ඔන්න මං අලුත් උනා...

ඔන්න මං පොඩ්ඩක් හැඩ වැඩ උනා. මගේ සිතුවිලි බ්ලොග්කරණය කරන්න පටන් ගත්තෙ මීට සති දෙකකට විතර කලින්නෙ. ඒ කාලෙ ඉඳං පොඩ්ඩක් හිතට අල්ලන template එකක් හෙව්වට අද තමයි හරි හමං එකක් හම්බුනේ. ඉතිං මගේ මේ හැඩ රුවට ඕගොල්ලොත් කැමතිද කියලා මට කියන්න ඕනා හොඳද..... :-)

මගේ බ්ලොග් එක පටං අරං සති දෙකකදි නැරඹීම් 600 කටත් වඩා වැඩි වීම ගැන වෙලාවකට මට පුදුමත් හිතෙනවා. ඒ ඉතිං මගේ බ්ලොග් එක බලන්න එන ඕගොල්ලො හින්ද තමයි. මේ බ්ලොග් එකේ වැඩ කිඩ දාන්න උදව් කරපු දසුන් විකසිත අයියාටත් මං ගොඩක් ස්තූතියි කියලා කියනවා. ඒ වගේ මගේ සිතුවිලි බලන්න ආපු ඕගොල්ලො හැමොටමත් මගේ සිතුවිලි වලට ප්‍රතිචාර එක් කරලා මට බ්ලොග් ලියන්න හයියක් වෙච්ච ඕගොල්ලො හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. (Thanks කියනවට වඩා ස්තූතියි කියන එකේ මාර අපේ කමක් තියෙනවා නෙ... :-))

ඉස්සරහටත් එන්න මගේ සිතුවිලි බලන්න.. හොඳ නම් මොනාහරි ලියලත් යන්න.. මගේ සිතුවිලි වලට කැමති නම් යන එන අය අතරටත් එකතුවෙන්න.. මං සිතුවිල්ලක් සිතපු ගමන් බලන්න ඕනා නම් ඔයාගෙ ඉ-ලිපිනය දීලා RSS ගන්නත් පුළුවන්.. ‍

තව හොඳ හොඳ දෑ ඉස්සරහට ලියැවෙයි.. බලගෙන ඉන්නකෝ......... ෴

8 යි ප්‍රතිචාර

Manushan said...

හොදා හොදා.
දිගටම කරගේන යන්න මම සුබ පතනවා

යූත්මැක්ස් said...

එළකිරි මානවයා... සුභපැතුම්

udass dess said...

එල මචන් එල

ධනික | Dhanika said...

මනුෂාන් මල්ල්ටයි, යූත්මැක්ස්ටයි, udass dess ටයි ආයෙමත් ස්තූතියි ප්‍රතිචාර වලට...!

Namal Sirimanna said...

නියමයි , අපේ සුභ පැතුම්

Thilina said...

එළ එළ දිගටම ලියමු

Unknown said...

mama adamai ayyage blog eka kiyewwe... mara shook... godak dewal igena gatta.. thnk u vry much..

ධනික | Dhanika said...

@Saumya
ම්... මට පේන්නෙ නංගි මගේ බ්ලොග් ලිපි ටික පස්සෙන් පස්සට කියවගෙන ගිහිල්ලා වගේ මේ ලිපියට වෙනකල්ම... (ලඟදි දාපු ලිපියකටත් ටිකකට කලින් ප්‍රතිචාරයක් එක් කරලා තිබුනනෙ)

මේ ලිපිය මම ලිව්වෙ නංගි මගේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වලම. ඒ කියන්නෙ මීට හරියටම අවුරුද්දකට විතර කලින්. කොහොම නමුත් මේ අවුරුද්ද තුළ ඔයාලට ඉගෙනගන්න පුළුවන් ගොඩක් දේවල් මගෙ අතින් ලියැවෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි!

ස්තූතියි ඔයාගෙ ප්‍රතිචාරෙට!!! :)

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails