SETT Browser සිංහල/දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය mBillionth South Asian Mobile Awards 2011 හී දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි ෴

ආයුබෝවන්! මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ තවත් එක් ජයග්‍රහණයක් ගැන නම් නෙමෙයි. මේ මගේ ජීවිතේ මෙතෙක් මා ලද සුවිශාලතම ජයග්‍රහණය. මේ වර්ෂය මුලදි මවිසින් නිර්මාණය කර එළිදැක්වූ SETT Browser for Android නම් සිංහල/දෙමළ ‍ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරය පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි හී පැවැත්වුනු mBillionth South Asian Mobile Awards 2011 නම් දකුණු ආසියානු සම්මාන උළලේදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනා. මේ ලිපිය ලියැවෙන්නෙ එම ලද ජයග්‍රහණය පිළිබඳව.


mBillionth 2011 ජයග්‍රාහී සම්මානය

ඉන්දියාවේ Digital Empowerment Foundation නම් පදනම මඟින් වාර්ශිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල සඳහා මෙවර රටවල් 7 කින් නාමයෝජනා 200 ක් ඉදිරිපත් වී තිබුණා. මේ අතුරින් 137 ක් ඉන්දියාවෙන්ද, 19 ක් ශ්‍රී ලංකාවෙන්ද, 16 ක් බංගලාදේශයෙන්ද, පකිස්ථානයෙන් සහ නේපාලයෙන් 6 බැගින්ද, ඇෆ්ගනිස්ථානයෙන් සහ භූතානයෙන් 1 බැගින්ද ලෙස ඉදිරිපත් වී තිබුණා.


මේ අතරින් අවසාන වටයට තේරී පත් වුනේ නාම යෝජනා 52 ක් පමණයි. එම 52 ට ඉන්දියාවෙන් 36 ක් සහ ශ්‍රී ලංකාවෙන් 6 ක් ඇතුලත් වුනා.


මෙම අවසාන 52 අතුරින් ජයග්‍රාහී සම්මානලාභීන් බවට පත් වුනේ නාමයෝජනා 32 ක් පමණයි. මෙම 32 අතර රැ‍ඳෙමින් mBillionth South Asian Mobile Awards 2011 සම්මාන උළෙලේ ජයග්‍රාහී සම්මානලාභියෙකු වන්නට මට හැකියාව ලැබුනා.

mBillionth 2011 ජයග්‍රාහී සම්මානය හිමිකරගත් මොහොත

SETT Browser සඳහා ජයග්‍රාහී සම්මානය නිවේදනය කළ වීඩියෝ පටය

mBillionth 2011 ජයග්‍රාහී සම්මානය සහ සහතිකය සමඟින්

mBillionth 2011 ජයග්‍රාහකයින් සියල්ල

ජයග්‍රාහී සම්මානය ලබාගත් පසුව මා විසින් කළ කෙටි කථනය ජාත්‍යන්තර සභාවක් හමුවේ මා විසින් කරන ලද ප්‍රථම කථනය වුනා. ඉතා කෙටි කථනයක් වුවත් එමඟින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නඟන්නට සුළුවෙන් හෝ මට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව නම් සෑහෙන්න සතුටුයි.


mBillionth 2011 ජයග්‍රාහී සම්මානය හිමිකරගැනීමෙන් පසු මා විසින් කළ කෙටි කථනය




m-Inclusion නම් කාණ්ඩය යටතේ SETT Browser සඳහා මා ජයග්‍රාහී සම්මානය හිමි කරගනිද්දී m-Infrastructure කාණ්ඩය යටතේ ශ්‍රි ලංකාවේ Etisalat ආයතනය Appzone සඳහාත්, m-Travel & Tourism කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ Mobitel ආයතනය MTicketing සඳහා ජයග්‍රාහී සම්මාන හිමි කරගත්තා.

අවසාන වටයට තේරුණු 52 අතුරින් ශ්‍රී ලංකාවේ Etisalat ආයතනය, Mobite ආයතනය සහ මම ජයග්‍රාහී සම්මාන හිමි කරගනිද්දී, ශ්‍රී ලංකාවේ තරිඳු දසනායක Word Puzzle සඳහා සහ ‍ෆාත්හි මොහොමඩ් Cheer your team සඳහා අවසන්වට (finalist) සම්මාන හිමි කරගත්තා.

mBillionth හි නිර්මාතෘ ඔසාමා මන්සාර් සහ ශ්‍රී ලංකාවෙන් mBillionth වෙත ගිය පිරිස

මෙම සම්මාන උළෙලට සමගාමීව එදින දවස පුරා පැවති mBillionth Innovation Haat නම් ප්‍රදර්ශනයේදී මාගේ SETT Browser නිර්මාණය පිළිබඳව ලොවටම කියන්නත් මවිසින් ආරම්භ කරන ලද Bhasha Language Services & Solutions ආයතනය නිළ වශයෙන් එළිදක්වන්නත් හැකියාව ලැබුණා.


mBillionth Innovation Haat හි මාගේ ප්‍රදර්ශන කුටිය


ඒ අතරවාරයේදී ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් ඉදිරියේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටින්නත් අවස්ථාවක් උදා වුනා. ඒ Mint නම් අන්තර්ජාල රූපවාහිනී නාලිකාව ඉදිරියේයි.

ප්‍රථම වරට ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවකින් මා හා සම්මුඛ සාකාච්ඡාවක් පැවැත්වූ නිවේදිකාව

ඉතිං මේ ලැබුණු ජාත්‍යන්තර සම්මානය මගේ ජීවිතේ ලොකුම ලොකු ජයග්‍රහණයක්. රටවල් 7 කින් ඉදිරිපත්වුනු නිර්මාණ 200 ක් අතුරින් ජයග්‍රාහී සම්මානයක් හිමි කරගැනීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සේවා සැපයුම් ආයතන දෙකක් වන Etisalat සහ Mobitel ආයතන වලට හිමි වුනු සම මට්ටමේ ජයග්‍රාහී සම්මානයක් හිමිකරගැනීමට හැකි වීමත් ගැන සෑහෙන්න සතුටුයි.


ඊටත් වඩා එදින සම්මාන උළෙලේදී ජයග්‍රාහී සම්මාන හිමි කරගත් ලාබාලතම ජයග්‍රාහකයා වන්නත් එකම කේවල ජයග්‍රාහකයා වන්නත් ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඉතිං මේ ජය සතුට සමරන මොහොතේ මගේ දිවි ගමනට අත්වැලක් වුන මගේ දෙමාපිය සොයුරු සොයුරි නෑ හිත මිතුරන් වගේම ඔබ හැමෝටමත් ඉත සිතින් මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි.

ඔබ සැමට ස්තූතියි!



.

SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි...

ආයුබෝවන්! ඉතිං ඔන්න පුංචි සුභ ආරංචියක් කියන්නයි යන්නෙ. SETTdeco ~ එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය පිළිබඳ මෙවර 2011 ජූනි මස විජය පරිගණක සඟරාවෙ 17 වෙනි පිටුවෙ අලුත් වෙබ් සේවා පිටුවෙ පළ වෙලා තියෙනවා. ඉතිං මේක අපි කාටත් සතුටුදායක ආරංචියක් නේද? ඔන්න බලාගන්නකො විජය පරිගණක සඟරාවෙ පළ වෙලා තියෙන විස්තරය.

SETT Browser for Android වීඩියෝ දර්ශන පෙළ නරඹන්න


ආයුබෝවන්! මීට ටික කලකට කලින් Android දුරකථන සඳහා නිර්මාණය වුනු SETT Browser නම් ජංගම ගවේශකය ගැන ඔබට මතක ඇති. ඒ නිර්මාණ කාර්යය ගැන ප්‍රශංසා කරමින් බොහොදෙනා ප්‍රතිචාර එක්කෙරුවත් හුඟ දෙනෙක් කණගාටු වුනා එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්නවත් නොහැකි වීම ගැන. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි හැමෝගාවම Android දුරකථන නැති නිසා. කොටින්ම කිව්වොත් මං ගාවවත් Android දුරකථනයක් නෑ.

SETT යුනිකේත විකේතකය: Updates - දැන් Internet Explorer සඳහාත් සහය දක්වයි!

ආයු‍බෝවන්! SETT යුනිකේත විකේතකය ගැන කව්රුත් දන්නවා ඇතිනෙ දැන්. (දන්නැත්තං මේ ලිපිය කියවන්න.) මේ විකේතකය එළිදක්වන මොහෙතෙ එය 100% ක් නිවැරදිව සිංහල පෙළ (text) පෙන්වුවෙ Firefox සහ Safari තුළ පමණයි. නමුත් ඔන්න දැන් මේ විකේතකය Internet Explorer වලත් සාර්ථකව වැඩ! 


~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ තෙවන වසරට පා තබයි . . . ෴



ආ‍යුබෝවන්! ඔන්න කියන්නත් සන්තෝසයි,  මගේ මේ හෙළ බ්ලොග් සටහනට අදට වසර දෙකක් සපිරෙනවා. ඉතිං මේ සටහන ලියැවෙන්නෙ අන්න ඒ දෙවර්ෂ පූර්ණය නි‍මිත්තෙන්. 

ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්...

ආයුබෝවන්! අද මං කියන්න යන්නෙ තවත් අපූරු නිර්මාණයක් පිළිබඳව. ප්‍රශ්නයක් අහලා ඉන්නද මුලින්ම? සිංහල බ්ලොග් ලියන අපිට තියෙන ලොකුම ගැටළුව මොකක්ද? ම්... අපි සිංහලෙන් බ්ලොග් ලිව්වට අපි ලියන ඒවා කියවන්න පුළුවන් අය, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණක තියෙන අය ලංකාවෙ තාම ඉන්නෙ ඉතා සීමීත පිරිසක් වීම, නේද? මොකද ලංකාවෙ බහුතර පරිගණක වල තාම තියෙන්නෙ පෙරනිමි සිංහල සහය නොමැති Windows XP මෙහෙයුම් පද්ධතිය. ඉතිං සිංහල යුනිකෝඩ් ගැන කිසිම දෙයක් නොදන්න (දන්න අය ඉන්නෙ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්) සහ දැනගත්තත් එය ස්ථාපනය කරගන්නට ඕනෑකමක් නැති, ‍අති බහුතර ශ්‍රී ලාංකීක සිංහලයන්ට අපි මේ සිංහලෙන් ලියන කියන දේ කියවීමේ හැකියාවක් නෑ. SETT Unicode Decoder, එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය ගැටළුවට පිළියමක් වශයෙන්. (Update: නව නාමය: SETTdeco)

කොහොමද ඔබේ සිංහල බ්ලොග් අඩවිය නැත්නම් වෙබ් අඩවිය, සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි වුනොත් ?

eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7)


ආයුබෝවන්! ඉතිං කොහොමද? කාලෙකට පස්සෙ නේද?  කොහොමහරි ඉතිං ඔන්න ආ‍යෙමත් eBay ගැන කුප්පියක් දාන්න වෙලාවක් හොයාගත්තා. ඊට කලින් ඉතිං අලුත් අලුත් තොරතුරු ටිකකුත් කියලා ඉන්න එපැයි නේද? 

ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය!


ආ‍යුබෝවන්! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දෙ මගේ මුල්ම බ්ලොග් සටහනින් ඔබ සැමට මං තිළිණ කරන්න හදන්නෙ අපූරු පුංචි තෑග්ගක්. ඒ තමයි මගේ පරිගණක මැවිසුරු උපාධියේ තෙවන වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා නිර්මාණය කළ SETT Browser නම් ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය.





මොකද්ද මේ SETT Browser කියන්නෙ? ඒ ගැන කියන්න කලින් මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.

ඔබ කවදහරි දවසක ඔබේ ජංගම දුරකථනයෙ Web Browser එකෙන් සිංහල බ්ලොග් සටහනකට හෝ වෙනත් මොනයම් හෝ සිංහල වෙබ් අඩවියක් වෙත පිවිසිලා තියෙනවද? සිංහල බ්ලොග් කියවන පාඨකයින් ලෙස ඔබ අනිවාර්යෙන් එසේ කරන්න උත්සාහ කරලා ඇති. නමුත් එලෙස පිවිසි ඔබට දැකගන්න ලැබුනෙ ‍මොනාද? වෙබ් පිටුව පුරාම ඇති කොටු කොටු ටිකක් විතරයි නේද? බලන්න මේ පින්තූරෙ දිහා.

මල් පිට මල් - Dhanika Perera අනුවාදය "යාත්‍රා 2010" යෙන්...

දන්නවනෙ ඉතිං මගේ බ්ලොග් සටහනින් මම දැනුම බෙදාගන්නවට අමතරව ඉඳලා හිටලා ඔයාලට මං ගයපු ගීත එහෙමත් රසවිඳින්න දෙනවා කියලා. සමහර විට මතකත් ඇති මීට කලිනුත් මම මේ ගීතයෙම කලින් ගයපු අවම සංගීතය සහිත පටිගත කිරීමක් පළ කළා. නමුත් අද මේ ඔබට මම රසවිඳින්න දෙන්නෙ ප්‍රසංග වේදිකාව තුළ සම්පූර්ණ සංගීතය සමඟින් ගැයුනු එම ගීතයේ ඉහල ගුණාත්මයෙන් පටිගත කරපු වීඩියෝවක්.

eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6)


කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හි‍ටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා.

eBay ගැන ලියන්න පටන් අරං දැන් මාස 9 කුත් ගතවුනා. කාලෙ යන ඉක්මණ නේද? දැනුනෙවත් නෑ. ඉතිං කොහොමහරි ඒත් අර ඒ දවස් වල ලියපු ලිපි වලට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් ඉතිං හරිම සතුටුයි.  මේ මෑතක් වෙනකල්ම මේ බ්ලොග් සටහනේ වැඩිම ප්‍රතිචාර ගණනකට හිමිකම් කිව්වෙ අර ඇක ජීවිතාන්දරේ ගැන ලියපු ලිපිය. ඔන්න මේ ළඟදි දවසක බැලින්නම් අපේ eBay කුප්පි #3 යි, eBay කුප්පි #5 යි දෙකම ඒ ලිපිය පහුකරලා උඩටම ඇවිත්. ඒත් එක්කම පහුගිය දවස් වල මේ බ්ලොග් සටහනේ Followers ලා සංඛ්‍යාවත් 200 පසුකළා. කියන්න ඕනෙ නෑනෙ ඉතිං කොයිතරම් සතුටුද කියලා. ඉතිං ඒ ප්‍රතිචාර එක් කරන, Follow කරන පාඨක ඔබ හැමොන්ටම ගොඩක් ස්තූතියි! ඔබ සමඟ මේ දැනුම බෙදා ගැනීමෙන් මං ලබන එකම සතුට ඉතිං ඕක තමයි.

මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය එළිදැක්වේ! | Manavaya.lk ~ Sinhala Bio-Wiki Site is launched!



පසුගියදා මොරටුව සරසවියේදී පැවැත්වුනු EXMO 2010 මැවිසුරු ප්‍රදර්ශනයේදී මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය (http://www.manavaya.lk) සාර්ථකව එළිදැක්වුනා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අති විශාල ජනකායගෙන් බොහෝදෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්, ගුරුවර ගුරුවරි‍යන්ගෙන් වගේම බොහෝ වැඩිහිටියන්ගෙන් මෙම අඩවිය සඳහා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතිං මේ ලිපිය ලියැවෙන්නෙ මෙලෙස පසුගියදා එළිදැක්වුනු මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය පිළිබඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නට නොහැකි වුනු ඔබ සැමව දැනුවත් කරන්නයි.



මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5)


ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ වැරදිලාවත් අප වෙත නොලැබෙයි සහ අපි order කරන භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් අප වෙත ලැබෙයි කියන බිය නිසා තාමත් eBay ‍ගණුදෙනු පටන් ගන්න පසුබට වෙන අයත් ගොඩදෙනෙක් ඉන්නවා. ඉතිං ඔක්කොටම කලින් මේ බොරු බිය නැති කරන්න ඕන නිසයි අද මේ පිළිබඳව ලියන්න හිතුවෙ.