සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX - නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගය
දැනෙන්නෙ පුදුම සතුටක්!
මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.
දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.
ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් [Sinhala Unicode enabled portable firefox] ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ Firefox 3.5 වෙළුමක් ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.
මොකද්ද මේ මහා පෙරළිය ?











