝජනා කරන්නේ නම් මම එය භාවිතා කරමි. එසේ නොකරන්නේ නම් 'පෝපා' යන පදය භාවිතාවට සිදුවනු ඇත.

Anonymous said...

ධනික,
ආගමිකයන් හා ආගමක් නොඅදහන පුද්ගලයින් අතර ඇත්තේ අප සාමාන්‍ය සම්ප්‍රදායෙන් මනින්න බැරි වෙනස් කමක්. ආගමක් නොඅදහන පුද්ගලයින් ආගම් අදහන පුද්ගලයින්ගේ ඇස් ඉදිරිපිට දුෂ්ඨයින් ලෙස පෙනීමට පුලුවන්. එහෙත් එසේ පෙනුනාය කියා එසේ වීමට ඇති හැකියාව 100%ක් නොවේ. Atheist පුද්ගලයින් පවතින පද්ධතියෙන් සම්පූර්ණ බැහැර වෙච්ච අය. ඒ නිසා පද්ධතිය තුල නියමයන් ඔවුන්ට apply කරන්න බැහැ.

එලෙසම "පෝපා" යන ඇමතීම ඔබේ ඇසින් නිගරුවක් විය හැකි වුනත් එය ආගම් නොඅදහන පුද්ගලයෙකුගේ ඇසින් ආමන්ත්‍රණයක් පමණයි. ඔවුන් ගෞරවයක් දැක්වීම අනවශ්‍යයි කියා සිතන පුද්ගලයෙකුට බලෙන් ගෞරවය දැක්වීමට සැලැස්වීම අනුමත කරන්න බැහැ. එම නිසා taboo ට එසේ ආමන්ත්‍රණය කිරීමේ අයිතියත් සමඟම ඔබට එයට විරුද්ධ වීමට අයිතියක් තියෙනවා. Taboo ගේ ආමන්ත්‍රණය අනුමත කරන අතරතුර ඔබ විරුද්ධ වීමෙත් වැරැද්දක් මම දකින්නේ නෑ. මෙය සාම්ප්‍රදායික හොඳ සහ නරක අතර සටනක් නොවෙයි.

මම taboo ගේ පැත්තට කතා කරන්නේ නෑ. ඔහුත් ඔබත් අන්ත දෙකක පුද්ගලයින් ලෙසයි දකින්නේ.

ශාකුන්තල | Shaakunthala said...

මම මේක දිහා ඇහැ ගහගෙනයි හිටියෙ. ‍මොකද මේ බ්ලොග් එක මම නොවරදවා බලන එකක්.

නිලන්තගෙ ප්‍රතිචාරය ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි. ආගමක් ඇදහීම කියන සංකල්පයට මම විරුද්ධයි. ආගමකින් විය යුත්තෙ අන්ධ ලෙස ඇදිහීම නෙමෙයි ඊට අනුව ජීවිතය හැඩගස්වා ගැනීම/ පිළිපැදීම. බුදු දහමේ එන ප්‍රතිපත්ති පූජාව, ආමිස පූජාවට වඩා වැදගත් කියන එකයි මේ කියන්නෙ.
"එබැවින් taboo දැන්වත් යම් ආගමක් මාර්ගයෙන් හික්මීමක් ලබාගන්නේනම් හොඳ බව මගේ අදහසයි." -- මේකට සම්පූර්ණයෙන් එකඟයි.

@Taboo,
ප්‍රතිචාරය මකා දැමීමේ චෝදනාව පිළිබඳ මොකද කියන්නෙ?

Anonymous said...

කමෙන්ට් අයින් කිරීමේ කතාව ගැන: මා ධනිකගේ කිසිම කමෙන්ට් එකක් ඉවත් කර නැත. අදහස් වලට වැට බැඳීම මගේ සිරිත නොවේ. මගෙ වෙබ් අඩවියෙහි මගේ අදහස් වලට ප්‍රති විරුද්ධ අදහස් ඕනෑ තරම් පළ වී තිබේ. එක කමෙන්ට් එකක් විතරක් ඉවත් කරන්නේ මක් නිසාද?

Anonymous said...

@ශාකුන්තල,

මේ තලේබාන් දේශය නොවන නිසා මගේ ඇදහීම තීරණය කරන්නට මට අයිතියක් ඇත. පවත්නා කිසිම ආගමක් මගේ බුද්ධි මට්ටමට තරම් නොවේ නම් මම මගේ දර්ශනයක් නිර්මාණය කරමි.

අනෙක් අතට ආගම් වලින් මිනිසුන් හික්මවන්නේය යන්න අර්ධ සත්‍යයකි. වැඩි හරියක් සිදු වන්නේ එහි අනෙක් පැත්තය. මේ වන විට ලොව වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ආගම් වල නාමයෙනි. අවශ්‍ය නම් සංඛ්‍යා ලේඛන සැපයිය හැකිය.

ධනික | Dhanika said...

@ Taboo
මම මේ ලිපිය ලිව්වේද ඔබ මගේ ප්‍රතිචාරය මකා දමා තිබූ හෙයිනි. නැත්නම් මට මේ පිළිබඳ ඔබගේ ලිපියට ප්‍රතිචාරයක් දක්වනු විනා ලිපියක් ලීමේ අවශ්‍යතාවයක් නොතිබුණි. මම එහි ප්‍රතිචාර දෙකක් ලිව්වෙමි. (මම ප්‍රතිචාර දැක්වූයේ 'ධ' යන නමිනි) ඔටුවෙකු ඉඳිකටු හිලෙන් රිංගවීම පිළිබඳව එකක් සහ මධුර නම් තැනැත්තෙකු ඔබේ ලිපියට ලිවූ ප්‍රතිචාරයක් අනුමත කරමින් ඔහුගේ ප්‍රතිචාරයට නැවත ප්‍රතිචාරයක් ද ලෙසය. කශේරුකාවක් නොමැති ලෙස මාගේ ප්‍රතිචාර දෙකම මකා දැමූ ‍ඔබට, මම ඔබට ප්‍රතිචාර ලිව්වේ නැතැයි කීම එතරම් අපහසු නැති බව සැක නැත.

Anonymous said...

@ධනික,

මම ඔබේ සියළු චෝදනා වලට පිළිතුරු දී ඇත්තෙමි. පිළි ගැනීම හෝ නොගැනීම ඔබ සතුය.

ඉඳිකටු හිල පිළිබඳ කතාව මා අසා තිබුනේ 'eye of the needle' යන ඉංගිරිසි යෙදුම ඇසුරිනි. විකිපීඩියාවට අනුව මේ ගැන අර්ථකථන තුනක් ඇත. මා කතා කරන්නේ එහි ඇති වඩාම ප්‍රචලිත අර්ථකථනය ගැනය. ඔබ කතා කරන්නේ පළමු විකල්ප අර්ථකථනය ගැනය. (අවංකව අනෙක් අර්ථකථන ගැන මම දැන නොසිටියෙමි. දැනුවත් කිරීම ගැන ස්තූතියි.)

අර්ථකථන තුනම ගැන විකිපීඩියාව කරන විස්තරය මෙහි පළ කරමි.

General interpretation

The most common Christian interpretation is that Jesus uses the physical impossibility of a camel passing through a needle (compare the similar Talmudic expression involving an elephant) to hyperbolically express the difficulty of entering heaven. A rich man would not ordinarily be able to enter the kingdom of heaven (and the disciples interpreted this to mean that no one can be saved, since wealth was considered a sign of God's favor); but God can achieve what would be impossible without his help. Jesus spoke in response to the rich man's unwillingness to give up his worldly possessions; through the grace of God, he might be able to give up his attachment to them. Christians also typically use the account of the rich young ruler, including this phrase, to teach about the deceitfulness of wealth and worldly prestige.

Some scholars have suggested that the word camel (κάμηλον) is in fact a mis-reading of the Greek original, and should instead read rope (κάμιλον). On the weight of this, some English versions read "cable" instead of "camel".[3] This explanation is also based on the notion of physical impossibility: neither a camel nor a rope can pass through the eye of a needle.

In any event, it should be pointed out that in Luke 3:2-11, John the Baptist in seeming accordance with this more literal view made the renunciation of wealth for the sake of the needy not only a primary condition of avoiding being "cast into the fire," but a clear condition of preparation for the coming of Christ (Luke 3:4). In addition, it is not frequently mentioned by religious authorities that what Christ demanded of the rich, young ruler, he demanded of all his disciples (Luke 12:33; Luke 14:33). So Christ was not unfairly singling out the rich so much as he was stressing another famous teaching of his: that one cannot serve both God and mammon. Real detachment from wealth must prove itself by clear, definitive, objective action on behalf of the poor rather than any subjective self-delusion.

The argument is also asserted that just because someone or his ancestors has successfully violated the Ten Commandments by coveting and stealing property from another party does not entitle the thief and his descendants to keep what God intended for or belonged to others and their descendants. This argument recalls the Mosaic Year of Jubilee wherein all debt was canceled and all property was returned every fifty years to the original owners and their descendants.

From these and other passages too numerous to mention here, it cannot be denied that a certain equality and avoidance of unchecked political power is espoused in the Bible from cover to cover. Therefore, this literal interpretation regarding the camel or rope and the "eye of the needle" seems to be in accordance with many if not most principles espoused by both the Old Testament and New Testament. Though this interpretation may appear to be a new religious ideal of the time, it is arguably not the case.


Alternative Interpretation 1

Another common explanation of the figure, is that Jesus was referring to a certain gate in Jerusalem called Needle's Eye. This entry-point was built like the eye of a needle and so low that a camel could pass only if it entered kneeling and unencumbered with baggage. The lesson would then be that an eternal inheritance awaits those who unburden themselves of sin, and in particular, the things of this world. Also, kneeling represents submission and humility, which are required to enter into heaven. Although there is no historical evidence that such a gate ever existed, through frequent repetition the idea has attained the status of virtual dogma in some circles.[4]

"Zondervan's Pictorial Bible Dictionary" has a picture of a large city gate with a small door in it about four feet high and makes the following claim in the caption: "The Jaffa Gate in the wall of Jerusalem, showing the 'Needle's Eye.' Small doors such as this were common features of the gates of ancient cities; humans could pass through fairly easily, but large animals, such as camels, had to be unloaded and then had to kneel to get through, even then with difficulty."

According to InterVarsity Press's Bible Background Commentary (Craig S. Keener ed., 1993), those who support this interpretation are mistaken because the gate in question was not constructed until the Middle Ages - well after the Gospels were written.[5]


Alternative Interpretation 2

It is easier for a camel/needle . . . than a rich man to enter heaven . . . but it is not Impossible (inferred). Setting all hypothetical word definitions aside, when Jesus is first questioned by the young rich man, his first response is only (paraphrased) "You know of the commandments, adhere to them and you will find heaven." If the rich man had left at this point, it could be inferred that wealth is not an obstacle to paradise. It is only when the rich man approaches Jesus a second time and asks again (paraphrased) "I have done these things since my youth, is there nothing more I can do to ensure my place in heaven?" that Jesus tells him to give up his wealth.

If the rich man was performing for his watching friends and trying to extend his contact with Jesus, then the additional requirements to dispose of wealth could be considered a punitive action directed more toward the rich man's insolence than to his wealthy status. Otherwise, giving up wealth would have been the first answer. Jesus did not say, "your wealth shows that you covet possessions, and you risk trespass of that commandment." At this point, one must consider that Jesus was teaching his followers at the expense of the rich man.

Along with the eye of the needle analogy, Jesus says "by man this is impossible, but with God all things are possible." This statement, when considered along with the lesson "Render to Caesar what is Caesar's, and give to God, what is God's", shows that Jesus believed a clear separation of secular honestly earned material wealth and non-secular Mosaic Law could co-exist. The focus of this parable may be that the more wealth you have, the more honest you must strive to be.

http://en.wikipedia.org/wiki/Eye_of_a_needle

Anonymous said...

දැනුයි මූට දැනුවත් කිරීම ගැන ස්තූති කරන්න මතක් වෙලා තියෙන්නේ... අනේද කියන්නේ මුන්ගේ... හැටි

Anonymous said...

@Anonymous- අලි ඔළුවෙන් නේ මුන් ඉන්නේ. ඒකයි. සියල්ල දත් බක පණ්ඩිත. සර්ව ලෝක පූට්ටුවක් කියලා හිතාගෙන ඉන්නේ.

ධනික | Dhanika said...

@Taboo
අවංක වීම පිළිබඳ සහ දැන නොසිටියා යැයි පිළිගැනීම පිළිබඳ මම ඔබ ගැන සතුටු වෙමි. Pope යන්නට ඔබ 'පෝප්' ලෙසම භාවිතා කලානම් ගැටළුවක් නැත. ඔබ එතුමන්ට ගෞරව නොකලද 'පෝපා' යයි කීමෙන් ඔහුට ගෞරව කරන අයට (කතෝලික හෝ බෞද්ධ) එය ඔබ නිග්‍රහ කිරීමක් ලෙස පෙනේවි යැයි නොසිතුනේ මන්ද?

@Anonymous
තම නාමයෙන් හෝ අනුවර්ත නාමයකින් හෝ ඔබව නැවත ඇමතිය හැකි ආකාරයට ප්‍රතිචාර එක් කලා නම් වඩා හොඳය.

Anonymous said...

@ධනික,

මටත් ප්‍රශ්න දෙකක් විතරක් අහන්න ඉඩ දෙන්න.

1. 'මෑණියන් වහන්සේ' නොකියා 'අම්මා' කීම අගෞරවයක් සේ ඔබ දකින්නේද?

2. 'පෝපා' යන යෙදුම අගෞරවයක් නම් 'අප්පා', මහප්පා', බාප්පා', 'ඈපා' (ආදිපාද) හා 'මාපා' (මහා ආදිපාද) යන යෙදුම් ගැන ඔබේ අදහස කුමක්ද?

('පෝපා' හෝ 'පෝප්' කියන දෙකෙහි මට කිසිම වෙනසක් නැත. එනිසා එය මම 'පෝප්' ලෙස වෙනස් කරමි.)

Anonymous said...

දර්මයෙන් හික්මීමක් නෑති එකා තමන්ගේ අම්මට වත් සලකයිද,මුගේ නොකියන කතා නොකියාම ඉන්නවානම් වඩාත් සුදුසු නොවේද? රටට හෙන ගෑහුවත් මිසදිටුවන්ට කුමක් වේද?දරුවනේ අසෙවනාච බාලානන්,.....එත් මුට තේරෙන එකක් නෑ

෴ .:GiniMakara :.෴ said...

ඔබට එය මනස්ගාතයක් වීම පිලිබඳව මට කරන්නට දෙයක් නොමැත Taboo යනු ඊනියා atheist කෙනෙකු බව මම දනිමි ධනික‍ ශ්‍රේෂ්ඨ අයෙකු බව පැවසූයේ Taboo වෙනුවෙන් ක‍ඩේ යාමට හෝ සමාව ගැනීමට හෝ මැද්දට පැන ලකුණු දමා ගැනීමට හෝ නොවන බව මතක් කළ යුතුව ඇත. මා එසේ පැවසූයේ :-
1.කතෝලිකයකු වුවත් බෞද්ධ පරිසරයක හැදී වැඩී බෞද්ධ සංස්කෘතියේ දේවල් තම ජීවිතයට එකතු කර ගැනීම නිසාය. (අපේ බවුද්ධයන් බෞද්ධ පරිසරයක හැදී වැඩී එකතුකර ගන්නේ සංකර දේවල්ය.)
2.“ආගමක් දහමක් නොඅදහන්නන්ගේ මෙවැනි කතා නිසාවෙන් *බෞද්ධ ආගම* කෙරෙහි සහ *ශිෂ්ටසම්පන්න සිංහල බෞද්ධයන් කෙරෙහි* මා තුල ඇති ගෞරවය බිඳකින් හෝ අඩු නොවන බව” යන ප්‍රකාශය අගය කිරීමක් ලෙසටය. (*අවධාරණය මගේ) (බෞද්ධාගම ගැන මෙහිදී ධනික සඳහන් කලේ “ඉහත කතුවරයා Taboo මුල් කාලයේ බෞද්ධයෙකු වූ බවද වර්තමානයේ ආගමක් නොඅදහන බවද කියා ඇත” යන හේතුව නිසාවෙන් විය යුතුය)
3. අපේ ‍ උප්පැන්න සහතික බෞද්ධයන් නිවසකට, බත් පතකට, කසාදයකට ආගම හැරයත්දී කතෝලිකයක වූ ඩනිෂ්ක බෞද්ධ සංස්කෘතියේ වටිනාකම අගය කළ නිසාය.
4.තම ආගමට කරන ලද අගෞරව සහගත ප්‍රකාශනයට සංයමයකින් යුතුව පිළිතුරැ දුන් නිසාය.
තමන් කැමති ආගමක් ඇදහීම හෝ නොඇදහීම එක් එක් අයට අයිති කරැණක් වුවත් නිසි හැ‍දෑරීමකින් තොරව අන්‍ය ආගම් හෝ අදහන ආගම අපකීර්තියට අගෞරවයට පත් කිරීම මම කිසි සේත් අනුමත නොකරමි. සරත් ගුණතුංග මහතා පවසා ඇති පරිදි දුර දිග නොබලා කරන වැඩ නිසා ආගම් අතර ප්‍රශ්න ඇති විමට වුවද හැකියාව ඇත. එවැනි දේවල් ඇතිකර විනෝදයට පත් වෙන අයද සිටිනා බව අමතක නොකළ යුතුය. මට අවශ්‍ය වූයේ එවැනි දෙයක් ඇතිවීම වැලැක්වීමටයි.

Anonymous said...

('පෝපා' හෝ 'පෝප්' කියන දෙකෙහි මට කිසිම වෙනසක් නැත. එනිසා එය මම 'පෝප්' ලෙස වෙනස් කරමි.)

wili lajjayi TABOOOOWOOOOO
ubea yaluwo ehema dakkanam meaka oka tamayi sinaha wes gath narinta wennea

෴ .:GiniMakara :.෴ said...

ම‍ගේ ඉහත ප්‍රතිචාරය chamila_dealwis ‍වෙත බව කරැණාවෙන් සලකන්න

ධනික | Dhanika said...

@Taboo
1. 'මෑණියන් වහන්සේ' නොකියා අම්මා කීම අගෞරවයක් නොවේ. මන්ද අම්මා යනු ඇයට අපි ඉපදුනු දින සිට ගෞරවය දක්වන ආකාරයයි.
2. 'පෝපා' යන යෙදුම අගෞරවයක් බව ඔබටම සිතී ඇති බව ඔබ එය 'පෝප්' ලෙස වෙනස් කිරීමෙන් පැහැදිලිය.

එසේ මෙසේ කෙසේ හෝ ඔබ එය අඩුතරමේ 'පෝප්' ලෙසවත් වෙනස් කිරීම පිළිබඳ මඳක් හෝ සතුටු වෙමි. අත්වැරැද්දක් නිවැරදි කර ගැනීම ලැජ්ජාවක් නොවේ. ඔබ 'පෝප්' ලෙස වෙනස් කල දෙය 'පෝප් තුමා' ලෙස වෙනස් කර හැකි නම් ඔබේ අත්වැරැද්ද ඔබට හදා ගත හැක. මේ සංවාදයද මෙතනින් නිමා කල හැක.

@Anonymous
කරුණාකර නැවත ඇමතිය හැකි ලෙසකින් ප්‍රතිචාර එක් කරන්න.

Anonymous said...

@ධනික,

මා 'පෝපා' යනු 'පෝප්' ලෙස වෙනස් කළේ, 'පෝපා' යන්න අගෞරවයක් සේ සිතන නිසා නොවේ. මෙවන් සුළු කරුණු සඳහා වාදයක පැටළිය යුතු නැති නිසාය. 'පෝපා' යනු අගෞරවයක් නොවන බව මම යළිත් කියමි. එය 'වැරැද්දක්' නිවැරදි කිරීමක් නොවේ.

'තුමා' කීමේ අවශ්‍යතාවයක් කොහොමටවත් නැත.

මගේ දෙවන ප්‍රශ්නයට ඔබ උත්තර නොදී මඟහැරි බව පෙනේ.

මහෞෂධ said...

@Taboo

ඔබගේම අදහසක් මම ණයට උණ පුර්ණයක් ද සමගින් ප්‍රකාශ ක‍රමි.

"ප්‍රතිරූප තනා ගැනීමට උත්සාහ දරන්නන් එක්කෝ ඒවා කාක්කන් බෙටි නොදමන තැනක තනා ගත යුතුය. නැත්නම් එය ඉවසිය යුතුය. බෙටි දමා ප්‍රතිරූප කැත කරනවාය කියා කාක්කන්ට නඩු දාන්නට බැරිය."

තවද,
"එසේ බෙටි වෑටුන විට බෙටි නොසෝදාගෙන, මහජනතාව අත‍රට ගොස් බෙරිහන් දෙන විට සිදුවන්නේ තමන් ඈවිදින අශුචි ගොඩක් බවට පත්විමය."

Anonymous said...

@mahen3d,

බුදු පිළිම වලටත් බෙටි දාන කාක්කෝ සිටිති. ඒ නිසා ඕවා කම්පා විය යුතු කාරණා නොවේ.

අනෙක් අතට හැම මානවයකුම නව දොරකින් ඕජස් ගලන, ඇවිදින අසුචි ගොඩකි. මේ කිව්වේ මා නොව ගෞතම බුද්ධ කියලා කෙනෙකි.

Anonymous said...

ඇමතුවේ නැති වුනාට කමක් නෑ. මූ වගේම නිර්ණාමිකව කියන්න තියෙන දේ කියනවා එච්චරයි. ඔය විශ්වවිද්‍යාල වල උගන්නන ආචාර්යවරු මහාචාර්යවරු කැමතියි තමන් හරි අලි ලොකු එකා. තමන් විතරයි හැම දේම දන්නේ කියලා පෙන්නන්න. ඉතින් උන් තමන් වෙනස් කියලා පෙන්නන්න අලුත් අලුත් දේවල් කරලා ලොකු වෙලා පුම්බගන්න කැමතියි. මුගේ වචන බාවිතයත් ඒ විදිහමයි. වෙන රටවල විශ්වවිද්‍යාල වල ඉන්න එවුන් නම් සමීක්ෂණ පරීක්ෂණ කරලයි අලුත් දේවල් හඳුන්වා දෙන්නේ විශේෂයෙන්ම විද්‍යාවට සම්බන්ධ දේවල්. ‍ඒත් ලංකාවේ අපේ එවුන් මේ මුකුත් කරන්නේ නැතුව තමන් අලි සයිස් කියලා පෙන්නන්න භාෂාවයි ඔක්කොම කාලා විකාර හඳුන්වලා දෙනවා. මූ වගේ එවුන්ට මේ විදිහට කියන්න තියෙන දේ කියලා අනුකම්පා කරන එක පමණයි කරන්න තියෙන්නේ.
පව් "Taboo"...

Anonymous said...

2.“ආගමක් දහමක් නොඅදහන්නන්ගේ මෙවැනි කතා නිසාවෙන් *බෞද්ධ ආගම* කෙරෙහි සහ *ශිෂ්ටසම්පන්න සිංහල බෞද්ධයන් කෙරෙහි* මා තුල ඇති ගෞරවය බිඳකින් හෝ අඩු නොවන බව” යන ප්‍රකාශය අගය කිරීමක් ලෙසටය.

taboo යනු ඊනියා atheist කෙනෙකු යැයි ඔබම පවසමින් බෞද්ධයෙකු ලෙස සමාව ගනිමින් මේ සිදු කර ඇත්තේ බොරු බෞද්ධ වීමක් නොවේද? මනස්ගායක ලෙස ඔබට නොපෙනීම පුදුමයක් නොවේ.

ධනික මෙම චෝදනාව බෞද්ධයින් ට යොමු කරනවානම් එය ධනික ගේ වැරැද්දකි. ඔබත් අන්ධයෙකු සේ ඒ වැරැද්ද පසු පස යෑම සිදු කල යුතු නැත.

මහෞෂධ said...

@taboo
ඔව් ඔබට අවශය නම්, ඔබ ඇවිදින අශුචි ගොඩක් යයි සිතා එලෙසම සිටිය හැක. මක්නිසාද යත් ඇත්තටම කිසි වෙනසක් නැති නිසාය. තොප්පිය හරි නිසා තමන්ම දා ගැනිම ගැන ස්තුතිවන්ත වෙමි.

Anonymous said...

Taboo කියන්නේ වෙබ් අවකාශයේ පොරක් වන්නට දඟලන නපුංසක රැළ අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. මූ පොඩි කාලයේ මුගේ අම්මා මූට පෙව්වේ කිරිද නැතිනම් ..රි දැයි අප සොයා බැලිය යුතුය. මේ වාගේ ආගම දහමට නින්දා කරන පක්කිලියන් බිහි කිරීම ගැන වග කිවයුතු උන්ගේ අම්මලාය. කොන්ඩෝම් අවශ්‍ය මුන් ලෝකයට බිහිවන එක වළක්වන එකටය. උගේ තාත්තා එය පාවිච්චි නොකළ එකේ පව් දැන් ගෙවන්නට වී තිබෙන්නේ අපටය. මුන් වැනි නපුංසකයන් සිටිනා තුරු බෞද්ධ වේවා කතෝලික වේවා කිසිම දහමකින් ලෝකයට වැඩක් වන්නේ නැතිය.

෴ .:GiniMakara :.෴ said...

@chamila_dealwis
මම කිසිවෙකුගෙන් සමාව නොඉල්ලීමි. (පටලවා ගැනීම මට අදාල නැත) මා සිදු කලේ ඔහුගේ ප්‍රකාශය අගය කිරීමක් පමණී. මම මෙයට ප්‍රතිචාර දැක්වූයේ බෞද්ධයන් ගැන සඳහනක් තිබූ නිසාවෙන් ආගම් අතර ප්‍රශ්න ඇතිවීම වැලැක්වීමට මිස බෞද්ධකම හුවා දක්වා පොරත්වය පෙන්වීමට නොවේ මට එවැනි ඇ‍ඟේ අමාරැවක් නැත.

Anonymous said...

@ගිණි මකරා
සමාව ගැනීම ගැන සඳහන් කර ඇත්තේ සරත් ගුණතුංග මහතාටයි. ඔබ වලිගය පාගාගෙන ඇත. නැවත මගේ ප්‍රතිචාර කියවුහොත් තත්වය වඩා පැහැදිලි විය හැකියි.

====================

බෞද්ධයින් හා අනෙකුත් ආගම් අදහන අයගේ සංයමය හා කෙරුවාව බෙහෙවින් පැහැදිලි වී ඇත. ඇනොනිමස් ප්‍රතිචාර වල ඇති "ඉවසීමේ ගුණයෙන්" ම එය දැක බලා ගත හැකිය.

Anonymous said...

ආගමක් නැති මානවයෙක් වන මා දේවවාදී මතයක් දරන එකෙකි.කිසිදු ආගමික නිකායකට මා තුළ ගරුත්වයක් නැත.එහෙත් බස හැසිරවීමේදී අනෙකා නොරිදවීම මනා යැයි සිතමි. එබැවින් "පෝපා" යන්න කීවාට වඩා නොකීවා නම් සුදුසු බවයි මගේ නම් අදහස.
එහෙත් එය taboo ගේ අම්ම මුත්තා තරම් දුර දිග යාම ද එසේම නොහොබිනා බව ද මට හැගේ.හරියටම කිව්වොත් මේ යුද්දය වගේය.

Anonymous said...

කොන්ඩයා 6 වසරේ රචනාවකින් උත්තර දී තිබේ. ඔවැන්නෙක්ගෙන් ඔය ආමිස පුජා-ප්‍රතිපත්ති පුජා වගේ බයිලා වලට වැඩි යමක් බලොපොරත්තු වෙන්නේ නම් ඒ සිහිනෙන් පමනි.

එතනින් නොනැවතී රෙකමදාරුවකුත් කර තිබේ. ආගමක් අදහා හික්මීමක් ලබා ගෙන රටට දැයට වැඩ ඇති තමන් මෙන් "මුල්ලා ඔමාර්" කෙනෙක් වෙන ලෙසය.

Atheist යන වචනය මේ Genius ලාට කවුරු හෝ පැහැදිලි කර දෙන්නේ නම් මෙවැනි අඳ බාල ජෝක් අසන්නට සිදු නොවනු ඇති

ඔබේ සදචාරය ඔබේය. එය අනුන් මත බලෙන් පටවන්නට හදන්න එපා.

Anonymous said...

Taboo ගැන අනෙක් අය ලියන ප්‍රතිචාර ගැන බලන්න ඕනෑ මුලින්ම Taboo ලියන්නේ මොනවද කියලා සලකලා බලලා. ආගමික නායකයකුට නිග්‍රහ කරන්න මේ පුද්ගලයාට ඇති අයිතිය මොකද්ද? මේ කතා කරන්නේ ලෝකයේ මිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ නායකයකු ගැන බව මේ අධමයා කල්පනා කළාද? තමන් ගරු කරන ආගමික නායකයකුට හේතුවක් නැතිව නිග්‍රහ කරන විට ඒ ආගමිකයන්ට කෝපයක් ඇතිවන එක සාධාරණයි. එතැනදී ඔවුන් මොන ක්‍රියා මාර්ගයක් ගනීද කියන්නට බැහැ. මීට වැඩි දෙයක් වුනත් Taboo ට වෙන්න පුළුවන් අනාගතයේදි ඔහු දිගින් දිගටම ආගම් වලට ගරහන්න ගියොත්. ඒ වෙලාවට නම් Taboo අඬාගෙන අපි ගාවට දුවගෙන එන්න එපා.

Ramachandra said...

මට හිතෙන විදිහ නම් -මා කිසිදු ආගමකට අයත් නොවන බව පවසන අතරේම- පෝපා යන්න අවමානාත්මක යෙදීමක් වන අතර එම වදන "පෝප්" ‍හෝ "පාප්"ලෙස යොදාගත හැක.
"වහන්සේ"කෑල්ල අත්‍යවශ්‍ය නැත.(අවශ්‍යතාවය ඇත්තෙක් එය යොදාගනිත්වා)
කොහොම වුනත් ආගමක් අදහන අය සහ එසේ නොවන අය සමාජයක සිටින අතර ආගමක් ‍නොඅදහා සිටීමේ කිසිම ගැටලුවක් නැත.ආගම් අදහන අය ආගම් ‍නොඇදහීමට තිබෙන අයිතියට ගරු කල යුතු අතර ආගම් නොඅදහන අයත් යමෙක් ආගමක් අදහන්නේ නම් ඔහුට/ඇයට ඊට ඇති අයිතියට ගරු කල යුතුය.විවේචනය නොකල යුතුය යන්න ඉන් අදහස් නොවන අතර විවේචනය අපහාසයක් නොවන තැනට වග බලා ගැනිම වැදගත් වේ.
-කොවුර් කතෝලික ආගම පිලිබද විවේචනය ගෙන ආ ආකාරය සලකා බලන්න-

නාමල් said...

Taboo කොලුවෝ මේ අහපන්. උඹ පාප් ගැන බැරිනම් පාප්ගේ බාප්පා ගැන ලිව්වත් අපට කමක් නෑ. ඒත් උඹ අපේ රටේ සිංහල බෞද්ධ උරුමයට සමච්චල් කරන්න පටන් ගත්තොත් මේ රටේ දේශප්‍රේමී ජනතාව ඒක බලා ගනීවි. ඒක මතක තියාගෙන ලියපන්.

Anonymous said...

නාමල් ගේ සිතුව්ලි ගැන නම් ලැජ්ජයි. මේක තමයි ගෝත්‍රවාදය.බෙදුම්වාදය.මේ වගේ අය තමයි යුද්දෙට අත්පුඩි තලන්නෙ.
ඔය කාලකන්නි හෙළ බොදු කියන පටු සමාජ මිථ්‍යාවෙන් මිදුනෙ නැත්නම් මේකත් තලේබාන් එකක් වෙන එක වැඩි දුර නැහැ.
ජාතිවාදයෙන් පස්සෙ එන්නෙ ආගම්වාදය....ඔය පේන්නෙ ඒකෙ මුල් තමයි.පවුකාර ජාතියක් බවට හෙළයා පත්වීම ලොකු දුකක්.

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

මකබාස් ට ලියන වග නම්...
මගේ පුද්ගලික මතය නම් තමා කැමැති ලෙස ඕනැම කෙනෙකු ඇමතිය හැකිය යන්නයි.කිසිවෙකුත් වෙනුවෙන් අප ස්වයන්වාරණයකට ලක් විය යුතු නැති බව ගැන මගේ විරුද්ධත්වයක් නැත.
එහෙත් හාමුදුරුවන්ට ගණයා කී විට හෝ අන් අපහාසයක් කළ විට එයද උපේක්ශාවෙන් දරා ගැනීමේ හයිය ඔබට තිබිය යුතුයි.

Anonymous said...
This comment has been removed by a blog administrator.
මහෞෂධ said...

@සියලුම දෙනාට

මෙහි ඇත්තෙ ඉතා ස‍රල ප‍්රශ්නයකි.

1. taboo මතය : සුද්දා Pope'ට නිකම්ම් Pope කියන නිසා අපි ඔහුට නිකම්ම පොපා කිව්වට කමක් නැත.

2. මෙහි ලිපියෙ මතය: සුද්දා එහෙම වැඩ කලාට අපි එහෙම කිරිම අපිට තරම් නොවේ, සුදුසු නැත.

මෙ මතයන් දෙකින් ඔන එකක් තෝරාගෙන සාධාරණිකයනය කිරිම හැර, මෙහි අම්මාට, අච්චිට, මුත්තාට කීමට කිසිදු දෙයක් නැත.

Anonymous said...

@mahen3d,

අනුන්ට උපදෙස් දෙන්ඩ කලින් තමාත් ඒක පිළිපැද්දා නම් නේද හොඳ? මේක අම්ම මුත්තා ගැන වගේම අසුචි ගැන කතාවකුත් නෙවෙයිනේ.

මහෞෂධ said...

@Anonymous

අශුචි කතාව පටන් ගත්තෙ මම නොවෙය.. මම එයට උත්ත‍ර දුන්නා පමනි. එම නිසා එය Taboo ගිහින් කියපන්.

මට ද අවශය නම් ඔබට ද කුනුරුපෙන් අම්මා මුත්තා ගැන කිව හැකිය. එහෙත් මම එවා කිමට උත්ත‍ර නැති, මන්දබුද්ධික, තිරිසන් පුන්නකු බොන, තණකොල කන සිංහලුන් යයි කියා ගන්නා නරින්ගෙ ක‍්රියා ලෙස සලකමි.

ධනික | Dhanika said...

මම විශ්වවිද්‍යාලය නිමවී ගෙදර එන ටිකට හොඳ හොඳ දෑ ලියවී ඇත. මගේ ප්‍රමාදය ගැන ප්‍රථමයෙන් සමා යදිමි.

මෙම ලිපිය ආරම්භ කල මොහොතේ සිට මේ දක්වා සිංහලයෙකු වන මම ඔබ සැම ආම‍න්ත්‍රණය කලේ ශිෂ්ටසම්පන්න සංවර සිංහලෙනි. එම නිසා ඔබ සියළු දෙනාද සංවරව මෙම සංවාදයට එක් වේ යයි බලාපොරොත්තු වෙමි. අසැබි වචන භාවිතයට මගේ බ්ලොග් අඩවියේ ඉඩක් නොමැති බව කරුණාවෙන් සලකනු මැනවි. මේ නිසාවෙන් නිර්නාමික (Anonymous) කෙනෙකු විසින් එක් කර තිබූ අසැබි වචන සහිත විචාර මකා දැමීමට සිදුවිය. නැවත එසේ නොවීම සඳහා මෙම ලිපියට නිර්නාමික විචාර එක් කිරීමේ හැකියාව මවිසින් අත්හිටුවන ලදි.

සිතුවාට වඩා මෙය ගොඩක් දුර දිග ගොස් ඇත. ශෝකයට කරුණ නම් මෙහි වගඋත්තරකරු වන Taboo සහ පැමිණිලිකරු වන මම නිහඬව සිටියදී (විශ්වවිද්‍යාලයට යාම නිසා පෙරදින රැයින් පසු මට ජාලගත වන්නට ලැබුණේ දැන්ය) අනෙක් අය වචනයෙන් ගහ මරා ගැනීමය.

මෙම ලිපිය නිසා ආගම් භේදයක් ඇති වේයයි මා කිසි ලෙසකින්වත් නොසිතුවෙමි. ආගමක් නොඅදහන්නෙකුගේ කතාවක් නිසා කතෝලිකයෙකු වන මම සහ ශිෂ්ටසම්පන්න බෞද්ධයන් වන බහුතර ඔබද ආගම් පිළිබඳ පටලැවිල්ලක් ඇති කරගත යුතු නැත. මා ලිපියේදී සඳහන් කල පරිදිම ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදිහිය හැකි සේම අන් අය අදහන ආගම් වලට නිසි ගෞරවය ලබා දීමටද ශිෂ්ටසම්පන්න පුද්ගලයන් ලෙස අප බැඳී සිටිමු.

මෙම සංවාදය විරසකයකින් තොරව අවසන් කරනුවස් මම Taboo ට පිළිගත හැකි මධ්‍යස්ථ විකල්ප දෙකක් ඉදිරිපත් කරමි.

1. ඔබට සිංහල කමට වඩා සුද්දන්ගේ අනුකරණය වටී නම් සිංහල භාෂාවට නිග්‍රහ කර 'පෝප්' ලෙස නොලියා 'Pope' ලෙස සුද්දන්ගේ ඉංග්‍රීසියෙන්ම ලියන්න. එහි ගැටළුවක් නැත.

2. ඔබට සිංහලෙන්ම එය ලිවීමට ඕනෑ නම් සිංහල භාෂාවට ගරු කර 'පාප් තුමා' ලෙස ලියන්න. මන්ද ශිෂ්ටසම්පන්න සිංහල භාෂාවේ කිසිම තැනක 'පෝප්' හෝ 'පාප්' ලෙස නොලියා ඇති හෙයිනි. ලියවී ඇත්තේ 'පාප් වහන්සේ' හෝ 'පාප් තුමා' කියාය.

ඔබගේ පාසල් කාලයේදී ලියූ ලිපි හෝ රචනා වල වත් ඔබ ගුරුතුමාට ගුරුතුමා මිස ගුරු හෝ ගුරා යැයි නොකීවේ යයි මම තරයේ විශ්වාස කරමි. ඔබ කෙරෙහි මසිතේ කිසිඳු තරහක් නැත. මම කලේ මට වැරදි යැයි හැඟුණු ඔබගේ ක්‍රියාවක් ඔබට පෙන්වා දීම පමණි. අප සැම ලක්මැණියන්ගේ සාඩම්බර සිංහල දරුවන්ය. එක් වචනයක් නිසා අප ගහ මරා ගත යුතු නැත. කෙනෙකුට ගෞරව දැක්වීම තමන්ට හානියක් නොව, තමන්ද ගෞරවය ලැබීමට හේතුවකි. අපි අපි එකිනෙකාට ගෞරව කරමු!

ධනික | Dhanika said...

මේ සම්බන්ධව මා පල කර ඇති ඊළඟ ලිපිය වන "Taboo ගේ අවස්ථිතිය සහ Anonymous ලාගේ පිටකොන්ද" යන ලිපිය කියවන්න.

ධනික | Dhanika said...

ඊළඟ ලිපියට සබැඳුම: Taboo ගේ අවස්ථිතිය සහ Anonymous ලාගේ පිටකොන්ද

Paddie said...

ලංකාවට පාදඩ සංස්කෘතිය Import කරන්නට පටන් ගත් දා සිට පාන් මාමා පාන් කාරයාය විදුහල්පති තුමා පිනාය,කොමසාරිස් තුමා කොමාය,තාත්තා පාදර් කාරයාය,ගෙදර බුදුන් අම්මා තාත්තා ගේ වයිප් කාරයාය, තත්වය එසේනම් පිටරටක සිටින පාප් වහන්සේ ගැන කවර කථාද

හරී said...

අදයි කියෙව්වේ...
ඉදිකටු මලේ කතාව දැනගත්තේ අදයි...
බොහොම ස්තුතියි!..

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails