මානවයා 1.01 - සිංහල විශ්වකෝෂය පිළිබඳව

මම මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගත්තෙ ලඟඳිනෙ. ඉති මට හිතුණා මං නිර්මාණය කරපු "මානවයා 1.01" - සිංහල විශ්වකෝෂය පිළිබඳව තවමත් නොදන්න අපේ බ්ලොග් ලියන යාළුවෝ තවමත් ඇති කියලා. ඉතිං අන්න ඒ ගොල්ලන්ව දැනුවත් කිරීම සඳහායි මේ 'මානවයා 1.01' පිළිබඳව කෙටි සටහන.


මානවයා 1.01

- මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ වූ සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය -


  • අන්තර්ගතය: මානව ශරීරයේ පද්ධතීන් 8ක් සහ අවයව 44ක් පිළිබඳව සියළු කරුණු සහ අවයව හා පද්ධතීන් වල සිංහලෙන් නාමකරණය කරන ලද ත්‍රිමාණ වර්ණ රූපසටහන් 50 කට වැඩි ප්‍රමාණයක් ද සමගින් සිංහලෙන් කරුණු අන්තර්ගතයි.
  • අතුරුමුහුණත්: වැඩසටහන මෙයෙවීම භාවිතයට පහසු ආකාරයෙන් සරල සිංහලෙන් තනා ඇත. 100% ක් සිංහල මෘදුකාංගයකි.
  • විෂය කරුණු: සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ට අදාල ජීව විද්‍යාත්මක කරුණු මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කියවා බලා තේරුම් ගත හැකි ලෙස, කරුණු වශයෙන් (point form) සරලව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. අපේ ශරීරය ගැන දැනගන්න අපට අයිතියක් ඇති නිසා ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහා නිර්දේශිතයි.
  • සම්මාන: 2007 වර්ෂයේදී මෘදුකාංග කර්මාන්ත සඳහා වන ශ්‍රි ලංකා සංගමය මගින් සංවිධානය කල යොවුන් පරිගණක විද්‍යාඥ තරඟාවලියේදී යොවුන් පරිගණක විද්‍යාඥයා 2007 ස‍ඳහා වන රිදී සම්මානය මෙම "මානවයා 1.01" නිර්මාණය වෙනුවෙන් හිමිවුනි.
  • ලබාගත හැක්කේ: ඕනෑම අයෙකුට දැන් ශ්‍රි ලංකා පාසල් ජාලය SchoolNet (http://www.schoolnet.lk) හරහා නොමිලේ භාගත කරගත හැකියි.
  • ඇයි නොමිලේ: මම මගේ රටෙන්, මේ සමාජයෙන් ගොඩක් දෑ මගේ ජීවිතයට ලබාගන්නවා. ඉතිං ඒ වෙනුවෙන් මම මගේ රටට පුදන තිළිණයක් ලෙස තමයි මම මෙගේ මේ නිර්මාණය සියළු ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ලබා දෙන්නෙ.
  • මගේ අභිලාශය: මා අවුරුද්දක් පමණ මහන්සි වී නිර්මාණය කල මෙම මෘදුකාංගයෙන් සියළු ශ්‍රී ලාංකිකයින් ප්‍රතිලාභ අත්විඳිනු දැකීම.


මෙතැනින් බාගන්න


මෙම සිංහල මෘදුකාංගයේ නියැදි තිරදර්ශනයක් නරඹන්න:



මෙම මෘදුකාංගය සඳහා සිංහල ගූග්ල් සමූහ සහ වෙනත් ත්‍රෙඩ් වල පල වූ ප්‍රතිචාර බැලීමට පහත සබැඳුම් වලට පිවිසෙන්න:






4 යි ප්‍රතිචාර

ධනික | Dhanika said...

මෙම මෘදුකාංගය පිළිබඳ ඔබගේ ප්‍රතිචාර, ලිපියේ සඳහන් කර ඇති සබැඳුම් වල ඇති ප්‍රතිචාර වලටම එක් කරන්න.

ඉන්දික said...

හරිම වැදගත් නිර්මානයක්..ජයවේවා..!

ධනික | Dhanika said...

@ඉන්දික
බොහොම ස්තුතියි...!

A - Z said...

link is not working

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails