eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6)


කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හි‍ටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා.

eBay ගැන ලියන්න පටන් අරං දැන් මාස 9 කුත් ගතවුනා. කාලෙ යන ඉක්මණ නේද? දැනුනෙවත් නෑ. ඉතිං කොහොමහරි ඒත් අර ඒ දවස් වල ලියපු ලිපි වලට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් ඉතිං හරිම සතුටුයි.  මේ මෑතක් වෙනකල්ම මේ බ්ලොග් සටහනේ වැඩිම ප්‍රතිචාර ගණනකට හිමිකම් කිව්වෙ අර ඇක ජීවිතාන්දරේ ගැන ලියපු ලිපිය. ඔන්න මේ ළඟදි දවසක බැලින්නම් අපේ eBay කුප්පි #3 යි, eBay කුප්පි #5 යි දෙකම ඒ ලිපිය පහුකරලා උඩටම ඇවිත්. ඒත් එක්කම පහුගිය දවස් වල මේ බ්ලොග් සටහනේ Followers ලා සංඛ්‍යාවත් 200 පසුකළා. කියන්න ඕනෙ නෑනෙ ඉතිං කොයිතරම් සතුටුද කියලා. ඉතිං ඒ ප්‍රතිචාර එක් කරන, Follow කරන පාඨක ඔබ හැමොන්ටම ගොඩක් ස්තූතියි! ඔබ සමඟ මේ දැනුම බෙදා ගැනීමෙන් මං ලබන එකම සතුට ඉතිං ඕක තමයි.


eBay සම්බන්ධව ඔන්න මං තව පුංචි අලුත් වැඩකුත් ආරම්භ කළා. Sri Lankan eBayers නමින් facebook රසික පිටුවක් හැදුවා. ඒ ඉතිං වෙන මොකටවත් නෙමෙයි. අපි අපිටම අදහස් බෙදාගන්න. eBay එකෙන් ගන්න අලුත් අලුත් ගැජමැටික්ස් ගැන, ලාභෙට හම්බෙච්ච භාණ්ඩ ගැන, tax වැදුනානම් ඒ වැදුනු ගණන් ගැන (අම්මෝ tax කියද්දිත් බයයි නේ... බය‍ වෙන්නෙපා ඔය බොරු බය අද නැතිකරනවා...) ව‍ගේ eBay සමඟින් ගණුදෙනු කරද්දි සිදුවුනු නොයෙකුත් අත්දැකීම් බෙදාහදා ගන්න තමයි මේ facebook පිටුව හැදුවෙ. ඉතිං හැමොන්ටම ආරාධනා කරනවා මේ පිටුවට ගොඩවෙලා අපි හැමෝත් එක්කම eBay ගැන ඔබේ අදහස් උදහස් අත්දැකීම් බෙදාගන්න එන්න කියලා.


(මේක හදලා ටිකක් කල් උනාට හරිහමං පබ්ලිසිටියක් දෙන්න බැරි වුනා. ඔන්න අද තමයි පබ්ලිසිටි පාරක් දුන්නේ...)


හ්ම්! කතා ඇති. දැන් පටන්ගමු අද කුප්පිය.

eBay ගැන පළවෙනි ලිපිය ලියද්දි මං හිතුවෙ අපේ කට්ටියට බය තියෙන්නෙ ඔය අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩ අපේ ගෙදරටම, අපේ අතටම ලැබෙයිද නැත්තං වියදම් කරපු සල්ලි ටික නාස්ති වෙයිද කියන එක ගැන විතරයි කියලා. ඉතිං කොහොමහරි මං ඒ වෙද්දි eBay වෙතින් ගෙන්වලා තිබුණු භාණ්ඩ ආපු ලියුම්කවර වල සේයාරුවක් එහෙම දාලා ඒ බය නැති කළා. මෙන්ම බොලේ ඒ පාර දැන් කට්ට‍ය ආයෙමත් සැරයක් බය වෙලා TAX වලට. හුඟ දෙනෙක් ප්‍රතිචාර එක් කරනවා, පණිවිඩ එවනවා මේක ගත්තොත් කොච්චර tax වදීද අරක ගත්තොත් කොච්චර tax වදීද කියලා. ඉතිං මං හිතුවා මේ tax ගැන තියෙන ඔය බොරු බය නැති කරන්නත් දැන් කාලෙ හරි කියලා.

මුලින්ම කියන්නෝන තාම මේ‍ වෙනකල් මට නම් කවදාවත් eBay වෙතින් භාණ්ඩ ගෙන්වලා tax ගෙවන්න වෙලා නෑ. හැබැයි ඒකට හේතුව මං ඔය ලොකු ලොකු ගණන්වල භාණ්ඩ නොගෙන්වීම වෙන්න පුළුවන්. මේ වෙනකොට eBay වෙතින් පොඩි පොඩි භාණ්ඩ 100කට වඩා ගෙනවලා ඇති, හැබැයි ඒ එකක්වත් $60 ට වඩා වැඩි නෑ. ගෙන්වපු වැඩිම එක $53.88 යි. මේ තියෙන්නෙ ඒක. Box එකත් එක්කමයි ආවෙ. Tax නං වැදුන්නෑ, ලියුම් මාමා ගෙදරටම ගෙනත් දුන්නා.

(RAM එකක් ළඟින් තියලා තියෙන්නෙ box එකේ size එක ගැන අවබෝධයක් ගන්න හොඳේ. 
නැතුව මේ පෙට්ටියෙ ආවෙ RAM එකක් නෙමෙයි. )

ඉතිං ඒ නිසා tax ගෙවීම පිළිබඳව පෞද්ගලිකව මට නම් අත්දැකීම් නෑ. ඒ නිසා අද මේ ලියන දේවල් වලට පදනම් වෙන්නෙ eBay වෙතින් ගෙන්වපු නොයෙක්විදියෙ භාණ්ඩ සඳහා tax ගෙවලා අත්දැකීම් බහුල ලෝහිත නම් සොයුරා අපගේ පසුගිය eBay ලිපි සඳහා ප්‍රතිචාර එක්කරමින් අප සමඟ බෙදාගත් අත්දැකීම් සහ තොරතුරුයි. ඉතිං ඒ තොරතුරු සැපයීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය ලෝහිත සොයුරා හට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන් ඔහු‍ට මාගේ අවංක ස්තූතියත් පිරිනමන්න කැමතියි. 

දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු.


eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද?
  • කොහෙත්ම නැහැ. බදු ගෙවිය යුත්තේ ඇතැම් භාණ්ඩ සඳහා පමණයි.

තීරු බදු නොගෙවා අපිට භාණ්ඩ ලැබෙන්නෙ කොහොමද?
  • eBay වෙතින් ඔබ ගෙන්වන සෑම භාණ්ඩයක් සමඟම Customs Declaration නමින් තොරතුරු කීපයක් seller විසින් සැපයෙනවා. (මේ තොරතුරු බොහෝවිට මුද්‍රණය කර තිබෙන්නෙ ඔබට භාණ්ඩය ලැබෙන ලියුම් කවරයෙයි.) මේ තොරතුරු වැදගත් වෙන්නෙ භාණ්ඩය අපේ රටට ආ පසු එය අපේ රේගුවෙන් නිදහස් කිරීමට. බොහෝ sellersලා මෙම Customs Declaration එකෙහි ඔබේ භාණ්ඩය නම් කරන්නෙ Gift Item එකක් හෝ Commercial Sample එකක් ලෙස. මේ නිසා බොහෝවිට ඔබෙන් බදු අයවීමක් සිදුවන්නෙ නෑ. නමුත් එලෙස නම් කර තිබුණත් භාණ්ඩයේ  ප්‍රමාණය සහ වටිනාකම මත ඇතැම් විට බදු ගෙවීමට සිදුවෙන්න පුළුවන්.
 භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්‍රණය කර ඇති Customs Declaration එකක්

    බදු අයවෙන්නෙ මොන වගේ භාණ්ඩ වලටද?
    • සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි භාණ්ඩ සහ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ සඳහා බදු අයවීමට ඇති ඉඩ කඩ වැඩියි. නමුත් එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි) වටිනාකමින් වැඩි උනත් බදු ගෙවීමට සිදුනොවෙන්න පුළුවන්. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ (Laptop Backpack වැනි) වටිනාකමින් කුඩා නම් ඒත් බදු අය‍ නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මේ භාණ්ඩ වලට අනිවාර්යයෙන්ම බදු අයවෙනවා යයි හරියටම පැවසීමට අපහසුයි.

    බදු ගෙවන්න සිදු වුනොත් බදු ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද?
    • මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. එක් එක් භාණ්ඩය සඳහා ආනයන බදු තීරණය වෙන්නෙ රජය විසින් ඒ ඒ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් පනවා ඇති ආනයන බදු,‍ රේගු වෙබ් අඩිවය හරහා ඔබට මෙතැනින් දැක බලා ගැනීමටත්, මෙතැනින් බාගත කරගැනීමටත් පුළුවන්. කෙසේ හෝ මෑතකදි රජය විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමනම් eBay වෙතින් භාණ්ඩ ගෙන්වන අපි කාටත් වාසියක්.

    බදු ගෙවන්න සිදු වුනොත් අපි බදු ගෙවන්න ඕනා‍ කොතැනටද?
    • මෙය තීරණය වෙන්නෙ අපිට භාණ්ඩය ලැබෙන ප්‍රවාහන සේවාව අනුව. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ සාමාන්‍ය තැපෑලෙන් නම් බොහෝවිට භාණ්ඩය අපේ තැපැල් කාර්යාලය දක්වාම එනවා. එවිට අපි අපේ තැපැල් කාර්යාලයට ගොස් බදු ගෙවා භාණ්ඩය ලබාගත යුතුයි. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ FedEx, UPS, TNT හෝ DHL වැනි ප්‍රවාහන සේවාවකින් නම් බොහෝ විට භාණ්ඩය ඔවුන්ගේ මෙරට කාර්යාලයක නතර වෙනවා. එවිට අප ගොස් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගෙ එම කාර්යාල වලටයි.

    භාණ්ඩය තැපැල් කාර්යාලයේ හෝ ප්‍රවාහන සේවා කාර්යාලයකට පැමිණ නතර වී ඇති බව අපි දැනගන්නෙ කොහොමද?
    • ඒ පිළිබඳ අපිට තැපෑලෙන් ලිපියක් ලැබෙනවා. භාණ්ඩය ලබා ගැනීමට පැමිණිය යුතු තැන සහ පිරවීමට අවශ්‍ය ලියකියවිලි එම ලිපිය සමඟ අපිට ලැබෙනවා. එවිට අප කළ යුත්තේ එම අදාළ ලියකියවිලි පුරවාගෙන අදාළ තැනට ගොස් බදු මුදල ගෙවා භාණ්ඩය ලබාගැනීමයි.

    බදු ගෙවන්න සිදු වුනොත් අපිට පාඩු ලබන්න වෙයිද?
    • ඔබ දැනටමත් දන්නවා ඇති eBay හී ඇති බොහෝ භාණ්ඩ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ) වල මිල මෙරට මිලට වඩා ඉතා අඩු බව. ඉතිං අපිට යම් භාණ්ඩයකට බදු ගෙවීමට සිදු වුනත් බොහෝවිට ඒ බදු මුදල ගෙවීමෙන් පසුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල මෙරට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට පාඩුවක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

    eBay වෙතින් අපිට ජංගම දුරකථන (Mobile Phones) සහ GPS උපකරණ ගෙන්විය හැකිද?
    • පුළුවන්. eBay වෙතින් අපිට ඕනෑම භාණ්ඩයක් ගෙන්වන්න පුළුවන්.

    ජංගම දුරකථන සහ GPS උපකරණ ගෙන්වූ විට ඒ සඳහා TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?
    • ඔව්. ජංගම දුරකථන සහ GPS උපකරණ යනු සන්නිවේදන උපකරණ වර්ග දෙකක්. එම නිසා මෙරටට ගෙන්වන සියලු සන්නිවේදන උපකරණ ගැන අප රටේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) දැනුවත් විය යුතුයි. මේ නිසා අපි ගෙන්වන එවන් සන්නිවේදන උපකරණ සඳහා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. (GPS උපකරණ සඳහා ඇතැම්විට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමටද සිදුවීමට පුළුවන්.)

    TRC වෙතින් අනුමැතිය ලබාගන්නෙ කොහොමද?
    • මේ සඳහා ඔබ නාරාහෙන්පිට ඇති විදුලිසංදේශන නියාමන කොමිෂව් සභාවට යා යුතුයි. එහි ගොස් අදාළ පත්‍රිකා පුරවා භාරදීමෙන් විනාඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබ‍ට එම අනුමැතිය ලබාගත හැකියි.


    ඉතිං ඔන්න අදට කුප්පිය අවසානයි. මං හිතනවා ඔන්න දැන් කට්ටියගෙ tax ගැන තිබ්බ බයත් නැති වෙන්න ඇති කියලා. අපි බය වෙවී හිටියොත් කවදාවත් අපිට මේවයින් ඵල ප්‍රයෝජනයක් ලබාගන්න බෑ. ඒ නිසා ඔය තියෙන බිය සැක සංකා ඔක්කොම දුරු කරගෙන eBay සමඟ හිතේ හැටිය‍ට ගණුදෙනු කරන්න. මේ ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ Sri Lankan eBayers Facebook Page එක හරහා ඔබ මිලදී ගත් භාණ්ඩ පිළිබඳව සහ ඔබේ eBay සම්බන්ධ අත්දැකීම් පිළිබඳවත් තොරතුරු බෙදාහදා ගන්න. ඒ තොරතුරු අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

    තව අලුත් ආරංචියක්. සම්පත් Webcard එකට අමතරව ඔන්න දැන් අපිට අන්තර්ජාලීය ගණුදෙනු කරන්න පුළුවන් තවත් Debit Card එකක් ඇවිල්ලා. ඒ තමයි HNB Visa International Debit Card එක. ඔන්න ඔය කඩ්පතේ වාසි අවාසි සහ ඔබ දැනගත යුතු තවත් බොහොමයක් තොරතුරුත් අරං හැකි විගසින් ඊළඟ කුප්පිය දාන්න මං එනවා ළඟදිම. එතෙක් ඔබට ආයුබෝවන්!

    ජයෙන් ජය!!!




    Post a Comment
    .

    95 යි ප්‍රතිචාර

    Anonymous said...

    I paid Rs.1700 tax for my Nokia x3-02 mobile phone(270USD).

    CBTBlogger said...

    බොහොම ස්තුතී අයියේ,මාත් බයෙන් හිටියෙ ටිකක් ලොකුදේවල් ගෙන්නගන්න.දැන් මෙකෙ මූලික දේවල් දන්නනිසා එච්චරබයක් නෑ.බොහොම ස්තුතී මේව අපිත් එක්ක බෙදාගන්නවට :)

    දුමින්ද කවිරංග ගුණවර්ධන said...

    හුඟ දවසකට පස්සේ හොඳ ලිපියක්.ගොඩක් දේවල් දැන ගත්තා . දැන් Level 3 project එක කරලා අහවරයිද ?

    Rajitha Prabath said...

    Thanks bro.matath denaganna ona wela tibuna thoraturu tikak.ekaneme bluetooth gps receiver gennanakotath api awasara ganna onada? (trc eken)

    රන්දික කුලතුංග said...

    ඔයාගේ ලිපි ඔක්කොම මම කියෙව්වා.ebay අලුත් ලිපියක් දානකම් බලන් හිටියේ.ebay එකෙන් මම ගෙන්වපු nikon el-10 battery ekai charger එකයි ආවා.ඔයාට ගොඩක් ස්තුතියි......

    ධනික | Dhanika said...

    @bloggertipandtrick.net
    Thanks for sharing your eBay experience with us!

    @Lasindu Nadishan
    ස්තූතියි මල්ලි අදහස් දැක්වීමට! ඔව් ඒක තමයි, මටත් ඕන වුනේ මේ tax ගැන අපි දැනගත යුතු මූලික කරුණු ටික ගැන දැනුවත් කරලා අපේ කට්ටියගෙ මේ බොරු බය නැතිකරන්න. මල්ලිගෙ අදහස් දැක්වීමෙන් පේනවා ඒ දේ වෙලා තියෙනවා කියලා. සතුටුයි ඒ ගැන. :D

    @දුමින්ද කවිරංග ගුණවර්ධන
    ස්තූතියි මචෝ! ඒකනෙ සෑහෙන කාලෙකින් තමයි අද ලිපියක් ලිව්වෙ. Project එක නම් තාම ඉවර නෑ මචෝ, ඒත් වැඩේ නම් ගොඩ. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්කෝ... ;)

    @Rajitha Prabath
    ඔව්, බොහෝ විට අවසරගන්න සිදුවෙන්න පුළුවන්. මොකද Bluetooth GPS Receiver උනත් චන්ද්‍රිකා සමඟ සන්නිවේදන කටයුතු සිදුකරන සන්නිවේදන උපාංගනෙ. නමුත් ඇතැම්විට කිසිම අවුලක් නැතුව ගෙදරටම එන්නත් පුළුවන්.

    @රන්දික කුලතුංග
    ස්තූතියි ඔබට ඒ ගැන කිව්වට! ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා ඔය ‍වගේ ප්‍රතිචාර දැක්කම. :D

    Miniruwan said...

    එළ එළ මචෝ...
    වෙලාවක් තියන හැටියට ebay1 bid කරන හැටි ගැනත් එකක් ලියපන්...

    harsha hettiarachchi | harsha media said...

    එල අයියා..මාරු post එක...අර අන්තිමට කියලා තිබුන HNB card එක ගැන පුළුවන් ඉක්මනට post එකක් ලියන්න

    Praසන්ன said...

    වැදගත් ලිපියක්. දිගටම ලියන්න.

    සෑම් said...

    නියමයි දනික අයියේ..මමත් බයෙන් හිටියේ ebay එකෙන් phone එකක් ගන්න..දැන්නම් කිසිම බයක් නැ..ඔයාගේ මේ ලිපිය කියෙව්වාට පස්සේ..ගොඩක් ස්තුති අයියේ මේ වගේ මැක්සා ලිපි ගෙනවට අපිට...

    ඔබට ජය

    ධනික | Dhanika said...

    @Miniruwan
    ස්තූතියි මචෝ! Bid කරන හැටි ගැනත් ළඟඳිම ලියන්නම්කො... :)

    @harsha hettiarachchi
    ස්තූතියි මල්ලි! මේකයි මම ඒ ගැන දන්න කරුණු ටික ලියතැහැකි, ඒත් ඊටවඩා මම කැමතියි ඒක අරං බලලා අත්විඳලම ඒ ගැන ලියන්න. ඉතිං මේ සතියෙ ඒ වැඩේ කරන්න ඉන්නෙ. ඉක්මණටම ලියන්නම්කො. :)

    @Praසන්ன
    ස්තූතියි!!!

    @සෑම්
    ඔව් මල්ලි, ඕනෙම දෙයක් ගැන හරිහැටි දැනගත්තට පස්සෙ ඒ දේ කරලා බලන්න බය වෙන්න ඕනෙනෑ. මල්ලි phone එක ගත්තට පස්සෙ ඒ අත්දැකීම අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න‍ එපා හො‍ඳේ... ඔබ‍‍‍ටත් ජය!

    Madhawa Habarakada said...

    එල එල වටිනා ලිපිය. මමත් පටන් ගත්තනෙ ebay එකෙන් බඩු ගන්න, ඊයෙ තමා මංගල භාණ්ඩයට ගෙව්වෙ. මගෙ ෆෝන් එකට හෑන්ඩ්ස්ෆ්ඊ එකක්. :) තව තව පොඩි පොඩි දේවල් ටිකක් වොච් ලිස්ට් එකට දාගෙන තව කිහිපයකට බිඩ් කරල තියෙන්නෙ. :)

    රොකියා | Udara said...

    වැදගත් ලිපියක්! පොඩි දෙයක් එකතු කරන්න ඕනෙ ! e-bay එකෙන් හෝ වෙනත් ක්‍රමයකින් පිටරට ඉඳලා ලංකාවට සන්නිවේදන උපකරන, ඒ කියන්නෙ මොබයිල් ෆෝන්ස් වගේ ඒවනම් ගෙන්නන්න එපා. ඒ සඳහා හෙන ගහන ටැක්ස් එකක් වදිනවා. ලඟදි දිනක මම ලංකාවට TNT මාර්ගයෙන් රුපියල් 30,000 වගේ වටින දුරකතනයක් එවනු ලැබුවා. නමුත් ලංකාවෙන් මෙය ක්ලියර් කර ගන්න ඔවුන්ට රුපියල් 8000 ක මුදලක් වැය වෙලා තියෙනවා. මම දන්නෙ නෑ මේ මුදල කොයි තරම් සාදාරනද කියලා. ඒ නිසා දුරකතනයක් වගේ දෙයක් රට ඉඳලා ගෙන්න ගන්නවනම් දෙවරක් හිතන්න

    Lishan Puwakovitage said...

    එල මචන්..! මෙහෙම තොරතුරු දෙනවට ස්තූති වේවා..! :)

    ධනික | Dhanika said...

    @Madhawa Habarakada
    ස්තූතියි අයියෙ..! එළ එළ ඔහොම යං ඔහොම යං... :D

    @රොකියා | Udara
    ස්තූතියි! හැබැයි ඔය විදියට එක පාරටම අපේ කට්ටයව බය කරන එක නම් එච්චර හොඳ නෑ. ;)
    ඔබ පිටරට සිට ලංකාවට එවපු ඒ phone එක clear කරගන්න ඔවුන්ට වැය වුනු ඒ සම්පූර්ණ මුදලම බදු මුදල් (tax) නෙමෙයි. ඔබ එය එව්වෙ TNT සේවාව හරහා නිසා එය ඇවිත් නතර වෙන්නෙ මෙරට TNT හී කාර්යාලයක. එවිට එය clear කරගැනීමට එම කාර්යාලයට warehouse charges වශයෙන් 2700 ක් වැනි මුදලකුත් Clearence Officer Charge වශයෙන් 2500 ක් වැනි මුදලකුත් Tax වලට අමතරව ගෙවන්න සිදුවෙනවා. රු.8000ක් වැනි මුදලක් ඔවුන්ට ගෙවන්න සිදු වී තිබෙන්නෙ ඒකයි.
    හොඳම දෙය සාමාන්‍ය තැපෑල හරහා භාණ්ඩ එවීම. එවිට බොහෝ විට අයවෙන්නෙ තීරු බදු (tax) පමණයි.

    @Lishan Puwakowita
    එළ එළ මචං... ප්‍රතිචාරෙටත් බොහෝමත්ම ස්තූති වේවා...! :D

    දිමුතු said...

    හප්පා මේ පෝස්ට් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ. මම ebay එකෙන් phone එකක් ගත්තා දැන් සති 2 කට වැඩිය කල් ගියා තාම ආවෙ නෑ සෙලර් නම් කිව්වෙ එව්වා කියලයි (පොර මට පොසිටිව් ෆීඩ් බැක් එකකුත් දාලා) මොකද කරන්නෙ? phone එක 8500 විතර එකක් කොච්චර ටැක්ස් ගෙවන්න වෙයිද?

    ධනික | Dhanika said...

    @dimuthu
    හෆොයි... මෙච්චර tax ගැන දැනුවත් කරලත් ආයෙමත් ඇහුවා නේද අර සුපුරුදු ප්‍රශ්නෙම, "කොච්චර ටැක්ස් ගෙවන්න වෙයිද?" කියලා? හනේහනිච්චං!! :P
    බය නොවී තව ටික දවසක් ඉන්න. Phone එක කොහේහරි නතර වෙලා නම් ගෙදරට ලියුමක් එයි ඒ ගැන කියලා. ම්... අනික phone එක 8500 ක් විතර කිව්වා නේ? ගොඩක් වෙලාවට tax නැතිවම කෙලින්ම ගෙදරට එයි. සාමාන්‍යයෙන් 10කට විතර වැඩි උනොත් තමයි tax ගැන වදවෙන්න ඕනා. කෝකටත් කලබල නොවී තව ටික දවසක් ඉඳලා බලන්නකො. :)

    Meth Visula said...

    බොහොම ස්තුතියි ලිපි පෙලට. ගොඩක් දේවල් දැනගත්තා :)

    Anonymous said...

    යාළුවා ධනික,බොහොමත්ම ස්තූතියි ඔබ අපට මේ ගැන විස්තරාත්මකව කියල දෙනවට.මග බලබලා උන්නේ ඔබ ලිපියක් ලියනකම්.මමත් ඔබේ ලිපි පෙළින් පසුව ebay සමග ගනුදෙනු බොහොමයක්ම කලා.මම එ බව මගේ බ්ලොග් එකේ පහත ලින්ක් වල සටහන් කලා.
    http://chinthakatech.blogspot.com/search/label/EBAY%20%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A
    යාලුවා මට තියනවා පොඩි ප්‍රස්නයක්.මම් විස්වාස කරනවා ඔබ ලග මෙයට පිලිතුරු තියනවයි කියලා.සරලව කියන්නම් ගැටලුව,නොලැබුනු භාන්ඩයක් සදහා මට uss21.55 ක refund එකක් ලැබිලා තියනවා.නමුත් ලන්කාවේ paypal වලට සල්ලි එන්නේ නැති නිසා මට ඒ මුදල ලබා ගන්න බැරි තත්වයක් තියෙන්නේ.මට මේ සම්බන්දව උදවු කරන්න ඔබට පුලුවනිද? ඒ වගේම මෙහෙම දෙයක් තවත් අයෙකුටත් විය හැකි නිසා මේ ගැන හොද පැහැදිලි කිරීමක් කරන්න.මොකද මමත් හදුනාගත් පරිදි ebay තුල කිසිම අවිස්වාශීදායි තැනක් නැහැ.මෙතැන පවතින්නේ ebay පිලිබද අපගේ තියන දැනුම මදිකමක්.ධනික මාව සම්බන්ද කරන්න. nadeeshchinthaka@gmail.com

    ධනික | Dhanika said...

    @METH GAMAGE
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරෙට!

    @චින්තකගේ කරදහිය
    ස්තූතියි ඔබ‍ට! ඇත්තම කිව්වොත් ඔබ නිකං බොරුවටයි බය වෙලා තියෙන්නෙ. ඔබට ඒ ගැන බය වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද PayPal වලට එන්නෙ නැත්තෙ වෙනත් කිසිවෙකු විසින් ඔබට එවන මුදල් පමණයි. ඔබ සිදුකරන ලද ගෙවීමකට නැවත ඔබ වෙත ලැබෙන refunds ඔබේ PayPal ගිණුමට වගේම PayPal ගිණුම හරහා ඔබේ කාඩ්පතටත් බැරවෙනවා. මතකද අර PayPal වෙත ඔබේ කාඩ් එක link කරද්දි ඔවුන් කපාගන්ත $1.99? ඒක ආයෙත් අපේ කාඩ් එකටම බැර වෙනවනෙ. අන්න ඒ වගේ තමයි. හැබැයි අවුල තියෙන්නෙ refund එකක් අපේ කාඩ් එකට බැර වෙන්න ටිකක් කල් ගත වෙනවා. මොකද එය බැංකු හරහා සිදුවිය යුතු නිසා. සමහරවිට සතියක් විතර යන්න පුළුවන්.

    ඔබේ පැණයට හොඳ පිළිතුරක් ලැබෙන්නැති කියලා හිතනවා. ඇත්තටම ඔබ කිව්වත් වගේ මේ ඔක්කොම බිය සැක සංකා වලට මුල අපේ දැනුම මදිකම. නිසිලෙස දැනුවත් නම් අපි මේ දේවල් වලට බිය විය යුතු නෑ. :)

    Kasun Nadeeshana said...

    ජංගම දුරකථන සහ GPS උපකරණ වලට අනුමැතිය ලබාගැනීමේදී මුදල් ගෙවන්න අවශ්‍ය වෙනවාද? ඒ වගේම එම භාණ්ඩය ගෙනවූවාට පසුවද ඒ පිළිබද අවසරය ලබාගත යුත්තේ නැත්තම් ඕඩර් කිරීමට කලින්ද කියලා පොඩ්ඩක් කියන්න.දිගටම ලියන්න වැදගත් ලිපි පෙළක්

    තරු අහස said...

    First of all,thank you so much for much your great service.i am a one of readers since few months.i learnt about the ebay because your articles.But this is may first comment.i thought that you gave up this job.i am happy about your coming after long time.good luck friend.

    ධනික | Dhanika said...

    @Kasun Nadeeshana
    මේ පිළිබඳවනම් මට ඒ හැටි දැනුමක් නෑ. මේ ගැන මම දැනුවත් වෙලා ඔබව දැනුවත් කරන්නම්.

    @S.Madurange
    Thanks a lot for your comment!
    Nope! I haven't even thought about giving up this. I was just little busy with my academic stuff in past days. So don't worry. Keep in touch. :)

    Hi said...

    ධනිකට පෙන්නන්න මා ගව පොඩි බඩ්ඩක් තියෙනවා. හැබැයි මෙක Ebay එකෙන් ලංකාවට එවුත් ලංකාවෙදි ගල් කරපු සින් එකක්. http://pamalblog.blogspot.com/2010/09/ebay.html
    මෙවගේ සින් එකක් වුනොත් මෙකද කරන්නේ.

    rangika said...

    kohomada ebay aken ganna item akak Fedex DHL haraha genva ganne kohomada

    දිමුතු said...

    ධනික අයියා මගේ phone එක කිසිම අවුලක් නැතිව ගෙදරටම ආවා ඔබට බොහොම ස්තුතියි අපිට මේව කියල දුන්නට

    කසුන් චාමර said...

    dhanika ayyee,,mama laser ekak gennanna ennee,,,eeka gennuwoth awulak wei da???

    Dragonlord said...

    thnx godak watinawa :)

    RuwanDj said...

    18- මම භාණ්ඩයක් ගෙන්නුවොත් කේස් යයිද?

    gayan said...

    ධනික,, ඇත්තටම මෙම ළිපි පෙළ ඉතාමත් පැහැදිලිව පිළිවෙලකට ලිවීම ගැන මම ප්‍රථමයෙන් ස්තුති වන්ත වෙනවා.. මමත් ස්වත්සහයෙන් කෙසේ හෝ දන්න දන්න විදිහට බාන්ඩයක් ගෙන්වා ගත්තා,,
    ඔබගේ ලිපි පෙළ කලින් දැක තිබුනා නම්.. එය ඉතාමත් පහසුවෙන් කර ගැනීමට තිබුනා නේදැයි දැන් මට හැගේ..
    මා හට තවත් දැනගැනීමට බොහෝ කාරණා එමටය,

    මේ BID කිරීම පිලිබදව ඔබගේ මී ලග ළිපිය පල වෙන්නේ කවදාද? ඒ පිළිබද විස්තර දැනගැනීමට නොවිසිල්ලෙන් බලා සිටිමි..

    ඔබට ජය ..

    ධනික | Dhanika said...

    @ViSTA
    ඕක නම් ඉතිං ලංකාවෙ අභාග්‍යක් තමයි. හැබැයි අපි නම් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනා කාරණාවක් නෙමෙයි. මොකද අපිට භාණ්ඩය මොනම ක්‍රමේකින් හරි ලැ‍බුනෙ නැත්නම් අපිට පුළුවන් ඒ ගැන sellerට පැමිණිලි කරන්න. එතකොට අපිට ඒ වෙනුවට replacement item එකක් හරි full refund එකක් හරි අනිවා ලබාගන්න පුළුවන්.

    @rangika
    අපිට කැමති ප්‍රවාහන සේවයක් තෝරාගැනීමේ පහසුකම සපයන්නෙ සමහර sellersලා විතරයි. හැබැයි ඒ තෝරාගැනීමට අනුව අපේ ප්‍රවාහන ගාස්තු වෙනස් වෙනවා කියලත් අමතක කරන්න එපා. ඔබට යම් ප්‍රවාහන සේවයක් ඔස්සේ භාණ්ඩයක් ගෙන්වා ගැනීමට අවශ්‍යනම් කරන්න තියෙන්නෙ, ඒ ප්‍රවාහන සේවාව ඔස්සේ භාණ්ඩ එවන seller කෙනෙක්ගෙන ඒම භාණ්ඩය මිලදී ගැනීමයි.

    @Dragonlord
    ස්තූතියි ඔබේ ප්‍රතිචාරෙට!

    ධනික | Dhanika said...

    @ruwan my blog
    18- එක ප්‍රශ්නයක් වෙන්නෙ ඔබ සම්පත් Webcard එකක් හෝ Credit Card එකක් ගැනීමෙදි විතරයි. eBay හරහා ගණුදෙනු කිරීමට වයස ප්‍රශ්නයක් නෑ.

    @gayan
    බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට! ස්ව-උත්සහයෙන් මේ දේවල් ඉගෙනගත්ත එක ගැන ඔබ සතුටු වෙන්න. මට නම් මාර සතුටුයි මං මේ දේවල් ස්ව-උත්සහයෙන් ඉගෙනගත්ත එක ගැන. :D
    Bidding ගැනත් ඉක්මණට ලියන්නනංකො. :)

    araf said...

    ipad ekak gattanam tax gevanna veida??

    ekata TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?

    Unknown said...

    Obage lipi pela mama mula indala kiyewa. Ewata godak sthuthi...
    mata podi prashnayak awe TRC eke anumathiya gana eka ganai. e anumathiya labagana ona phone ekak genana kalinda? genuwata passeda?
    Bohoma sthuthi..

    RuwanDj said...

    චූන් එකට වගේ මම සන් ග්ලාස් එකකට බිඩ් කළා එකවුන්ට්වල සතයක්වත් තිවුන්නෑ සේලර් කාරයා මටපොඩ්ඩක් බැනල මේල් එවල තිවුනා මාත් ගොඩින් වැඩේ ෂේප්කරල දැම්මා

    Lege said...

    HNB Visa International Debit Card එක ගැනත් ඉක්මනට දාන්නකෝ....

    RuwanDj said...

    paypal ඇති මුදල් ebay එකට දාගන්නේ කොහොමද?

    Anonymous said...

    i want to buy a iphone 3gs from usa.. it is 300usd..
    if the seller sends it as a gift.. wat is the tax i need to pay . pleaaaase some 1 tell!!

    dumindume said...

    වැදගත් ලිපියක්. දිගටම ලියන්න.

    sanjeew said...

    මමත් රැම් එකක් ගෙන්න ගත්ත මගේ යාලුවෙකුගෙ පරන මැෂින් එකකට, පස්සෙ බලනකොට ඒක මැෂින් එකට ගැලපෙන්නෙ නෑ. මේක සෙලර්ට කිවම මෑන් කිව්ව රැම් එක එවන්න සල්ලි නැවත එවන්නම් කියල (තැපැල් ගාස්තු හැර) පස්සෙ රැම් එක සෙලර්ට යැව්ව, සල්ලි මගෙ කාඩ් එකට වැටිල තිබුන. කිසිම කරදරයක් උනේ නෑ, වැරැද්ද අපේ වෙලත්.

    RuwanDj said...

    මම කිහිපසැරයක් bid කළා ඒත් 0 bid කියලනෙ තියෙන්නෙ

    Prasanna Weerasinghe said...

    Ane iye mama phone 1k gaththa 2010/oct/06
    wenida
    eka awe nehe.
    mama case ik open karala thibune .
    eth eka eBay 1n close karala.
    hethuwa widi hata dala thiyenne case eke kalaya ikuth wela kiyala.

    Rs 20000 withara gewala thiyenne.
    mata salli apahu aran denna puluwanda.

    Mata puluwannam eka aran dennako.

    mailprasa@gmail.com
    0712155005

    me thhiyenne anthimata ewapu message eka.
    ------------------------------------------------
    Hi praneethgeethan,

    This case was automatically closed because there hasn't been any recent activity on it. You don't need to do anything else.

    You can view the details of this case in the Resolution Center.


    NEW UNLOCKED SONY ERICSSON C905 /WiFi/GPS/3G/8.1MP+GIFT
    Item # : 310258422987
    Sale price: $174.00
    Quantity: 1
    Sale date: Oct-06-10 08:16:10 PDT
    Seller: michele9536
    Case #: 5004695777
    Case opened: Oct-22-10 20:03:12 PDT
    Case closed: Nov-11-10 19:04:29 PST
    View purchased item
    ------------------------------------------------

    Den mama mokada karanna oni.

    tharindu prabash said...

    @prasanna.. machan ebay ekee customer care ekath ekka online chat ekak daanna.. un help ekak dei. mageth unpaid item case ekak wetila thibila oya chat eken eekata solution ekak gatha.(ebay ekee help tab ekee ethi)

    tharindu prabash said...

    ධනික අයියේ... ebay එකේ Bid කරන විදිය ගැන වෙනම කුප්පියක් දාන්න කෝ....... මම දාන හැම බිඩ් එකක්ම ඔටෝ අවුට් බිඩ් යනවා... ඒක පොඩ්ඩක් කචල් වගේ... පුලුවන් තරම් ඉක්මනට කුප්පියක් අපිට පොවන්න... බ්ලොග් එකනම් පට්ටයි....

    Anonymous said...

    Danika....Mama..ebay..gana..sampurnayenma....
    danagathe..me..Blog..eken...ekata..godak..thanks..
    puluwan..taram..ikmanta..bid..karna..ekai..HNB debit..card..ekagani..Blog..eka..liyanna..Mama..hamdama..balagena..inne........

    Unknown said...

    මම කලින් BID කරල අරගෙන තියෙනවා...ඒක එවෙලම සල්ලි දීල ගන්නත් තිබ්බා..මම හැමදාම එකපාර සල්ලි දීල ගන්න නිසා නිකන් BID කරල ගන්න ඕනෙ කියල හිතුන. මම කොහොම ගත්තත් shiping $3.30 ක් අනිවා ගෙවන්න ඕනෙ..මම භාණ්ඩෙ බිඩ් කරල ගත්තේ $0.01 කට. ඔක්කොම මට උනේ $3.31 :p....

    BID කරල බඩු ගන්න කැමති අය ඉන්නවනම් මේක පොඩ්ඩක් කරල බලන්න, මටනම් හරි ගියා...BID කරන කොට ඒක ඉවර වෙන්න කිට්ටු කරල තමන්ගෙ BID එක දාන්න...BID එක දාන තැන පහලින් තියෙනවා තමන් කොපමණ ගනනක් වැඩියෙන්ද BID එක දාන්න ඕනෙ කියල

    උදා: Starting BID එක $0.01 නම් BID එක දාන තැන පහලින් ඇති $0.10 වැඩියෙන් BID එක දාන්න කියල

    වැඩි විස්තර අපේ සහෝදරය Blog එකේ පල කරයි. මම නිකන් දැම්ම කට්ටියට දළ අදහසක් ගන්න කියල.

    එහෙනම් හැමෝටම සුභ

    Unknown said...

    මට මේ දවස්වල මාර කේස් surf with money එකේ 30$ තියෙද්දී ebay ගැන තිවුන ආසාවට මම bid එකක් දැම්මා. මදෑ ඊයේ වෙන්න තිවුන surf with money එකේ cash out වෙන්න ගිනුමක් wiredpay account ඕනලු ඒපාර ගිනුමක් හදාගත්තා ඊටපස්සෙ ආයේ cash out කරද්දී මාරමාර කේස් දානවා ඒ පාර ebay එකේ ගත්තු බඩුවට මුදල් දෙන්න කෘමයක් නැති හින්දා මම කරපුවැඩේ account එකේ user name , passward එකයි සේලරයට මේල්කරල මුදල් ඔක්කොම අරගෙන මගේ බාන්ඩේ එවන්න කිව්වා. මොනවා වෙයිද කියල කව්ද දන්නේ?

    Unknown said...

    මම HSDPA usb modem එකක් ගත්තා 35$ දීල.ඔන්න මම මාසයක් විතර බලන් ඉන්න්වා ඉන්නවා බඩු නෑ.සෙලර්ට කිව්වා බෑරිම තෑන.මිනිහා කියනවා මොඩෙම් එක Colombo වලින් ආපහු හරවලා යවලලු එවපු තෑනටම සල්ලි ඌනෙද ආයිත් එවන්නද ඈහුවා.මම ඉතින් ආපහු එවපන් කිව්වා.ද​ැන් Post office එකේ හිගන කාලකන්ණි ආය්ත් නවත්තගෙන ගෙදරට කොල කෑලි වගයක් එවනවා මට ඈවිත් ගන්න Tax එහෙම ගෙවලා.මම දෑන් මොකද කරන්නෙ ? මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?

    Mavithaya said...

    මේ බ්ලොග් එක නියමයි. ස්තුතියි.
    ධනික සහෝ මට පොඩ්ඩක් කියන්න watch එකක් වගේ දෙයක් ebay එකෙන් ගෙන්න ගත්තොත්, ඒක නෝමල් පෝස්ට් එකෙන් හෙදරට එයිද? නැත්නම් ඒක ගන්න පෝස්ට් ඔෆිස් එකට යන්න වෙයිද?

    watch එකක් වගේ දෙයකට tax වදින්න ඉඩ තියනවද?

    Seedra Obeysekara said...

    godak daval egana gaththa. hoda vadak .

    Admin said...

    ane ayye mama ebey eken baduth gaththa card eka link karala oya kiyapu widiyata. but tika dawasaka idala error ekak enawa. eke eby eke aulakda card eke aulakda?

    baduwa ganna anthima mohotha dakwama yanawa conform karanna giyama error ekak enawa mama monawada karanna oni...me mage mail eka puluwan nam danwanna thank you soo much yes_kandy@yahoo.com

    Unknown said...

    kawuru hari ebay eken laptop ekak ehema genath tiyanawada,
    e gena details tikak danna kenek danawada.

    Dilan Lakmal said...

    eBay වලින් ඩිජිටල් කැමරා ගේන්න පුළුවන්ද? එවා ගෙන්වන්න තහනමක් එහෙම නැද්ද? දුරකථන වගේ. අවුලක් නැතිව ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද? බදු එහෙම වදීවිද?

    Nuwanga said...

    Very useful. Please visit my blog (slread.blogspot.com)

    Anonymous said...

    දැන් දැන් පත්තරේ ලිපියක් දානවා සන්නිවේදන උපකරණ ගෙන්වීම අලුත්වැඩියාව තොග වශයෙන් නිපදවීම ආදිය දඩුවම් ලැබිය හැකි වරදක් කියලා
    ඒ ඇයි දන්නේ නෑ නේද
    විදුලි සංදේශ එකේන් අවසර ගත් තාම අවුලක් නැතිවෙයි නේ
    හැබයි ඔය ලිපිය දාද් දිත් මම අයියා කෙනෙකුට කියලා dsl රවිටර් එකක් ගෙන්න ගත්තා

    tikiri said...

    මචන්.... සම්පත් වෙබ් කාඩ් එකට මොනවහරි Tax හරි, නැත්නම් බැංකු ගාස්තු හරි කපා ගන්නවද transaction එකක් වෙද්දී? මගේ කාඩ් එකේ තිබ්බ ගාන දැන් තියෙන්න ඕන ගානට වඩා අඩුවෙලා....

    chanaka manoj said...

    මාත් ebay එකෙන් ගොඩක් දේවල් ගෙනත් තියනවා.TAX නම් වැදුනේ නැහැ.එත් මන් ebay එකෙන් google android tablet pc එකක් ගන්න හිතන් ඉන්නේ.TAX පාරක් වදියිද?? වැදුනොත් කියක් විතර වදියිද? ඒක ගන්නවා නම් විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ(TLC) අවසර ගන්න ඕනද ??

    maduranga_it said...

    ela nice work machan....

    saman said...

    Mata podi aulak una mage ebay account eka suspended wela.Hethuwa thamai buy it now tik eka daala search karala passe buy karanna gihin newettuwa.Den monawada karanna puluwan?Wena account ekak open karannath beluwa ekath harigeye ne.

    nuwansrimal said...

    ayya ape thathage visa card ekak thiyenawa..eken verified karananna yaddi error ekak enawane..visa card eka waradi kiyanawa...wt to do

    FX Learner said...

    Thanks අයියා ලොකු උදවුවක්...... Keep Up

    Unknown said...

    thanx aiye!!! oya nam maaaaaarai.. thanx again..... :)

    premalal said...

    මමත් මේ ලිපි පෙල කියවලා ebay එකෙන් බඩු ටිකක් ගෙන්නගත්තා.
    ඒවායින් පලවෙනි 1 ඊයෙ ගෙදරට ඇවිත් තිබ්බා. (DDR2 1GB Ram 1ක්) දවස් 12යි ගියෙ.

    ebay ගැන (ඒ වගේම සම්පත් වෙබ් කාඩ් ගැනත්) අපිව දැනුවත් කලාට ඔයාට ගොඩක් ස්තූතියි.

    ඔබට ජය !

    Iroshan Kulathunga said...

    boss,mata Broadband Dongle ekak ganda ona,ewata tax wadinawada...?
    meka hoda wedak digatama karagena yanna...
    Jayhooo.........jayhooo.........

    gayan said...

    aiye free shipin kiyana ewwata amathara kiyak wath
    gewanna one nadda.........
    thawa ekak mata 18 pirenna masa 8 withara thiyanawa.......web card ekak ganna bariweida?

    Jason Oxenham said...

    thanks aiya .okkama lipi tika kiyewwa.mamath dan wadeta ready.....

    tharindu said...

    මැක්xa වැඩක් මචෝ!!!

    Amazon/ebay එකෙන් පොතක් ගෙදරට ගෙන්න ගන්න කොට tax ගෙවන්න වෙනවද?
    අපෙ කට්ටිය පොත්වලටත් tax ගහනවද?

    Anushka said...

    I read your entire blog and Its very useful. However i would like to correct/Add some information on your blog. I imported so many mobile phones to Sri Lanka and here what i experienced. (useful for mobile phone importers)
    1. Since ebay has a rule for "Falsifying customs declaration on ebay items" most of seller unlikely to mark item as gift. (http://pages.ebay.com/help/policies/encouraging-illegal-activity.html)
    2. But you can ask seller to declare a low value and declare as a "HANDSET" for your mobile phone.
    3. There are 5 main point of Customs Detain Process in sri lanka.
    * Upon the item declaration and the Value.
    * Weight and Volume of package(If the item weight over 1kg and/or with large volume, your item will be detained.)
    * Your Physical address(If you are around Colombo, Galle, Kandy there is 99% chance of get detained your item even less then 1KG and low value)
    * Shipping Method.(If you ordered your phone via Express Service it will get detained. So do not use EMS, UPS, FedEx, DHL, TNT unless you are ready to pay taxes.)
    * Customs officers who assigned to inspect the items in SL POST

    Tips for avoid customs taxes :

    1. If you gonna order a mobile phone from ebay ask seller to ship via Registered Air Mail and declare as a handset.
    2. If you are going to order 2 mobile phones, order them as separate parcels.
    3. Since the allowed maximum weight for registered mail parcel is 2Kg you can order only 2 phones on same parcel so if you need more than 2 Mobiles phones then separate parcels and ask seller to ship them in difference dates.
    4. Sri Lankan Customs(and TRC) won't allow person to import more than TWO mobile phones(Same day) so DO NOT PUT MORE THAN 2 Mobile phones on same parcel.( This rule doesn't apply If you have a registered business and import license)

    Tips for clear the items from customs:
    1. Tax percentage for Mobile phone + Shipping = 8-13%(Max 1300.00 LKR for 10,000.00)
    2. TRC Approved letter. (Its free of charge and can be obtained from TRC @ narahenpita)
    3. Import Export Control license.(1650.00LKR for single phone license. depends on the mobile phone brand/value - Can be obtained from 1st floor of Hemas Building @ Colombo Fort )

    If any questions please email me : info@lankaelectronic.com(Anushka)

    Anushka said...

    Routers, HSDPA Modems, Mobile Phones and Foods has Higher possibility of getting detained.

    sanka43 said...

    hmmmm ........mekai scene eka..mage friendek Nm HTC - G1 mobile phone ekak gennagena thibba....tax nm mukuthma wadila naha.....gedaratama thapal mama genath deela...

    habai phone eka second hand.....second hand gennaddi echcra loku avulk nahaluu....mokada box ekak enne nahane......phone ekai charger ekai thama enne.....but thwa tikak hoyan eka hondai...

    mokada mage thwa fredek bluetooth module eka gennagena thibba....tax gevanna vune anthi vunata eka allalla....passe clear karagena tax gevanne nathuwa...miniha nm mata kivuve mobile phone eka alluwoth aye hambenne nahalu...:D..boruwak wagei ekanm...but mokatath hoyala balala genna ganna eka hondai.....mokada api salli gas walin kadanne nahane...:D

    sanka43 said...

    podi case ekak thyenwa......api sampath web card eka paypal eke confirm karagahthta address eke confirmed karagann baha nae....eka nisa samahara ebay sellers la unconfirmed address walata transaction ekak denn baha kiyanwa....mokkada karanna venne a wage case ekak avoth???

    (dhanika ayyge kuppi tikata nm bohama sthuthi.....meka kiyavue nathhtn thama ebay eke items bala bala thama mata inna venne..)

    Unknown said...

    ඇති යන්තම් දැන් තමයි බය නැති උනේ

    ස්තූතියි සහෝ.........!

    malinda said...

    tanx elaz wadak

    Jimmyg said...

    Thanks alot for this blog. Have a small issue, I've been trying to add my Sampath debit card (VISA atm) card to my Pay pal account but unable to do so. Please advice is this something wrong eith my card/pay pal or do I have to inform bank?
    thanks in advance.

    pureLive said...

    හ්ම්ම්ම්ම්ම්...මමත් සෑහෙන්න E bay එකෙන් බඩු අරන් තියනවා...ගොඩක් ලොකු බඩු ගන්නකොට ඒවා පොස්ට් ඔෆිස් එකේ හිර උනොත් කොටුවෙ තැපැල් කාර්යාලයට ගිහින් ග්අන වෙනවා..හැබැඉ ඉටින් බැදු වලට වඩා අපේ මිනී කාක්කෝ ජරාව ගන්න අව්ස්තානම් තියෙනවා...

    chml said...

    Tn ,shmq E Bay ,sms fm, f.dvla jákj. talg f.dvla ia;+;shs. ug;a ieg,hsÜ ßisj¾ 1 la .kak wjYH fj,d ;sfhkjd. tal f.kak=fjd;a TRC tflka m%YaKhla thso ?

    Chandana said...

    it is very valuable for us. www.blackpointforum.com for money making tips

    Didi said...

    ගොඩාක් ස්තූතියි අයියා මේ දැනුමට...

    රුවන් සම්පත් වික්‍රමතිලක - Ruwan Sampath Waickramathilaka said...

    lookaaaaaaaaaa onna mamatt oyage Lipi teka balala E bay ekenn genawa badu..........
    neyamaii thanksss apita Ebay gana keyala dunnata.............

    නුසර බුලේගොඩ said...

    mama ebay eken mage pc ekata parts tikak genna hadanne , sl custom eken tax gahaida
    tax gahana rates monavath thiyenavada electronic baduwalata

    CadeLewis said...

    man meka nikan inna welawatath kyawana blog ekak tharam.

    kanishka said...

    maxxaaa pinsiddawenawa macho...godak watinawa post okkoma....mama okkoma read kara..

    Ishan iluka said...

    machaan api trc eken anumathiya ganne nathuwa gps moile phone ekak gennuwoth mokada wenne ? eka apita labenne kohomada ?

    thilina lk said...

    බොහොම ස්තුතියි HNB Visa International Debit Card එක ගැන සදහනට. මම ඒක දැකලා card එක අරගෙන පළමු වතාවට ebay ඒකෙන් මිලදී ගැනීමක් කළා. ඉතිරි කීරීමේ ගිණුමේ අවම තැන්පතුව රු.2000 කාඩ් පතට රු.300 කාඩ් එක එවලේම ගන්න පුළුවන් card center එකට කතා කරලා අවශ්‍ය කාලයකට internationally activate කරගත්තම වැඩේ ගොඩ.

    Namal said...

    aiiye lipiya nam maruu..... but mara podi aulak thiyanwa....

    1. 4ns walata wat wadinawada?
    2. ewa genna nawa nam aniwaren wawasarayak ganna
    oneda....

    OVITIGALA said...

    මෙන්න ​මේකේ තේරුම මොකක්ද?
    " BillMeLater $10 back on 1st purchase & 6 months to pay
    Subject to credit approval."
    භාණ්ඩයක් මිලදී ගන්න යනකොට මෙහෙම දෙයක් අහනවා. දන්න කවුරුහරි ඉන්නවා නම් උත්තර දෙන්න.
    Lalith

    Entertainment said...

    Aiya mage PTC/ADSENSE wala podi ganak(mudalak) tiyanawa a salli mata ganna ona unama paypal walin ganna kohomada? Plz poddak lokuwata vishtarayak danawada puluwannam ADSENSE,ADWORD ganath kuppiyak danna apitath kiyak hari hoya ganna

    Shamin said...

    ayye ape ratata badu denne ne kiyala wetenawane api kohomada lankawata dena badu hoyaganne......blog eka ela

    Shamin said...

    ayye lankawata badu denne nene godak sellors la? kohomada lankawata badu ewana sellors hoyaganne?..............blog eka nam ela

    wathsan said...

    ජංගමය දුරකතනයක් .... ගේනවා ගත් පසුද TRC Register විය යුතු ....

    DEELAKA said...

    ayya මේ android tablet pc එකක් ගෙන්නනවානම් මොකද වෙන්නේ
    TRC ගන්න වෙයිද ???

    Unknown said...

    සන්නිවේදන උපකරන ගෙන්වන්නේ නම් ඔබ TRC සහ ආනයන අපනයන පාලක මන්ඩලයේ අවසරය ලබාගත යුතු වනවා...(munwa mathak wenakota maalu natanawa pagaa maruwo) 3G මොඩෙම් ගෙන්නන්න පුලුවන් බලපත්‍ර අති අයට විතරයි. නමුත් අදාල භාන්ඩ ලන්කාවට ලැබුන පසු පරීක්ශා කරන නිලදාරියා මත තමයි වැඩේ තියෙන්නෙ. හැම භාන්ඩයක්ම තක්සෙරුවකට ලක් කරනවා Custom එකෙදි. අපි කොච්චර අඩුවට ගෙන්නුවත් credit card පේමන්ට් වලට ඔවුන්ගෙ ඇසෙස්මන්ට් වලට අනුව බදු අය කරනවා. එක නිසා TT කරනවනුම් අපගෙ මිලටම බදු අය කරවා ගනීමෙ හැකියාවක් තියනවා. ටීටී කරන්නෙ විශාල ඇනවුම් සඳහා පමනයි. ඉතා අඩු මුදලට ගෙන එන අදික මිලති ලප්ටොප්ස් , මොබ්යිල්ස් වලට ඉහල බදු අය කරන්නෙ මෙ නිසා. සෙට් ටොප් බොක්ස්, ෆ්‍රී ටු එයා සැටලයිට් රිසීවර්ස් ගෙන්ඩ එපා. එලියට ගන්ඩ බෑ. namuth market eke thiyanawaa. :P. Custom ,TRC දෙකටම ජරාව දෙන්න වෙනව. අඳුරන කෙනෙකුට විතරයි ඒකත්. military items num kohomawath genda epaa. -Anjana J.

    Wasantha said...

    Dhanika mama oyala kiyapu widiyata sampath web card ekak aragana paypel sambanda kara gaththa.Eta passe mama mulinma order kale pody makeup set ekak nangita.Order karala sathi 3 giyama gedarata liyumak awa parsal ekak tiyanawa awith ganna kiyala.eka ganna giyama tax ekak gewanna ona kiwwa.Eka pody box ekak.Watinakama 1350/- Ethandi eka opend karala balala tax eka 546/- gewanna kiwwa.mama hithuwe ne echchara ganak.

    Unknown said...

    ane dhanika aiye mata oyage mobile number eka ewanawada? godak dewal denaganna thiyenawa. hashandinith@gmail.com

    Unknown said...

    apae yaluwek Nokia x3 02 mobile 1ka usd 270 aran teyenawa, 1ka ebay ganna 1ka alabay. (35000rs wethara wenawa). Lankawe a mobile 1ka Brand new aewa 17000rs walata teyenwa. 1 year warranty 1ka 19000Rs walata ganna puluwan.

    Post a Comment

    පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
    දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
    [භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

    Related Posts with Thumbnails