බ්ලොග් post එකකට .GIF animation එකක් ඇතුලත් කර ගන්නා අයුරු

නිකම්ම නිකං picture එකකට වඩා .GIF animation එකක පොඩි ගතියක් තියෙනවානෙ. මගේ post එකකට දවසක් මං .GIF animation එකක් ඇතුලත් කරද්දී පොඩි ගැටළුවක් මතු උනා. අපි සාමාන්‍යයෙන් post එකකට picture එකක් ඇතුලත් කරන විදියට .GIF animation එකක් ඇතුලත් කලාම ඒක post එකේ පෙන්නන්නෙත් නිකම්ම නිකං picture එකක් විදියට. ඒ කියන්නෙ animate වෙන්නෙ නෑ. ඔය පැත්තෙන් දාලා තියෙන්නෙ ඒ වගේ ඇතුලත් කරපු .GIF animation එකක්.

මං හිතන විදියට මෙතනදි වෙන්නෙ අපි upload කරන picture එක Blogger විසින් save කරගන්න තැනින් එයාට ඒක render කරන්න බෑ animation එකක් විදියට. එයාට ඒක එතැනින් render කරන්න පුළුවන් picture එකක් විදියට විතරයි මගෙ හිතේ. ඉතිං මට හිතුනා අපේ animation එක save වෙන තැන වෙනස් කලොත් වැඩේ හරියයි කියලා. ඔන්න ඉතිං එහෙම කරලා බලපුවාම වැඩේ හරිගියා. හැමෝමත් එක්ක මං භාවිතා කරපු උපක්‍රමේ බෙදා ගන්න ඔනා කියලා හිතිච්ච හින්දයි මේ post එක ලියන්න හිතුවේ. ඔන්න එහෙනම් ක්‍රමේ...


1. යන්න HotLink Files වගේ Free Direct Files Hosting කරන වෙබ් අඩවියකට. ඒකෙ account එකක් නැත්නම් Register වෙලා Login වෙන්න. (HotLink Files ම වෙන්න ඕනා නෑ, හැබැයි අපි upload කරන file එකේ Direct Link එක අපිට දෙන File Hosting එකක් වෙන්න ඕනා. 4shared වගේ ඒවා වල Direct Link එක අපිට දෙන්නෙ නෑ)

2. Login උනාට පස්සේ අපිට කැමති ‍file එකක් upolad කරන්න පුළුවන්. දැන් අර අපිට post එකට ඇතුලත් තරගන්න ඕනා .GIF animation එක upload කරන්න.

3. Upload වෙලා ඉවර උනාම අපි upload කරපු file එකේ links ටික දිස් වෙනවා. එතැනින්
'Just the direct URLs' කියන එක තෝරලා, එවිට දිස් වන URL එක copy කරගන්න. (අවශ්‍ය නම් තාවකාලිකව කොහේ හරි paste කරලා save කරගන්න)




4. දැන් අපේ blog එකේ
animation එක ඇතුලත් කල යුතු post එකේ අදාල තැනට ගිහින් සාමාන්‍ය විදියට picture එකක් ඇතුලත් කරගන්නා ආකාරයට hard එකේ තියෙන .GIF animation එක ඇතුලත් කරගන්න.

5. දැන් post එක ලියන තැන උඩ තියන Edit Html කියන tab එක තොරලා html editor එකට යන්න. ඒකෙ තියෙන අපි ඇතුලත් කරපු picture එකට අදාල hyper text එක හොයාගන්න.





6. දැන් ඒ html text එක ඇතුලෙ තියෙන අපේ picture එකට අදාල URL එක හොයාගන්න ("http:// වලින් පටන් ගන්න එකක්)



7. දැන් ඒ සම්පූර්ණ URL එක delete කරලා ඒ වෙනුවට අපි අර කලින් copy කරගත්ත HotLink files වල direct URL එක paste කරන්න. (සමහර විට picture එකේ hyper text එක තුල picture එකේ URL එක දෙපාරක් තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඒ හැම තැනකම HotLink files වල URL එක paste කරන්න)

8. ඔන්න වැඩේ ඉවරයි. දැන් ආයෙත් post එක ලියන තැන උඩ තියන compose කියන tab එකට ගියාම අපේ animation එක animate වෙනවා බලාගන්න පුළුවන්. දැන් ඉතිං තියෙන්නෙ post එක publish කරන එකයි...!


මේ තියෙන්නෙ ඔන්න ඔය විදියට දාපු .GIF animations ටිකක් තමයි...







4 යි ප්‍රතිචාර

Kanishka said...

එල කිරි... තෑන්ක්ස් මචන්

Anonymous said...

එලනෙ.. මමත් ඔය විදිහට .GIF ඒවා කරන්න බැරුවයි හිටියේ.. ස්තුතියි :)

meegodaya/sman said...

wonderful..!

virpage said...

elakiri kollekne elakiri wadak ebye tute tikanam super

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails