සිංහල අක්‍ෂර වින්‍යාස මින්පසු ඔබට බාරයි Microsoft Office !

හැමෝම දන්නවනෙ දැන් Microsoft Windows Vista සහ Microsoft Office 2007 දැන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් කියලා. දන්නැති අයටත් දැනගන්න ‍පොඩ්ඩක් කියලම ඉන්නංකො. දැනට අපි පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Microsoft Windows Vista මෙහෙයුම් පද්ධතිය සඳහා සහ Microsoft Office 2007 මෘදුකාංග කට්ටලය සඳහා දැන් සිංහල අතුරුමුහුණත් Microsoft Sri Lanka වෙබ් අඩවියෙන් නොමිලේ ම බාගෙන install කරගන්න පුළුවන්.

මෙම Microsoft සිංහලකරණය වීම ගැන එක එක විදියෙ විචාර කීපයක්ම කට්ටිය පහුගිය දවස් වල බ්ලොග් ලිපි වලින් දකින්නැතිනෙ. හැමදේකම ඉතිං පැති දෙකක් තියනවා නොවැ. ඉතිං මං මේ කියන්න හදන්නෙ ඔය Microsoft සිංහලකරණය වීම ගැන මං දැකපු හොඳ පැති කීපයක්.



සමස්ථයක් හැටියට ගත්තම ඉතිං අපිට මේ ගැන සතුටු වෙන්න පුළුවන් අපේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග ප්‍රමාණය වැඩි වීම ගැන. විශේෂයෙන් ම Microsoft Office පැකේජය ගැන කතා කළොත් අපිට අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා එය අපේ රටේ බහුලවම භාවිතා වන මෘදුකාංග කට්ටලය බව. පොඩ්ඩක් මතක් කරලා බලන්න අපි පරිගණකයක් අතගාපු මුල්ම කාලෙ ගැන, මුලින් ම ඉගෙන ගත්ත මෘදුකාංගෙ ගැන, තව පොඩ්ඩක් මතක් කරන්න අපිටම කියලා මුලින් ම පරිගණකයක් මිලදී ගත්ත දවසෙ (මෙහෙයුම් පද්ධතිය දැම්මට පස්සෙ) මුලින් ම පිහිටුවපු මෘදුකාංගෙ මොකද්ද කියලා. Microsoft Office පැකේජය නෙමෙයිද?


ඊළඟට ටිකක් හිතන්න අපේ රට ගැන. දැන් මේ පරිගණයත් TV එක වගේම ලංකාවෙ ගොඩක් නිවස් වල අනිවාර්ය අංගයක් වෙලානෙ. ඉතිං ඔය හැමෝම FOSS ගැන දන්නවයැ? කොච්චර අත්ලොස්සක්ද FOSS ගැන දන්නෙ? ඒත් ඉතිං ඔය හැම පරිගණකයකම Office වරදිනවද? නෑනෙ. කාර්යාල ගත්තත් රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෑම කාර්යාල පරිගණකයකම වගේ Word, Excel වරදින්නෑනෙ. ලිපියක් එහෙම ටයිප් කරගන්න ඉතිං Word හැර වෙන මොනවද? ඇයි ඒ විතරද PowerPoint? PowerPoint නැත්තං කැම්පස් වල lecturers ලා presentations හදලා හමාරයි. (අනේ මං මේ Microsoft එකට කඩේ යනවනං නෙමෙයි.. කඩේ ගියා කියලා මට වෙන සෙතක් තියනවයෑ.. ඒත් ඉතිං හිතලා බලන්නකො ඇත්ත මේක නෙමෙයිද කියලා..)

ඉතිං අන්න ඒ නිසයි මං කිව්වෙ ලංකාවෙ බහුලවම භාවිතා වන මෘදුකාංග කට්ටලය Microsoft Office කියලා. මේ සිංහල රටේ බහුලවම භාවිතා වන මෘදුකාංග කට්ටලය සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වීම ගැන ඉතිං අපිට සතුටු වෙන්න පුළුවන් නොවැ. ඒත් ඉතිං පොඩි අවුලකුත් තියෙනවා. ඔය මෘදුකාංග කට්ටලය සිංහලෙන් භාවිතා කරන්න නම් ඉතිං සිංහල යුනිකෝඩුත් එපැයි. අපේ රටේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් කීයෙන් කී දෙනාද සිංහල යුනිකෝඩ් ගැන දන්නෙ?

තව ප්‍රායෝගික ප්‍රශ්නෙකුත් මතු වෙනවා. ගොඩක් දෙනාට හිතෙන්න පුළුවන් ඔය සිංහල අතුරුමුහුණතේ තියෙන අප්‍රභංශ වචන තෝර තෝර ඉන්නවට වඩා නම් ඉංගිරිසි අතුරුමුහුණත ම භාවිත කරන එක ලේසී කියලා. ඒකෙත් ඉතිං ඇත්තක් නැතුවමත් නෙමෙයි. මොකද ඉතිං දැන් අපි අවුරුදු ගාණක් ඉංගිරිසි අතුරුමුහුණතේ තියෙන ඉංගිරිසි වචන වලට හුරු වෙලා නොවැ ඉන්නෙ. නමුත් ඉතිං ටික කලක් සිංහලෙන් භාවිත කළොත් නම් සිංහල වචන වලට හුරු වෙන්නත් ඉඩ තියෙනවා.

දැන් කියන්න හදන්නෙ Microsoft Office මෘදුකාංග මොන භාෂාවෙන් භාවිත කලත්, මේ සිංහල අතුරුමුහුණත ස්ථාපනය කිරීමෙන් අපිට ලැබෙන වාසියක් ගැන. මෙච්චර කල් අපි Word වලින් Spellings check කළේ ඉංගිරීසි වචන වල විතරනෙ. ඔන්න දැන් මේ සිංහල අතුරුමුහුණත ස්ථාපිත කළාට පස්සෙ අපිට සිංහල වචන වලත් spellings check කරන්න එහෙමත් නැත්තං අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂා කරලා වැරදි නිවැරදි කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ සිංහල අතුරුමුහුණතේ මං දකින ලොකුම ප්‍රා‍යෝගික වාසිය තමයි ඒක. හැබැයි ඉතිං ඒ විදියට අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂා වෙන්නත් අපි ටයිප් කරන දේ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න ඕනෙ. අන්න එතනදි ආයෙත් අර ප්‍රායෝගික ගැටළුව මතු වෙනවා. ඒත් ඉතිං අර කව්ද කියනවනෙ ඉස්සරහට රාජ්‍ය අංශයේ කාර්යාල කටයුතු සඳහා යුනිකෝඩ් අනිවාර්ය කරනවා කියලා. එතකොටවත් ඉතිං මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනී නොවැ. මොනා උනත් ප්‍රථම සිංහල අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂකය (Spell Checker එක) මේ සමඟ නිර්මාණය වීම ගැන නම් අපි කාටත් සතුටු වෙන්න පුළුවන්.

ඔහොම අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂා වෙනවා කියලා දැක්ක ගමන් මාත් ඉතිං පොඩ්ඩක් ඕක අත්හදා බැලුවා. අර කව්රුහරි photo එකක් බලද්දි මුලින් බලන්නෙ ඒ photo එකේ තමන් ඉන්නවද කියලනෙ. ඉතිං ඒ වගේ මාත් මුලින් ම ගහල බැලුවෙ මගෙ නම.



පුදන කොටම කාපි යකා කිව්වලු. 'කෞශල්‍ය' කියන වචනෙ සිංහල භාෂාවෙ නිතර භාවිතා වන වචනයක්නෙ. ඒක කොහොමද මේ word list එකේ නැති වෙන්නෙ? අනික පුදුම දේ තමයි වචනෙක අකුරු දෙකකට විතරක් spellings වැරදීම. ඉතිං නිකමට වගේ ඕක උඩ right click කරලා බැලුවා මොනාද suggestions කියලා.


මෙන්න බොලේ එතකොට පෙන්නනවා "කෞශල්‍ය, කෞශල්‍යා, කෞශල්‍යය, කෞශල්‍යට, කෞශල්‍යව" කියන මේ ඔක්කොම. මට ඕනා 'කෞශල්‍ය' කියන එකනෙ. ඒක select කළාම 'ය' යන්නක් එකතු වෙලා ආයෙත් ඒ වැරැද්දම පෙන්නනවා. ආයෙත් right click කරලා හරි එක select කළාම තවත් 'ය' යන්නක් එකතු වෙනවා. මාර පිස්සුවක්. ඔයාලත් කරලම බලන්නකො. මට හිතෙන්නෙ ඒක spell checker එකේ වැරැද්දක් නෙමෙයි, සිංහල භාෂාවෙ තියන සංකීර්ණකම නිසා spell checker එකට හිතාගන්න බැරුව ඇති වචන දෙකක් වෙන් වෙන්නෙ කොතනින්ද කියලා. කුළුඳුල් සිංහල spell checker එකනෙ. ඔය ව‍ගේ පුංචි පුංචි අඩුපාඩු ඇති. අපි ඉතිං සුභවාදීව හිතමු ඉස්සරහට ඔය අඩුපාඩුත් හැදෙයි කියලා.


අත්හදා බලන්න මගේ නම ගහපු එකෙන් ඔය නුගුණෙ වගේම මේ spell checker එකේ තියෙන ගුණ දෙකකුත් හඳුන ගත්තා. 'ධනික' කියන වචනය සිංහල භාෂාවෙ තිබෙන වචනයක් වුනත් එය සාහිත්‍යයෙහි භාවිතා නොවෙන තරම්. මගේ නම නිසා මං ඔය වචනෙ හැම තැනම සොදිසි කරනව නොවැ. ශබ්දකෝශ ගත්තොත් මං දැනට ඔය වචනෙ දැකලා තියෙන්නෙ ගුණසේන මහා සිංහල ශබ්දකෝශයෙ විතරයි. (මගේ නමේ තේරුම බලලා මට ඔච්චං කොරනවා එහෙම නෙමෙයි... ) මේ වගේ ඉතා දුලබ වචන හිටං මේ spell checker එකේ අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි 'පෙරේරා' වැනි වාසගම් පවා මේ සිංහල spell checker එකේ වචන ලැයිස්තුවෙ තියනවා. ඉතිං ඒකෙන් හිතාගන්න පුළුවන්නෙ මේකේ තියෙන වචන කන්දරාව.

ශබ්ද කරන විදියටම ලියැවෙන නිසා සිංහල භාෂාවෙ ඉතිං කොහොමත් ඔය ඉංගිරිසියෙ වගේ අමුතු ජාතියෙ අක්‍ෂර වින්‍යාස තියෙන වචන නෑනෙ. ගොඩක් වෙලාවට තියෙන්නෙ ඔය න/ණ, ල/ළ, ට/ඨ, ෂ/ශ, ද/ධ, ච/ඡ, ක/ඛ, ත/ථ, ප/ඵ, ග/ඝ වැනි මහප්‍රාණ ප්‍රශ්නනෙ. (හැබැයි ඉතිං අපිට බැරිත් ඕවමනෙ...) ඉතිං මේ සිංහල spell checker එක භාවිතා කරන්න ගත්තට පස්සෙ ඔය ප්‍රශ්න නම් සදහටම නැතිවෙයි. සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අපටත් මෙමගින් නිවැරදි අක්‍ෂර වින්‍යාස සහිතව බ්ලොග්කරණයේ යෙදෙන්න හැකිවේවි. හැබැයි ඉතිං කව්රුහරි වැඩර් කෙනෙක් ඔය වචන ලැයිස්තුව පන්නලා ගිනිහිවලාට ඇඩෝනයක් හදන කල් අපිට ලිපිය ලියලා, Word වලට copy කරලා, spellings check කරලා, ආයෙත් බ්ලොග් එකට copy කරන එක ඇර වෙන විකල්පයක් නැති වේවි.

[අයියෝ අදත් ටිකක් ලිපිය දිග වැඩි උනා.. අනේ අම්මපා මට කෙටි කරලා ලියන්නම බැරි හැටි...
]

24 යි ප්‍රතිචාර

ශාකුන්තල | Shaakunthala said...

ශාකුන්තල ගෙ නම හරියට ටයිප් කරන්න පුළුවන්ද බලන්න. :D

GNS said...

පටං ගත්ත ගමන් නිසා ප්‍රශ්න තියෙන්නත් එපෑ...

ඔවුවා හරි යයි...

සිංහලෙන් ඔහොම හරි එකක් ආපු එක ලොකු දෙයක්.. :D

budhajeewa said...

අගය කරන්න ඕන වැඩක්.

ධනික | Dhanika said...

@ශාකුන්තල
ගහලා බැලුවා.. ම්හ්.. යටින් රතු ඉර.. බැලුවා මොනාද suggestions කියලා.. "ශකුන්තලා, ශකුන්තලාට, ශකුන්තලාව" හික්ස්.. :D
නරකද නම වෙනස් කළොත් ?

@ගයන්ත
අනිවා.. අනිවා.. මාත් කියන්නෙ ඒක තමයි.. ඔහොම හරි සිංහල spell checker එකක් බිහිවෙච්ච එක ලොකු දෙයක්.. ඔය පුංචි පුංචි ගැටළු කීපයක් ඇරුනම මේක මාර සිරා.. මාර advanced.. පේනවනෙ suggestions වලින්ම.. :D

@Supun Budhajeewa
ඇත්තටම ඔව්.

ශාකුන්තල | Shaakunthala said...

හුටා!

Anu said...

කොත්තමල්ලි වලටත් ධනික කියනවනෙ..

ධනික | Dhanika said...

@Anu
ඥෑහ්.. ඔන්න ඉතිං ඕකනෙ මං කිව්වනෙ මගේ නම බලලා ඔච්චං කරන්නෙහෙමනෑ කියලා.. එන්නෙපා හොඳේ කියනෝ අම්මට.... ;)

ධනික | Dhanika said...

අයි‍යෝ මං විහිළුවක්නෙ කළේ... අම්මට කියන්නෑ... ඕන දෙයක් ලියලා යන්න.. හි..හි.. :D

Narada said...

මම මෙතෙක්කල් භාවිතා කලේ openOffice, මන්ද Pirated ඒවා මගේ පරිගණකෙය් හැකිතාක් අඩුවෙන් තියාගන්නට හා FOSS වලට යම් දුරකින් ඇති කැමැත්ත නිසායි ඒ. OpenOffice වල සිංහලට හරවන්න සැලසුමක් තිබුණත් කණගාටුවට වගේ ගත් තැනම ලෝප් වුණා. කෙසේ වෙනත් සිංහළ සංස්කරණයක් ආ ඒක හොඳයි ඇත්තටම, නිදහස් මෘදුකාශයක් නොවුණත් මම මේ වෙනසට සුභාසිරි පතනවා. අනික විස්ටා වල යුනිකේත පෙරනිම්නයෙන් පිහිටුවලා තියෙනවා නෙව.

"මොකද ඉතිං දැන් අපි අවුරුදු ගාණක් ඉංගිරිසි අතුරුමුහුණතේ තියෙන ඉංගිරිසි වචන වලට හුරු වෙලා නොවැ ඉන්නෙ. නමුත් ඉතිං ටික කලක් සිංහලෙන් භාවිත කළොත් නම් සිංහල වචන වලට හුරු වෙන්නත් ඉඩ තියෙනවා."
සහතික ඇත්ත කතාව නම්!

Anu said...

මම අද ඔෆිස් එකේ පොඩි වැඩ වගයක් කරන්න වර්ඩ් පාවිච්චි කලේ සිංහලනේ.
ඇත්තම කියනවනම් මේකෙ සිංහල ටික තේරුමත් ඇතුව පරිවර්තනය කරල තියනව. මොනව උනත් කරපු කෙනා නම් ගොඩක් සිංහල දන්න කෙනෙක්.

Anonymous said...

සිංහල භාෂාවට පරිඝණකයේ මෙවැනි තැනැක් ලැබීම පිලිබදව අපි සතුටු වෙන්න ඕන...මෙහෙම ගියොත් සිංහල භාෂව මළ භාෂාවක් වීමේ අන්තුර පහව යයි...

ධනික | Dhanika said...

@-බිன்ku-
ඇත්ත නේන්නම් විස්ටා වල සිංහල යුනිකෝඩ් පෙරනිමියෙන්ම පිහිටවලා තියෙනවා කියලා මට අමතක උනා නොවැ.. අපි ඉතිං තාම පරණ XPමනෙ පාවිච්චි කොරන්නෙ... :(

@Anu
ආ මේ.. ඔන්න පව් හින්දා මං අම්මට කිව්වෙ නෑ හොඳේ... ;)
ඇත්ත ඇත්ත ගිනිහිවලගෙ සිංහල වෙළුමෙ වගේම මේකෙත් පරිවර්තනය ගොඩක් හොඳයි.

@panhida
අනිවා.. එහෙම කොහොම මැරෙන්න දෙන්නද සිංහලට.. මේ සිංහල බ්ලොග් ලියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නකල් එව්වා බොරු.. පරිගණක කෙෂ්ත්‍රයෙ සිංහලට ලැබෙන මේ තැන ගැන අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්...

ජීවන්ත said...

මචෝ ඕකෙ වියරණ දෝෂත්(grammer errors) පෙන්නනවද? (අර කොළ පාටින් underline වෙන ඒවා)

ධනික | Dhanika said...

@ජීවන්ත
අනේ තාම ව්‍යාකරණ දෝෂ පෙන්නන මට්ටමටනං දියුණු කරලා නෑ මචෝ‍.. හැබැයි ඒකත් වැඩි කල් යන්න කලින් එයි.. එතකල් ඉතිං අක්‍ෂර වින්‍යාස දෝෂ පෙන්නලා නිවැරදි කරන එකම මදෑ... :)

shan said...

kotthamalliya metharam wath sinhala goda yanaeaka kochchara hodada. byeeee koththaya


http://3.bp.blogspot.com/_zuAuyyI9nVs/Sl4TvjlUZOI/AAAAAAAAAho/lVhU90xfEWg/s1600-h/dic.jpg

ධනික | Dhanika said...

@Shan
මේ මං එක සැරේකුත් කිව්වා... මේ සැරේ නම් කියනෝ තාත්තට හරිද... එනව මෙතන නම් හදන්න.. ;)
සිංහල ගොඩයන එක හොඳයි නේන්නම්.. 'මෙතරම්වත්' කියලා කියන්නෙපා.. මේ ගොඩයෑම ගැන අපිට ගොඩක් සතුටුවෙතහැකි..
අයියෝ ඔය ලින්ක් දාන්නෙ මොකටද? මං අර දාලා තියෙන පිංතූරෙ උඩ ක්ලික් කරානම් ඉවරයිනෙ.. :D

තුෂාර ජයරත්න. said...

කෞශල්‍යය හරි මචං. අම්මලා, තාත්තලා ආදරේට නම් දාන්නේ කෙටි කරලානේ..... කෞශල්‍යය-----> කෞශල්‍ය

ධනික | Dhanika said...

@තුෂාර
නෑ මචං කෞශල්‍ය, කෞශල්‍යය කියන වචන දෙකම හරි.. ඔය suggestions වලත් පෙන්නන්නෙ.. (මං screen shot එකකුත් දාලා තියෙන්නෙ) ඒත් ඔය වචන දෙකම යටින් රතු ඉර පෙන්නනවා.. ඒතන මොකක් හරි පොඩි අවුලක් ඇත්තෙ.. ඔව්ව පස්සෙ හරි යයි.. :)

රොකියා | Udara said...

වැඩේ ගැනනම් ඉතින් දෙකක් නෑ ! එලම තමයි. නමුත් මේ දෙයින් ඉන්ගිරිසි දැනුම ඇතිකරගැනීමේ ප්‍රවනතාවයට වැට බැදීමක් වෙන්නෙ නැද්ද?
අදහසක් පමනයි.)

ධනික | Dhanika said...

@රොකියා
මෙයින් කොහොමද ඉංග්‍රීසි දැනුම ඇතිකරගැනීමට වැටබැ‍ඳෙන්නෙ? මෙය ඉංග්‍රීසි භාෂාවට අදාළ දෙයක් නෙමෙයි. සිංහලෙන් යතුරුකරණ අපේ ප්‍රයෝජනයට අදාළ දෙයක්. මෙයින් වෙනවනම් වෙන්නේ අපේ තියෙන සිංහල අක්‍ෂර වින්‍යාස පිළිබඳ දැනුම වැඩිදියුණු වෙන එක විතරයි.

රොකියා | Udara said...

ඒක හරි. නමුත් තුන්වෙනි ලොකේ රටක් වන අපිට ඉන්ගිරිසි භාෂාව නැතුව කිසිම දෙයක් පරිගණකයෙන් කරන්ඩ බැරි බව කාටවත් රහසක් නෙමේ නෙ.
නමුත් යම් පුද්ගලයෙක් සින්හලින් තියන හැම (විවුර්ත මෘදුකන්ග ඇතුලුව්) මෘදුකන්ගයකටම හැඩ ගැසුනොත් ඒ පුද්ගලයට ඉන්ගිරිසියෙන් තියන පරිගණකයක වැඩ කරගන්ඩ බැරි වෙනව.

උදාහරනයක් විදියට ඔෆිස් සින්හල අතුරු මුහුනතින් හැම දේම පුරුදු වුනොත්.ටික දවසකින් අපිට ඒකෙ තියන ටූල්ස් ඉන්ගිරිසියෙන් යම්තාක් දුරට අමතක වීමක් වෙන්ඩ පුලුවන්. මේ අදහස වැරදි වෙන්ඩත් පුලුවන්.

නමුත් ලෝක ජනගහනයෙන් අතලොස්සක් පමනක් භාවිතා කරන සිංහලෙන් යමක් කිරීමට හැකිවීම අපි ලංකිකයන් විදියට ලබන ජයක්.

ධනික | Dhanika said...

@රොකියා
ඒක ඇත්ත. ඔබ කලින් සඳහන් කළේ මෙයින් ඉංග්‍රීසි දැනුම ඇතිකරගැනීමේ ප්‍රවණතාවයට වැට බැඳිමක් වෙනවා කියලනෙ. මං කියන්න උත්සහ කළේ එවැනි දෙයක් සිදුනොවන බව.

ඇත්ත. ඔබ කිව් ලෙස සිංහල අතුරුමුහුණතට පමණක් හුරු වීමෙන් ඉංග්‍රීසි අතුරුමුහුණතේදි වැඩ කිරීම ගැටළුසහගත විය හැකි බව ඇත්ත. ඉතිං අපි දෙවිදියටම හුරු උනානම් ඉවරයිනෙ. උදාහරණයක් විදියට ගෙදරදි සිංහලෙන් කාර්යාලයෙදි/කැම්පස් එකේදි ඉංග්‍රීසියෙන්. එකකොට අපිට අතුරුමුහුණත් දෙකම හුරු වෙනවා. :)

නමුත් ලෝක පරිගණක භාවිතය තුළ අපේ සිංහල භාෂාවට මෙවැනි තැනක් ලැබීම ගැන නම් අපිට අනිවාර්යෙන්ම සතුටු වෙන්න පුළුවන් වගේම ආඩම්බර වෙන්නත් පුළුවන්.

දොඩන් said...

වැඩේ නං මරු අර කියපු අවුල් ටික නං මටත් ආවා. ව්‍යාකරණත් බලනවනං මරු. තව එකක් සමහර සිංහල වචන ශබ්දකෝශයෙ ඇත්තෙම නෑ. ඒවට ඉතිං අපි අතිං ඇඩ් කරගන්න වෙනවා.

ධනික | Dhanika said...

@දොඩන්
ඔව් ඉතිං ඔය වගේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඉස්සරහදි ඕවා හැදෙයි කියලා අපි බලාපොරාත්තු වෙමු. :)

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails