අපිටම හදාපු ප්‍රථම සිංහල social network එක - නිම්නය.com

ඔන්න අපි මෙච්චර කල් බලාගෙන හිටපු විදියෙ සිංහල social network එකක් පටන් අරං තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම සිංහල සමාජ ජාලය වන නිම්නය.com



මේක ද්විත්ව භාෂා අඩවියක් ලෙසයි හදලා තියෙන්නෙ. සිංහල වගේම ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මෙය භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඉතා සාර්ථකව දියුණු උනු මෙම ශ්‍රී ලාංකික සමාජ ජාලයට සිංහල එකතු කලේ මේ ලඟදි. ඉතිං තාම ටික ටික සිංහ‍ල භාෂාවෙනුත් සාර්ථකත්වය කරා යමිනුයි තියෙන්නෙ. ඉදිරියෙදි ත්‍රෛ භාෂා අඩවියක් ලෙස දෙමළ භාෂාවත් එකතු වෙන්න නියමිතයි. මෙච්චර කල් facebook එකට සිංහල එන කල් බලාගෙන හිටපු හැමෝන්ටම මේක හොඳ ආරංචියක් වේවි.

2007 වර්ෂයේ යොවුන් පරිගණක විද්‍යාඥයා සඳහා රන් පදක්කම දිනා ගත්තු අපේ චමීර සොයුරා තමයි මේ වැඩේට මුලපුරලා තියෙන්නෙ. (ඒ තර‍ඟේ රිදී පදක්කම දිනා ගත්තෙ මම, මගේ 'මානවයා' වෙනුවෙන්. මම චමීරව දැන ගත්තෙ ඔය තර‍ඟෙදි)

සිංහලෙන් පරිගණකකරණයේ යෙදෙන අපි හැමෝනටම ඔන්න දැන් නිම්නයට එකතු වෙලා අපේ සිංහල භාෂාව මේ පරිගණක ක්‍ෂේත්‍රය තුල දියුණු තියුණු කරන්න දායක වෙන්න පුළුවන්. පරිගණකය තුල සිංහල තවම හුරු නැති, ඔය facebook එකේ වරු ගණන් නාස්ති කරන අපේ කොල්ලො කෙල්ලන්වත් මේ සිංහල පරිගණක ජාලයට ‍යොමු කරවලා අපේ සිංහලයට පරිගණකය තුල ඔවුන්ව හුරු කරවන්න පුළුවන්.

මතක ඇතුව නිම්න වැසියෙක් උනාට පස්සෙ මුලින්ම මාව යාළු කරගන්න..... :-)

6 යි ප්‍රතිචාර

මනුශාන් said...

හොද වැඩක්
මේක තාම අත්හදා බැලිමේ මට්ටමෙද තියෙන්නේ.? :-|
මම භාෂාව විදියට සිංහල තොරලා ගියේ හැබැයි ඊලග පියවරේදී මගේ විස්තර ගොනුවේ පිරවිය යුතු විස්තර දීලා නෑ මේක ඉංග්‍රීසි භාෂාවටත් ඒ විදියටමයි ටිකක් :p
අඩුපාඩුනම් තියෙනවා හැබැයි වැඩේ හොදයි. :)
අඩුපාඩු දුරු කරගේන ඉදිරියට යන්න සුබ පතනවා කිව්වා කියන්න :-D
අර ගැටලුව ගැනත් කියන්න.

ධනික | Dhanika said...

තාම beta නෙ මල්ලි.. තව ඉස්සරහට දියුණු වෙයි.. සිංහලකරණය වුනේ මේ ඊයෙ පෙරේදා.. ඉතිං තාම ඔක්කොම සිංහලෙන් නෑ.. ඔහොම ටික ටික දියුණු වෙලා 100% ක් සිංහල මට්ටමට ලඟදිම එයි..

මනුශාන් said...

ඉන්ගිරිස් වලටත් ඒ වැඩෙමනේ දනික අයියේ මම රිජිස්ටර් වෙද්දි වැරදිලා සංසදේටත් ඊ මේල් එකක් ගියාද කොහෙදෝ
පිටරටක තියෙන මූනු පොත පොසත් කරනවට වැඩිය ලංකාවේ නිම්නය පොසත් කරන ඒක හොදයි
මේ වැඩේනම් ගොඩක් හොදයි අර දුර්වලතා ඉක්මනින් මග ඇරවගෙන මූනුපොත තරමටම දියුනු වෙවා කියලා සුබ පතනවා

පොතේ ගුරා said...

ඔන්න මමත් සෙට් උනා.. :) වැඩේ දිනෙන් දින දියුණු වේව කියල ප්‍රාර්ථනා කරනව.. :)

ඩිල්-බර්ටි said...

ආයුබෝවන්!

මේ වගේ දෙයක් පටන් ගැනීම වෙනුවෙන් සුබ පතනවා.
ඔහොම යං... ඔහොම යං....

සුපුන්

ධනික | Dhanika said...

හොඳයි හොඳයි කට්ටියම සෙට් වෙන්නකො... දන්න දන්න අනිත් අයටත් කියන්න හොඳද...

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails