Promotion හම්බුණා.....

ගොඩක් කාලෙකින් මේ දවස් වල තොරතුරු ටිකක් ලියන්නත් බැරිවෙච්ච හින්දා අද ටිකක් ලියන්න හිතුණා.

ගිය සතියෙ අපේ ජුන්නො ආවනෙ කැම්පස් එකට. ඉතිං දන්නෙම නැතුව අපිව Level 1 ඉඳන් Level 2 වලට promote උනා. අනේ පව් උන්ගෙ අහිංසක මූණවල් දැක්කහම තගක් දාන්නවත් හිතෙන්නෑ අප්පා. දන්නවනෙ ඉතිං අපේ මොරා කැම්පස් එකේ රැග නෑ කියලා. ඔය රැග නැත්තටම නැති එකටනම් මම පෞද්ගලිකව විරුද්ධයි. කැම්පස් එකක් කිව්වම බැච්ෆිට් එක වැඩිකරන්න පුංචි රැගක්වත් තියෙන්න ඕනා. නැත්තං වෙන්නෙ එකම බැච් එක ඇතුලෙත් එක එක විදියෙ ගැටි ගැහෙන එක. හැබැයි ඉතිං ඔය රැග පුංචියට හරි පටන් ගත්තොත් ඊළඟට වෙන්නෙ ඉතිං ඕක ටිකෙන් ටික උඩු දුවන එකනෙ. එහෙම වෙන එක ඉතිං ඊට වඩා භයානකයි නොවැ. මොනා උනත් අපේ කැම්පස් එකේ ජප්ප නැති එකයි අන්තරේ නැති එකයි නම් ලොකු දෙයක්.

ජුන්නො ආපුවාම මට මකත් උනේ අපිත් ජුන්නො වෙලා හිටපු කා‍ලෙ. Dress code ගහලා පෝලිං ගැහිලා සින්නංගෙ තගෙන් බේරෙන්න පෝලිමේ කට්ටයගෙම නම් ගම් ඉස්කෝල අහ අහා ගිය කාලෙ. ඇත්තමයි අදටත් බැච් එකේ උන්ගෙන් ගොඩක් අයව අඳුරගත්තෙ ඔය ඒ දවස් වල සින්නංගෙ වදේට පෝලිං ගැහිලා නම් ගම් අහ අහා ගිය දවස් වල. රැග නොතිබුණාට එහෙමවත් එකක් තිබ්බ එක නම් ලොකු දෙයක්. අපි dress code යන කාලෙ dress code නැතුව අපේ group එකේ උන් ටික සෙට් වෙච්ච පළවෙනි දවස තමයි මේ photo එකේ තියෙන්නෙ. CSD දවස් වල අපි යාපහුවට ගිය trip එක.




ඒ කාලෙ ගැන කියද්දි නොකියම බැරි දේකුත් තියෙනවා. දන්න අය දන්නවනෙ Mora Ratio එක. ඒ කිව්වෙ මේ මෝරා අනුපාතෙ. 5:1 යි. මොනාද? කොල්ලො පහට කෙල්ලො එකයි. ඇ‍ඬෙනවා නේ? ඉන්න ටිකත් ඉතිං නමට තමයි. විශ්වාස කරන්න අපි ආපුම දවස් වල ලස්සනයි කියලා කටක් ඇරලා කියන්න පුළුවන් එකම එක කෙල්ලයි මුළු බැච් එකටම හිටියෙ. හැමෝම ඉතිං ඒකට පැණි තමයි. අපි නම් ඉතිං කැම්පස් යනකොටම පවුල් කාරයොනෙ. ඉතිං අපි නම් පැණි හැලුවෙ නෑ. (බොහොම අමාරුවෙන් කට ඇතුලෙ තියං හිටියෙ..) පස්සෙ මොකද දන්නවද උනේ. හිටිය එකම එකත් සුහද මාරුවක් අරං පේරා වලට ගියා. බැලින්නම් එයාගේ පිරිමි ළමයා පේරා වලලු. (කොල්ලා බයවෙලාද කොහෙද මේකි මෙහෙ හිටියොත් ඌට බූට් එක කියලා..) අනේ ඒ දවස් වල නම් අපේ බැච් එකේ කොල්ලො හැමෝම (මමත් ඇතුලුව) කලු කොඩි දාගෙන හිටියෙ හිතේ අමාරුවට.

ඒකටත් හරියන්න අපේ උන් මේ දවස් වල ජුන්නන්ගෙ බැච් එකේ නඟාලට පට්ට පැණිය. දැනටමත් කීප දෙනෙක්ටම වැඩේ හරිගිල්ලලු. අනේ හොඳා මොකෙක්ට හරි හරියනවනම් ඉතිං. තව ටික දවසකින් ජුන්නන්ට Freshers' Day එක organize කරන්නත් තියෙනවා. අපේ Freshers' Day එකේ මට අහම්බෙන් සිංදුවන් කියන්න වෙච්ච එක ගැන කලින් ලිපියක ලිව්වා මතක ඇතිනෙ. මේ සැරේ ජුන්නන්ගෙ Freshers' Day එකත් අපි සිරාවටම කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

ඉවර කරන්න කලින් මේ ටිකත් කියන්නම ඕනෙ.

මේ දවස් වල නම් මං මාර දෙගිඩියාවෙන් ඉන්නෙ. අපේ කැම්පස් එකේ 1st year එකේ ලකුණු වලින් තමයි Fields select කරන්නෙ. ඒ කිව්වෙ මේ මො engineering ද කියලා. අපේ ලකුණු අනුව තමයි අපි ඉල්ලන filed එක අපිට හම්බෙන්නෙ. ලකුණු අනුව උඩින්ම තියෙන්නෙ නම් Electronic & Telecommunication Engineering. ඊට පස්සෙ Computer Science & Engineering ඊටත් පස්සෙ Electrical Engineering. Civil, Mechanical, Chemical, Material කියන ඒවා තියෙන්නෙ ඊටත් පස්සෙ. Tronic යන්න නම් මගේ කිසිම ආසාවක් නෑ. පොඩි කාලෙ ඉඳං මාර ආසයි CS යන්න. ඉල්ලුවෙත් CS තමයි. ඒත් මේ පාර මගේ results තියෙන්නෙ CS, trical අතර margin එකේ. CS එයිද trical එයිද කියලා දෙයියො තමයි දන්නෙ. ඒකත් හරියට අර ඉස්සර කාලෙ බබා හම්බෙනකං බලං ඉන්නෙ ගෑණුද පිරිමිද කියලා දැනගන්න, අන්න ඒ වගේ. එනකං දන්නෑ. ආවට පස්සෙ වෙනස් කරන්නත් බෑ. ඔය fileds වලට කැඩුණට පස්සෙ ඉතුරු අවුරුදු 3 ම ඉගෙන ගන්න තියෙන්නෙ ඒ field එකට අදාල subjects. ඉන්පස්සෙ ජෝබක් කරන්න වෙන්නෙත් ඒ field එකේම තමයි. ඉතිං මං මේ ඉන්නෙ මගේ මුළු අනාගතේම තීරණය වෙන මොහොතක. මේ ප්‍රශ්නෙ හින්දා මේ දවස් වල මාර අප්සෙට් එකෙ තමයි ඉන්නෙ.

ලබන සතිය වෙද්දි ඔය Field Selections එනවා කියල තමයි ආරංචි. ඒ කියන්නෙ ලබන සතිය ඇතුලත මගේ ඉදිරි අනාගතය තීරණය වේවි. මොනා උනත් ඉතිං වෙන්න පුළුවන් දේවල් තියෙන්නෙ නම් දෙකයි.

එක්කො අඬන්න වෙයි.... එක්කො හිනාවෙන්න වෙයි....

8 යි ප්‍රතිචාර

Anju said...

CS labewa kiyala prarthana karanawa..!!

ධනික | Dhanika said...

@Anju
බොහොම ස්තුතියි!

Times Eye said...

after doing A/L why again a selection..everybody should have a right to decide his stream

ධනික | Dhanika said...

@Times Eye
Of course, I agree with u. But in Sri Lanka everything is like this no. More demand, Less vacancies. So there comes another factor which decides to whom these less vacancies are given. Here that factor is the GPA (marks).

On the other hand, if everybody ask for CS & if they give it to all of them, there will be only computer engineers in future but no civil, electrical, mechanical, ect. engineers. Those are the reasons.

But I much like if we could select our engineering field also, directly through A/Ls.

චා_එස් එල් said...

කොම්පියුටර් සයන්ස් ම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව!

ලබන සතියේ කොහොමත් බොන එක නෙ. ජය වේවා...

චියරස් ;)

ධනික | Dhanika said...

@චා_එස් එල්
හික්ස්! එළ කිරි මචං... බොහොම ස්තූතියි!
ඊයේ රෑ පොඩි සතුටුදායක ආරංචියක් හම්බුනා.. දැන් මේ කැම්පස් ගිහිල්ලම බලන්න හදන්නෙ ආරංචිය ඇත්තද කියලා...
සමහරවිට අදම බොන්න වෙයි වගේ.. [මං කිව්වෙ මේ වතුර.. ;)]
එහෙනං ඕං ඈ.. චියර්ස්!!! :D

Unknown said...

කොම්පියුටර් එන්න බලන්න කොහොම හරි...

ධනික | Dhanika said...

@vidulahasaranga
කොම්පියුටර් ආවෝ.... මගෙ ඊළඟ ලිපිය කියවන්නෝ.... :D

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails