ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) - බවු-ටික-විජ්ජා කුප්පියක්



මේ දැක්වෙන්නෙ පසුගිය දිනෙක මගේ කැමරා ඇස බ්ලොග් අඩවියේ පළ කළ සේයාරුවක්. මේ සේයාරුව මම මගේ කැමරා ඇසට අසුකරගත්තෙ බස් එකේ පා පුවරුවෙ ගමන් කරමින් සිටියදී කියලත් මං ඒ සේයාරුවට යටින් ලියලා තිබ්බා. නමුත් මේක දැක්ක ගමන් ඕගොලන්ටත් හිතෙන්න ඇති මේකෙ නම් කිසිම Motion Blur එකක් නෑනෙ කියලා නේ? අපේ බුධාජීව මලයටත් ඔහොම හිතලා තිබුණානෙ. ඉතිං ඔන්න බුධාජීව මලයයි මායි අතර එතනදි comments වලින් පුංචි කතාබහක් ඇති උනා. ඔය පහතින් දැක්වෙන්නෙ ඒ කතාබහ.

පුංචි රැගක්....

හැමෝම මගේ ජීවිතාන්දරේ කියවන්න ඇතිනෙ. ඊට ප්‍රතිචාර දක්වමින් මට සුභපතපු සහ මාව දිරමත් කරපු සියළුම දෙනාටම මුලින්ම මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා. ඒ ලිපියෙ ප්‍රතිචාර දැක්කමයි මටත් හිතුණේ අපි නොහිතුවට අපේ ජීවිත කතාවකින් තමන්ගෙ ජීවිතේට යමක් ලබාගන්න කී දෙනෙක් ඉන්නවද කියලා. මම ආයෙත් කියන්නෙ ජීවිතේ මොනම වැටීමකින්වත් සැලෙන්න එපා. වැටෙන්න වැටෙන්න නැගිටින්න. ඒ වැටීම් වලින් නැගිටිනකොට අපිට ලැබෙන පන්නරය අපේ ජීවිතය ජය ගන්න අපිට ගොඩක් උදව්වෙනවා. මං හිතන්නෙ මමත් මගේ ජීවිතේ ජයගත්තෙ ජීවිතේ යම් කාල වලදි සිදුවුණ වැටීම් වලින් නැගිටීමේදි ලැබූ පන්නරය නිසාමයි කියලා. ඔබ සැමදෙනාටමත් ජීවිතේ ජය ගන්න මං හදවතින්ම සුභ පතනවා.

ඒ ලිපිය අවසානයෙ මං කිව්වනෙ අපේ CSE Department එකේ වැඩ සඳුදා පටන් ගන්නවා කියලා. ඔන්න ඉතිං අර කැම්පස් ආපු මුල් කාලෙ වගේ dress codeඩුත් ගහගෙන ගියා අද. ඇත්තමයි අද නිකං කැම්පස් එකට ගියෙ හරියට අලුත් කැම්පස් එකකට යනවා වගේ. එච්චරට සතුටුයි. උදේ අපිව Department එකට පිළිඅරගෙන පුංචි පුංචි දේශන වගයක් තිබ්බා. ඒ වැඩ ටික නම් ඉතිං 12 විතර වෙද්දි ඉවර උනා.



මං දිනුම්! - කියවන්න සබඳ මේ ජීවිතාන්දරය...

අම්මෝ... මේ ලිපිය කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ. ඒ තරමටම මාර සතුටකින් මං අද ඉන්නෙ. මගේ ජීවිතේ සතුටුම දවස අද වෙන්නැති. කියලා නිම කරන්න බෑ දැනෙන සතුට. කලින් ලිපියෙ මං කිව්වනෙ ලබන සතියෙ field selections එනවා කියලා. මොන ලබන සතියක්ද බඩු කලින්ම ඇවිල්ලා. මං ගොඩ. CSE (Computer Science & Engineering) වලට select වෙලා. හිතාගන්න පුළුවන් ද මට කොච්චර සතුටුද කියලා? දැන් ඉතිං තව අවුරුදු 3 කින් මං පරිගණක ඉංජිනේරුවෙක්. මට මාාාාාාර happy!!!




මගේ ජීවිතේ ලොකුම ලොකු ජයග්‍රහණයක් ලබපු අද දවසෙ මට හිතුණා පොඩ්ඩක් මගේ ජීවිත කතාව ලියන්න ඕනෙ කියලා. මොකද මගේ මේ ජීවිතාන්දරේ වැටීම් සහ නැගිටීම් සෑහෙන තිබුණා. මේක ආත්ම වර්ණනාවක් කියලා හිතන්න එපා. යම් විදියක උඩුගං බලා ගිය කතන්දරයක් නිසයි ලියන්නෙ. මේ ජීවිත කතාව තවත් මං වගේ කෙනෙක්ට ශක්තියක් වෙයි කියලා හිතනවා. මුළු ජීවිත කතාවම ලියන්න ගියොත් දිග වැඩිවෙනවා. ඒ හිනදා මං මගේ ජීවිත කතාවෙ ඇකට (academic වලට) අදාල දේවල් විතරක් සැකෙවින් ලියන්නම්.

Promotion හම්බුණා.....

ගොඩක් කාලෙකින් මේ දවස් වල තොරතුරු ටිකක් ලියන්නත් බැරිවෙච්ච හින්දා අද ටිකක් ලියන්න හිතුණා.

ගිය සතියෙ අපේ ජුන්නො ආවනෙ කැම්පස් එකට. ඉතිං දන්නෙම නැතුව අපිව Level 1 ඉඳන් Level 2 වලට promote උනා. අනේ පව් උන්ගෙ අහිංසක මූණවල් දැක්කහම තගක් දාන්නවත් හිතෙන්නෑ අප්පා. දන්නවනෙ ඉතිං අපේ මොරා කැම්පස් එකේ රැග නෑ කියලා. ඔය රැග නැත්තටම නැති එකටනම් මම පෞද්ගලිකව විරුද්ධයි. කැම්පස් එකක් කිව්වම බැච්ෆිට් එක වැඩිකරන්න පුංචි රැගක්වත් තියෙන්න ඕනා. නැත්තං වෙන්නෙ එකම බැච් එක ඇතුලෙත් එක එක විදියෙ ගැටි ගැහෙන එක. හැබැයි ඉතිං ඔය රැග පුංචියට හරි පටන් ගත්තොත් ඊළඟට වෙන්නෙ ඉතිං ඕක ටිකෙන් ටික උඩු දුවන එකනෙ. එහෙම වෙන එක ඉතිං ඊට වඩා භයානකයි නොවැ. මොනා උනත් අපේ කැම්පස් එකේ ජප්ප නැති එකයි අන්තරේ නැති එකයි නම් ලොකු දෙයක්.

ජුන්නො ආපුවාම මට මකත් උනේ අපිත් ජුන්නො වෙලා හිටපු කා‍ලෙ. Dress code ගහලා පෝලිං ගැහිලා සින්නංගෙ තගෙන් බේරෙන්න පෝලිමේ කට්ටයගෙම නම් ගම් ඉස්කෝල අහ අහා ගිය කාලෙ. ඇත්තමයි අදටත් බැච් එකේ උන්ගෙන් ගොඩක් අයව අඳුරගත්තෙ ඔය ඒ දවස් වල සින්නංගෙ වදේට පෝලිං ගැහිලා නම් ගම් අහ අහා ගිය දවස් වල. රැග නොතිබුණාට එහෙමවත් එකක් තිබ්බ එක නම් ලොකු දෙයක්. අපි dress code යන කාලෙ dress code නැතුව අපේ group එකේ උන් ටික සෙට් වෙච්ච පළවෙනි දවස තමයි මේ photo එකේ තියෙන්නෙ. CSD දවස් වල අපි යාපහුවට ගිය trip එක.

පැය 4 න් හදපු ක්‍ෂණික MOFILM එක...

අෆොයි... කලින් post එක ටිකක් බර වචනෙන් ලිව්ව හින්දද කොහෙදෝ කට්ටිය පත්තරයක් බලනවා වගේ කියවලා ගිහිල්ලා විතරයි, වචනයක්වත් ලියලා ගිහිල්ල නෑ. දැන් මේ කියන්න හදන දේ ඒ බර වචනෙන් කියන්න බැරි හනදයි කලින් post එකේ නොලිව්වවෙ. එදා වැඩමුළුවට ආපු කට්ටිය groups වලට බෙදිලා හැම group එකෙන්ම MOFILM එක ගානෙ හැදුවා කියලා මං කිව්වනෙ. මං හිටපු group එක ඔය MOFILM එක හැදුවෙ කොහොමද කියලයි මේ කියන්න යන්නෙ. අපි හදපු MOFILM එකත් පහලින් බලාගන්න පුළුවන්.



සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ප්‍රථම වැඩමුළුව

සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ප්‍රථම වැඩමුළුව පසුගිය ජූලි 10 වන දින Hilton Colombo Residence හී දී පැවැත්විය. මොබිටෙල් සමාගම විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව වර්ණවත් කරනු වස් ආරාධිත අමුත්තන් ලෙස පැමිණ සිටියේ හෙළ සිනමාවේ මහා පුරෝගාමියාණන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය සහ සිංහල සිනමාවේ අති දක්‍ෂ නළුවෙකු මෙන්ම සිනමා අධ්‍යක්‍ෂ වරයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා යි. වැඩමුළුව සඳහා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් ශිෂ්‍යයින් පැමිණ සිටියහ.

වර්තමානය වන විට සිනමාව, රූපවාහිනිය සහ පරිගණකයෙන් පසු ජංගම දුරකතන තිරය ලොවවටා ජංගම දුරකතන හිමියන්ගේ රසවින්දනයේ සිව්වන මාධ්‍යය බවට පත් වී ඇත. වසර 2006 සිටම USA හි Ithaca College වැනි අධ්‍යාපන ආයතන, Sundance Institute වැනි සිනමා ඇකඩමි, GSM Association ඇතුළු ජංගම දුරකතන සේවාසපයන්නන්, අධ්‍යක්‍ෂකයින් මෙන්ම සිනමා නිෂ්පාදකයින් මෙම "සිව්වන මාධ්‍යය" වන ජංගම දුරකතන තිරය ප්‍රවර්ධනය සඳහා සංකල්ප සහ අන්තර්ගත සකසමින් මූලික පියවර ගෙන ඇත.

ඔන්න දැන් සේයාරූ වලට වෙනම බ්ලොග් සටහනක් - කැමරා ඇස

හා හා පුරා කියලා මාත් ඉතිං ඔන්න පටන් ගත්තා සේයාරූ බ්ලොග් සටහනක්. ඊයේ රෑ තමයි නිකමට හිතුණෙ මේ වගේ දෙයක් කරන්න ඕනෙ කියලා. මොකද මාත් ඉතිං ඔය ටිකක් අමුතු ජාතියෙ photos ගන්න කැමතියි. හැබැයි ඉතිං ඔය ඒ වගේ ගන්න photos කව්රුත් වැඩිය බලන්නැති හින්දා (හැමෝම ඉතිං photo එකක් ගත්තම උනන්දුවෙන් බලන්නෙ තමං ඉන්න ඒවයි අඳුරන අය ඉන්න ඒවයි විතරනෙ...) ඒ විදියෙ photos ගන්න එක ටිකක් මගඇරිලයි තිබ්බෙ. මීට පස්සෙ නම් ඉතිං photos ගන්නකොට වෙනදටත් වඩා උනන්දුවෙන් ඒ වගේ photos ටිකක් ගතහැකි බ්ලොග් එකේ පළ කරන්න.


ඊයෙ රෑ අදහස හිතට ආපු ගමන් එහෙං මෙහෙං කෑලි කෑලි ටිකක් එකතු කරලා, වැඩේට සිරා කියල හිතිච්ච තීම් එකකුත් හොයාගෙන හැදුවා බ්ලොග් එක. නම දැම්මෙ "ධනිකගේ කැමරා ඇස| Dhanika's Camera Eye" කියලා. ඒ නම දැම්මෙ පොඩි අනාගත බලාපොරොත්තුවකුත් ඇතිව. ඒ තමයි ඉස්සරහදි මේක‍ට සේයාරූ වගේම මගේ කැමරා ඇසට අසුවුණු චලරූ ත් දාන්න බලාපොරොත්තු වෙනවා. ('කැමරා ඇස' කියලා නම දාපුවම ඉතිං දෙකටම හරිනෙ.. ) හැබැයි පෞද්ගලික සේයාරූ හෝ චලරූ කිසිවක් මේකෙ පළ කරන්නෑ. හැමොන්ටම රසවිඳින්න පුළුවන් කුමන හෝ ආකාරයක කලාත්මක බවකින් සහ වෙනස් බවකින් යුක්ත සේයාරූ හා චලරූ තමයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගේම ලිපි, නිස‍ඳැස් වැනි කිසි දෙයක් ‍පළ කරන්නෙ නෑ. සේයාරූ සහ චලරූ විතරමයි.

සිංහල අක්‍ෂර වින්‍යාස මින්පසු ඔබට බාරයි Microsoft Office !

හැමෝම දන්නවනෙ දැන් Microsoft Windows Vista සහ Microsoft Office 2007 දැන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් කියලා. දන්නැති අයටත් දැනගන්න ‍පොඩ්ඩක් කියලම ඉන්නංකො. දැනට අපි පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන Microsoft Windows Vista මෙහෙයුම් පද්ධතිය සඳහා සහ Microsoft Office 2007 මෘදුකාංග කට්ටලය සඳහා දැන් සිංහල අතුරුමුහුණත් Microsoft Sri Lanka වෙබ් අඩවියෙන් නොමිලේ ම බාගෙන install කරගන්න පුළුවන්.

මෙම Microsoft සිංහලකරණය වීම ගැන එක එක විදියෙ විචාර කීපයක්ම කට්ටිය පහුගිය දවස් වල බ්ලොග් ලිපි වලින් දකින්නැතිනෙ. හැමදේකම ඉතිං පැති දෙකක් තියනවා නොවැ. ඉතිං මං මේ කියන්න හදන්නෙ ඔය Microsoft සිංහලකරණය වීම ගැන මං දැකපු හොඳ පැති කීපයක්.



සමස්ථයක් හැටියට ගත්තම ඉතිං අපිට මේ ගැන සතුටු වෙන්න පුළුවන් අපේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග ප්‍රමාණය වැඩි වීම ගැන. විශේෂයෙන් ම Microsoft Office පැකේජය ගැන කතා කළොත් අපිට අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා එය අපේ රටේ බහුලවම භාවිතා වන මෘදුකාංග කට්ටලය බව. පොඩ්ඩක් මතක් කරලා බලන්න අපි පරිගණකයක් අතගාපු මුල්ම කාලෙ ගැන, මුලින් ම ඉගෙන ගත්ත මෘදුකාංගෙ ගැන, තව පොඩ්ඩක් මතක් කරන්න අපිටම කියලා මුලින් ම පරිගණකයක් මිලදී ගත්ත දවසෙ (මෙහෙයුම් පද්ධතිය දැම්මට පස්සෙ) මුලින් ම පිහිටුවපු මෘදුකාංගෙ මොකද්ද කියලා. Microsoft Office පැකේජය නෙමෙයිද?

මොකද්ද මේ DVI කියන්නෙ ?

DVI කියන අකුරු තුනෙන් නම් කියැවෙන්නෙ Digital Visual Interface (අංකිත දෘෂ්‍ය අතුරුමුහුණත) කියන එක. දැන් බලමු මොකද්ද මේ DVI කියන්නෙ කියලා.

අපි මෙච්රකල් දැනගෙන හිටපු සුලභ දර්ශන ප්‍රමිතීන් (Video Standards) ටික මේවනෙ.

  • VGA - Video Graphics Array
  • SVGA - Super Video Graphics Array
  • VESA SVGA - Video Electronic Standards Association SVGA

මෙතෙක් කල් තිබුණු මේ දර්ශන ප්‍රමිතීන් සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් මේවායේ දී Source device එකේ සිට Display device එක වෙත දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals විදයට. DVI හි ඇති වෙනස නම් එහිදී Source device එකේ සිට Display device එක වෙත දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Digital signals ආකාරයට.

දැන් බලමු සරලවම කොහොමද අපේ මොනිටරය මත රූප දිස් වෙන්නෙ කියලා.

අපේ CPU එක මගින් ලබා දෙන රූප විධානයන්ට අනුව එම රූප වලට අදාල නියම ප්‍රතිබිම්භය (Actual image) එනම් 1, 0 ඇසුරෙන් එම රූපය CPU එක වෙනුවෙන් නිපදවීම සිදුකරන්නෙ Display Controller එක මගින් එහි මතකයේ. එය හැඳින්වෙන්නෙ Refresh Buffer යන නමින්. (අපි භාවිත කරන භාෂාවෙන් කිව්වොත් ඔය Display Controller එක කියන්නෙ separate හෝ on board ලෙස ඇති Video card එක. අපි Video memory ලෙස හඳුන්වන්නෙ ඔය Actual image එක තැම්පත් වන මතකය) මෙම Display Controller එක මගින් නිපදවන 1, 0 ඇසුරෙන් ඇති රූපය Display device එකට (මොනිටරයට) සම්ප්‍රේෂණය වූ පසු එහි ඇති Video Controller එක මගින් නැවත එම 1, 0 ඇසුරෙන් ඇති, එක් එක් පික්සලයට අදාල වර්ණය සෑදීමෙන් තමයි අපේ මොනිටරය මත මෙම රූප දිස් වෙන්නෙ.

ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???

ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )

ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

මෙතෙක් බිහිවූ ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය...

ඔය ත්‍රාස්‍යජනකතම කෙටි චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් කියලා ඉන්නම්කො මේ දවස් වල වත ගොත ටිකක්. ඊටත් කලින් කියන්න ඕනා මෙන්න මේ ටික. මේ සිංහල බ්ලොග් ලිවීමෙනුත් බිහිවෙලා තියෙන්නෙ යම්කිසි විදියක සමාජයක්. ඕනෙම සමාජයක වගේ මේ සමාජයෙත් සමාජිකයින් අතර ඒ කිව්වෙ මේ අපේ සිංහල බ්ලොග් ලියන යාළු මිත්‍රයින් අතරත් මත ගැටුම් ඇති වීම ස්වභාවිකයි. එහෙම වෙන්න එපැයි ඉතිං. මත වලින් ගැටුනම තමයි අපේ පරිකල්පන ශක්තිය දියුණු වෙන්නෙ, අපේ මතවාද තීව්‍ර වෙන්නෙ. ඒවා ඉතිං ඒ අදාල ලිපිය සම්බන්ධව විතරනෙ. තාවකාලික මතගැටුම් විතරයි, ස්ථීර මතගැටුම් අපි කව්රුත් අතර නෑ. ඉතිං මේ හෙළ සමාජය තුල ඉන්න යාළු මිත්‍රයින් අතර අපි එකිනෙකාට ප්‍රයෝජනවත් හෝ රසවත් වන අපේ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමෙ ඇති වැරැද්දක් නැති බවයි මගේ හැඟීම. ඒ නිසයි මේ දවස් වල වත ගොත ටිකක් සහ අතීත ජීවිත අත්දෑකීම ටිකක් මගේ බ්ලොග් සටහනේ ලියන්න හිතුවේ.

විභාග කටයුතු නිමා කරලා මේ දවස් වල ටිකක් නිදහසේ ඉන්නවා. සරසවියේ කට්ටියක් එක්ක සෙට් වෙලා දින තුනක චාරිකාවකුත් ගියා විභාග මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් ඉහිල් වෙන්න. අපි ගියෙ ලංකාවෙ උසම පෙදෙසට. දුම්රියෙන් බැස්සෙම ලංකාවෙ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන්. හෝට්න් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, දියළුම ඇල්ල, රාවණා ඇල්ල වගේ ලංකාවෙ සුන්දරම තැන් කීපයකම අපිට සැරිසරන්න ලැබුණා. මෙහෙම යද්දි හිතුණ එක දෙයක් තමයි අපේ මේ පුංචි ලංකාව මොනතරම් සොභාසෞන්ධර්යාත්මක විවිධත්වයකින් පිරුණු රටක්ද කියන එක. විශේෂයෙන්ම හෝට්න් තැන්න රක්‍ෂිතයෙ අඩියෙන් අඩියට දේශගුණික ලක්‍ෂණ එකිනෙකට වෙනස්. ඇත්තටම එය පුදුමසහගතයි. ලංකාවෙ සුන්දරතම ‍ප්‍රදේශයක් වන මෙය රක්‍ෂිතයක් කරපු අයට නම් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ජාති ජාතිත් පිං දෙන්න ඕනා. ‍අපේ මේ චාරිකාවේ ඡායාරූප කීපයක් මෙන්න මෙතනින් කැමතිනම් නරඹන්න පුළුවන්.

මුළු පරිගණකයම එක මෙනුවක් යටතට...

පහුගිය දවස් වල විභාග කටයුතු නිසාවෙන් සෑහෙන කාලෙකින් ජාල ගත වෙන්න ඉඩක් ලැබුන්නෑ. කාලෙකට පස්සෙ අද තමයි බ්ලොග් සටහනක් ලියන්න යතුරු පුවරුවට අත තිබ්බෙ.

මුළු රටම එක කොඩියක් යටතට ආපු ඒ ජයග්‍රහණයෙ උණුසුම තාමත් පහව ගිහින් නෑනෙ. ඉතිං මේ කියන්න හදන්නෙ මුළු රටම එක කොඩියක් යටතට ගත්ත වගේ මුළු පරිගණකයම එක මෙනුවක් යටතට ගන්න පුළුවන් විදියක් ගැන.

අපිට අපේ පරිගණකයෙ ‍drive එකක කොහේ හරි අස්සක මුල්ලක තියෙන file එකක් විවෘත කරගන්න අපි සාමාන්‍යයෙන් කරන්නෙ Start Menu එකේ හරි Desktop එකේ හරි තියෙන My Computer icon එක මත click කරලා, අපිට අවශ්‍ය file එක තියෙන drive එක මත double click කරලා, තව folders කීපයක් මතත් double click කරලා, අන්තිමේට අපිට අවශ්‍ය file එක මත double click කරලා ඒ file එක විවෘත කරගන්න එකනෙ. Control Panel වල තියෙන මොකක් හරි task එකක් විවෘත කරගන්නත් අපිට ඔන්න ඔය වගේ කීප සැරයකම double click කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි My Documents, Shared Documents වැනි folders තුල ඇති file එකක් විවෘත කරගන්නත් අපිට එහෙම කරන්න වෙනවා.

ඉතිං ඔය වගේ හත් අට පාරක් double click කර කර ඉන්නැතුව ඔය කියපු සෑම තැනකට එකම තැනකින් පිවිසෙන්න හැකි නම් අපූරුයි නේද? තවත් ටිකක් විස්තර කරලා කිව්වොත් හරියට Start Menu එකෙන් ගිහිල්ලා Program එකක් විවෘත කරගන්නවා වගේ පරිගණකයේ තියෙන ඕනෑම දෙයක් විවෘත කරගත හැකි නම් අපිට ගොඩක් පහසුවෙන් ඉක්මණින් අපේ වැඩ කරගන්න පුළුවන් වෙයි නේද?