ඔන්න දැන් සේයාරූ වලට වෙනම බ්ලොග් සටහනක් - කැමරා ඇස

හා හා පුරා කියලා මාත් ඉතිං ඔන්න පටන් ගත්තා සේයාරූ බ්ලොග් සටහනක්. ඊයේ රෑ තමයි නිකමට හිතුණෙ මේ වගේ දෙයක් කරන්න ඕනෙ කියලා. මොකද මාත් ඉතිං ඔය ටිකක් අමුතු ජාතියෙ photos ගන්න කැමතියි. හැබැයි ඉතිං ඔය ඒ වගේ ගන්න photos කව්රුත් වැඩිය බලන්නැති හින්දා (හැමෝම ඉතිං photo එකක් ගත්තම උනන්දුවෙන් බලන්නෙ තමං ඉන්න ඒවයි අඳුරන අය ඉන්න ඒවයි විතරනෙ...) ඒ විදියෙ photos ගන්න එක ටිකක් මගඇරිලයි තිබ්බෙ. මීට පස්සෙ නම් ඉතිං photos ගන්නකොට වෙනදටත් වඩා උනන්දුවෙන් ඒ වගේ photos ටිකක් ගතහැකි බ්ලොග් එකේ පළ කරන්න.


ඊයෙ රෑ අදහස හිතට ආපු ගමන් එහෙං මෙහෙං කෑලි කෑලි ටිකක් එකතු කරලා, වැඩේට සිරා කියල හිතිච්ච තීම් එකකුත් හොයාගෙන හැදුවා බ්ලොග් එක. නම දැම්මෙ "ධනිකගේ කැමරා ඇස| Dhanika's Camera Eye" කියලා. ඒ නම දැම්මෙ පොඩි අනාගත බලාපොරොත්තුවකුත් ඇතිව. ඒ තමයි ඉස්සරහදි මේක‍ට සේයාරූ වගේම මගේ කැමරා ඇසට අසුවුණු චලරූ ත් දාන්න බලාපොරොත්තු වෙනවා. ('කැමරා ඇස' කියලා නම දාපුවම ඉතිං දෙකටම හරිනෙ.. ) හැබැයි පෞද්ගලික සේයාරූ හෝ චලරූ කිසිවක් මේකෙ පළ කරන්නෑ. හැමොන්ටම රසවිඳින්න පුළුවන් කුමන හෝ ආකාරයක කලාත්මක බවකින් සහ වෙනස් බවකින් යුක්ත සේයාරූ හා චලරූ තමයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම ලිපි, නිස‍ඳැස් වැනි කිසි දෙයක් ‍පළ කරන්නෙ නෑ. සේයාරූ සහ චලරූ විතරමයි.


සින්ඩියට අයදුම්පතකුත් දැම්මා. ඒත් ෂුවර් නෑ ඇතුලත් කරගනීද කියලා මේකෙ පළ කරන්නෙ photos විතරක් නිසා. තාම කිසිම blog reader එකක නොතිබුණත් මේ පැය කීපයට ලැබිලා තියෙන ප්‍රතිචාර නම් සතුටුදායකයි. මගේ මේ බ්ලොග් එකේ පැත්තෙ ලින්ක් එකක් දානවා මේ සේයාරූ බ්ලොග් එකට සම්බන්ධ වෙන්න. මේ පැත්තෙ එන ඕනම කෙනෙකුට එතනින් ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන්.

සේයාරූ බ්ලොග් එකක් කරලා අත්දැකීම් නැති නිසා මේ ගැන එන ඕනම යෝජනාවක් චෝදනාවක් ආදරයෙන් බාරගන්නවා. මේ අලුත් බ්ලොග් එකේ තීම් එක මේ විදයට වෙනස් උනානම් හොඳයි, මෙන්න මෙතන මෙහෙම උනානම් හොඳයි, අතන අරම උනා නම් හොඳයි කියලා නිකමට හරි හිතෙනව නම් ඒ ඔක්කොම මෙතන ලියලා යන්න. දැනට තියෙන විදය කොහොමද කියලයි තව හැදෙන්න ඕනා මොනාද කියලයිත් ලියලා යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

එහෙනම් ඔන්න මීට පස්සෙ මගේ බ්ලොග් එක පැත්තෙ ආවම ඔය සේයාරූ බ්ලොග් එක පැත්තෙත් ගිහිල්ලම යන්න අමතක කරන්නෙපා හො‍ඳේ...

14 යි ප්‍රතිචාර

budhajeewa said...

හොඳ බ්ලොගයක් කරන්න !

Deeps said...

all the best..that was a nice start

ධනික | Dhanika said...

@Supun Budhajeewa
අනිවා! පුළුවන් උපරිමෙන් කරනවා. ස්තූතියි!

@deeps
Thanks! Keep in touch! :)

Anonymous said...

Good luck! waiting to see some creative works ;-)
Are u a L1 student @UoM?

Sandunaya said...

good luck..!!

Anju said...

best of luck

ධනික | Dhanika said...

@kaumad
Thanks! of course bro, I'm a L1 student of UOM. May be u have seen me.. :)

@Sandunaya
Thanks!

@Anjalee
Thanks!

Narada said...

Kottu ඒක‍ට දාන්න.

ධනික | Dhanika said...

හානේ මං kottu ගැන දැනගෙන හිටියෙ නෑනෙ. ස්තූතියි කිව්වට..! ඒකට දාන්නම්... :)

ඉ-නැණ පියස said...

ඔන්න මමත් සුභ පතනවා.හොදට කරන්න.ප්‍රමාදවී සුභ පැතීම ගැන කණගාටුවෙනවා.

malee_msg said...

සුභ පැතුම්‍‍‍‍... මාත් ගියා බලන්න.. ලස්සන පිංතූර ටිකක්!

ධනික | Dhanika said...

@ඉ-නැණ පියස
අයියෝ කණගාටු වෙන්න දෙයක් නෑ.. සුභපැතීමට ස්තූතියි!

@malee_msg
ස්තූතියි! තාම ටිකයිනෙ තව ටික දවසකින් ගොඩක් වෙයි. :)

Blog දිලා said...

itz a gud work bro! nice creation. it u can add some pics of polonnaruwa..can i send u some, contact me via dilanka@darsoft.tk, defenitly i'll send some 4toes of polonnaruwa ancient city to you!

ධනික | Dhanika said...

@DARsoft Lanka
Thanks bro! I appriciate ur word. But plz dont misunderstand me. As the blog is named as "Dhanika's Camera Eye", I hope to add only the photos I took for this blog. But sure, I'll add some more photos of ancient cities in future.

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails