පැය 4 න් හදපු ක්‍ෂණික MOFILM එක...

අෆොයි... කලින් post එක ටිකක් බර වචනෙන් ලිව්ව හින්දද කොහෙදෝ කට්ටිය පත්තරයක් බලනවා වගේ කියවලා ගිහිල්ලා විතරයි, වචනයක්වත් ලියලා ගිහිල්ල නෑ. දැන් මේ කියන්න හදන දේ ඒ බර වචනෙන් කියන්න බැරි හනදයි කලින් post එකේ නොලිව්වවෙ. එදා වැඩමුළුවට ආපු කට්ටිය groups වලට බෙදිලා හැම group එකෙන්ම MOFILM එක ගානෙ හැදුවා කියලා මං කිව්වනෙ. මං හිටපු group එක ඔය MOFILM එක හැදුවෙ කොහොමද කියලයි මේ කියන්න යන්නෙ. අපි හදපු MOFILM එකත් පහලින් බලාගන්න පුළුවන්.






මං කිව්වනෙ එදා වෙච්ච දේවල්. මුලින්ම තිබ්බෙ සුමිත්‍රා පීරිස් මහත්මියගෙ කතාව. ජැක්සොන් ඇන්තනි මහත්තයත් ආරාධිතයෙක් හැටියට ඇවිල්ලා හිටියත් කතාවක් නම් කළේ නෑ (කඩ්ඩ අවුල් නිසාද දන්නෑ...) පස්සෙ ඉතිං අර සුදු මහත්තුරු දෙන්නා MOFILM ගැන ලෙක්චොර් එකක් දීලා අපිට කිව්වනෙ මේ දැන්මම කට්ටිය groups බෙදිලා script එකක් ලියන්න කියලා. Script එකට කතාව ගොතන්න තිබ්බෙ මෙන්න මේ තේමාවන් වලට: Sri Lanka, Mobitel, M3, Smart. ඕක කියද්දි උදේ 10.45 විතර ඇති. 11.30 වෙද්දි Refreshmentසුත් අරගෙන script එකත් ලියලා ඉවර වෙන්නෝන කිව්වා. හික්ස්! මොන script ද දන්නවනෙ ඉතිං කට්ටියගෙ බඩවල්, අනික ඉතිං හිල්ටන් එකෙන් සප්පායම් වෙනවා කියන එකත් ඉතිං ලේසි පහසු කාර්යක්යෑ. Groups බෙදෙන්නෙත් නැතුව ගියා බඩ පුරෝගන්න.

කාලා ඉවරවෙද්දි 11.15 විතර. (ගොඩ කැන්ටිමේ වගේ කටට දෙකට ගිලලා දාන්නත් බෑ නොවැ, ඒකයි වෙලා ගියෙ..) කාලා බීලා ඉවරවෙලා ඇවිත් බලනකොට අනිත් ඔක්කොම groupසුත් බෙදිලා බරටම scripටුත් ලියනවා. මොනා කොරන්නද ඉතුරුවෙලා හිටපු උන් ටික group එකක් හැදුනා, අනිත් ඔක්කොම groups වල 10 ගානේ, අපේ එකේ 7යි. (ඉතුරු වෙලා හිටියෙ එච්චරයිනෙ) පස්සෙ ඉතිං දස අතේ කල්පනා කරනවා script එක ලියන්න කතාවක්. ම්හ්.. No idea. 11.30ත් උනා අපිට script එකක් නෑ.

ඊට පස්සෙ අර සුදා තව ටිකක් කඩු හරඹ කරලා කරලා 12 ට විතර කිව්වා දැන් ගිහිල්ලා shoot කරන්න කියලා. හත්වලාමයි shoot කරන්නෙ මොන අහවල් එකක්ද? අම්මෝ ඇති යන්තං ටික වෙලාවකට පස්සෙ අපෙ දීලීපයට idearz එකක් ආවා. ඒක කට්ටියත් එක්ක කතා කරලා තව ටිකක් develop කරලා ගත්තා. තේමාව Mobitel. දැන් ඉතිං script ලිය ලිය ඉන්න වෙලා තියනවයෑ, කෙලින්ම බැස්සා වැඩේට. නළු නිළියොත් ඉතිං අපි වෙනුවෙන් අපි තමයි. Lights එහෙම කිසිදෙයක් නෑ, නමට විතරක් වීඩියෝ කැමරාවක් කියලා කියන්න පුළුවන් එකක් විතරයි දුන්නෙ. අඩු ගානෙ ඒකෙ iris controlling වත් නෑ එළිය අඩු තැනකදි වැඩක් කරන්න. අනික් අතට ඉතිං ලොකු ලොකු කැමරා දෙන්න මේක මේ ඔය තරම් ලොකු වැඩක්යැ. කොහොමින් කොහොමින් හරි කැමරාව හිල්ටන් එකෙන් පිටතට ගෙනයන්නත් නොදීපු නිසා ඒක ඇතුලෙම locations ටිකක් හොයාගෙන වැඩේ ශේප් කරගත්තා.

1.15 විතර වෙද්දි shoot කිරිල්ල නම් ගොඩදාගත්තා. ඊට පස්සෙ ඉතිං ආයෙත් බඩට සැප - lunch එක. ආයෙ මොනාද.. bat කරා නියමෙටම. කාලා බීලා video එක capture කරන්න යනකොට කැමරා එක detect වෙන්නෑ ලැපට. හත්වලාමයි, බැලින්නම් හැමොන්ටම එහෙමයි. අපේ වරදක්යෑ. අපි Mobitel අයියලටම capture කරලා දීපල්ලා කියලා බලාගෙන හිටියා. අනේ පව් පැයක් විතර කට්ට කාලා කාලා කොහොම හරි capture කරලා දුන්නා. Video Editing කරන අය දන්නවනෙ ඉතිං විනාඩි 2ක වීඩියෝ කෑල්ලක් හරියට edit කරන්න ඉතිං පැය 2ක් වත් යනවා කියලා. Edit කරලා ඉවරවෙද්දි 5 විතර. අන්තිමේදී හදපු ඔක්කොම MOFILMS project කරලා පෙන්නුවා. අපේ එකටත් ඉතිං හොඳ ප්‍රතිචාර හම්බුනා. හැබැයි ඉතිං තෑගි නම් නෑ.

ඉතිං ඔන්න ඔහොමයි අපි මේ MOFILM එක හැදුවෙ. තෑගි ලැබුණ්නැති උණා‍ට ගොඩාක් ලොකු අත්දැකීම් තොගයක් නම් හම්බුණා. ජීවිතේට ඉතිං වඩා වටින්නෙ තෑගියෑ, අත්දැකීම් නෙ. (නරියට මිදි තිත්තයිලුනෙ) මේක ඉතිං අති ශ්‍රේෂ්ඨ නිර්මාණයක් නම් නෙමෙයි. තැනේ හැටියට ඇනේ ගහලා පැය 4 ක් වගේ පුංචි කාලෙකින් හදපු ක්‍ෂණික MOFILM එකක්. අන්න ඒ ටිකත් පොඩ්ඩක් හිතේ තියාගෙනම කට්ටිය කියමුකො බලන්න මේ අපේ වැඩේ හොඳ නරක. අපේ Video Production subject එකට assignment එකක් විදයටත් ඉස්සරහදි MOFILM එකක් හදන්න තියෙනවා. ඕගොලන්ගෙ ප්‍රතිචාර වලින් පුළුවන් වෙයි අපිට මීළඟට කරන්න තියෙන වැඩේදිවත් අපේ වැරදි හදාගෙන මීට වඩා හොඳ නිර්මාණයක් කරන්න. හොඳ නරක දෙකම කියන්න.

ප.ලි. ඒකෙං මේකෙං අපි එදා ‍Mobitel අයියලට නොමිලේම Add එකක produce කරලා දීලා නොවැ!

18 යි ප්‍රතිචාර

GNS said...

අප්පට‍‍... වැදගත් වැඩකටනේ සහ සම්බන්ධ වෙලා තියෙන්නෙ...

එළ එළ...

Anonymous said...

එල එල... Who cares... :D
විනාඩ් 2 ට හොද නිර්මාණයක්...

Thameera said...

වැඩේ එළ... හැබැයි පව් අර ශෂින්ද්‍රගෙ මූන තව ටිකක් පෙන්නුව නම් තමයි හොඳ...
අපි නම් ගිය අවුරුද්දෙ ඕක හැදුවෙ පැය බාගෙන්!

පොතේ ගුරා said...

හික්z..එල එල..Who cares කියල එක පොඩ්ඩක් පැහැදිලිව ඇහෙන්නෙ නෑ..ඒ උනාට ගති වැඩේ!

ධනික | Dhanika said...

@ගයන්ත
ඔව් ඉතිං අපිට ඔය වගේ පොට්ට චාන්සුත් වදිනවා හිටපු ගමන්. මට කියන්න අමතක උනානෙ. එදා ඔය වැඩේට අර "නටන තරුව" හදපු සුසාර දිනාල් අයියත් ඇවිත් හිටියනෙ.. තව ටික දවසකින් මිනිහා MOFILM හදයිද දන්නෑ බරටම.. :D

@panhida
ස්තූතියි! We Care. Always!

@තමීර
හික්ස්! ඔව්නෙ අපේ බැච් 1st කෙල්ලන්ට පාට් දාන්න පොරක් තියලා තව ටිකක් පෙන්නන්න තිබ්බා නේ.. :D

@පොතේ ගුරා
ස්තූතියි! ඕක ඇහුණෙම නෑ වටේ පිටේ තිබ්බ සද්ද හින්දා.. පස්සෙ ඔය වෙනම dub කරලා දැම්මෙ.. [dub කරෙත් කැමරාවෙ mic එකෙන්ම තමයි ;)]

වන්නි said...

එළ ඈ... පට්ට...

ධනික | Dhanika said...

@කුෂාන්
එළ එළ ඔන්න එහෙනම් මචං ස්තූතියි කිව්වා...

NUWAN said...

ඈත්තටම නියම අත් දෑකීමක්.කලින් පොඩි අදහසක් හදාගෙන ගියා නම් වෑඩේ ගොඩනේ මල්ලි.

ධනික | Dhanika said...

@NUWAN"s lane
කව්ද අයියෙ දන්නෙ ඔතන film එකක් හදන්න තියෙනවා කියලා... අපි හිතුවෙ මේ නිකං ගිහිල්ලා ආතල් එකේ කාලා බීලා ඔය මොනාහරි පොඩි discussion එකක් කරලා එන්න තියෙන්නෙ කියලා.. :D හැබැයි එදා මේ කරපු වැඩෙන්නම් හම්බෙච්ච අත්දැකීම් ටික කියලා වැඩක්නෑ..

Deeps said...

Great idea for an advertisement!!!!

ධනික | Dhanika said...

@deeps
Thanks! But not mine. I just directed & edited. The idea is from my friend Dileepa.

Manushan said...

අප්පට සිරි එළ වැඩක්නේ කරලා තියෙන්නේ

ධනික | Dhanika said...

@Manushan
හෙ..හෙ.. එළ වැඩක් නේන්නම්... :D
කාලෙකට පස්සෙ මලයණ්ඩිගෙ කමෙන්ට් එකක් දැක්කෙ.. අපිව තාම අමතක නෑ එහෙනම්...

Leo Sadeepa said...

Dear Danika ,

Went through your post and your movie. Great stuff. I also participated but coudn't complete the movie due to a tech problem.

By the way we are doing a mobile film competition. Visit http://www.youthetv.lk for more information.

ධනික | Dhanika said...

@Leo Sadeepa
Thanks for your comment & also for letting me about the Mofilm competition!
I think we can not present this Mofilm for the competition as this is not shooted by a cam phone.
May be the one we did earlier, just for fun (අංගම් in බාvilla) will suit for this. Anyway thanks!

Dileepa Pathirana said...

අහ !!! කට්ටියගෙ ප්‍රතිචාර හො‍ර්‍දයි නේද? අපේ ඊළග වැඩෙත් එළකිරි වගේ කරමු....

ධනික | Dhanika said...

@Dileepa
එළ එළ මචං... ප්‍රතිචාර හොඳයි.. ඊළඟ Short film එක දෙමු සිරාවටම

භාග්‍ය said...

එල . ලස්සනට කරලා තියනවා...

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails